(විමුක්ති එස් රුද්‍රිගු)
ඉකුත් වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 1.6 ක පසුබැසීමකට ලක්වී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
උද්ධමනය,රුපියල අවප්‍රමාණය වීම,ඩොලර් හිඟය,විදෙස් ප්‍රේෂණ හා සංචාරක ආදායම් අවම වීම වැනි සාධක වල ප්‍රබල බලපෑම හේතුවෙන් මෙම කාර්තුව තුළදී ශ්‍රී ලංකාව ඉහල ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමට අපොහොසත් වූ බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
පළමු කාර්තුව තුළ පැවති රසායනික පොහොර හිඟය කෘෂිකාර්මික කටයුතුවලට එල්ල කළ බලපෑම හේතුවෙන් කෘෂි කාර්මික කටයුතු වල පැහැදිලි පසුබෑමක් පෙන්නුම් කළ අතර 2015 සිට මේ දක්වා පළමු කාර්තුව සඳහා කෘෂි කාර්මික ආර්ථික කටයුතු වල වාර්තා වූ ඉහලම පසුබෑමද මෙම කාර්තුව තුළ වාර්තා වූ බව පැවැසෙයි.
ඉන්ධන ආනයනයට මතුවූ විවිධ බාධා හේතුවෙන් කාර්මික අංශයද සෘණ ආර්ථික වර්ධනයක් වාර්තා කර ඇත.කෙසේ නමුත් සේවා අංශය 2021 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මෙම කාර්තුව තුල ඉතා සුළු ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමට සමත් වූ බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ස්ථාවර මිල(2015)ට අනුව ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 2021 වසරේ පළමුවෙනි කාර්තුවේදී රුපියල් මිලියන 3,519,921 ක් ලෙස වාර්තා වී පැවති අතර මෙම වසරේ පළමු කාර්තුවේදී මෙම අගය රුපියල් මිලියන 3,463,101 ක් දක්වා අඩු වී ඇත.එය ප්‍රතිශතයක් ලෙස සියයට 1.6 ක පසුබැසීමකි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ආර්ථික වර්ධන වේගය බහී