IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


ගුවන්යානා ඉන්ධන ගෙන්වීම පෞද්ගලික අංශයට

(සුජිත් හේවාජුලිගේ )

ගුවන්යානා ඉන්ධන ගෙන්වීම සඳහා  පෞද්ගලික අංශයට අවසරදීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

ඇමැතිවරයා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ  විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට   ගුවන්යානා ඉන්ධන සැපයීම  දුෂ්කරවීම සැලකිල්ලට ගෙනය.

ශ්‍රී ලංකාවට පැමිණෙන  ගුවන් යානා සඳහා ගුවන් යානා ඉන්ධන  ලබාගැනීමේදී මතුවී ඇති දැඩි අර්බුදය සම්බන්ධයෙන් ගුවන් සේවා සමාගම්හි නියෝජිතයන් හා ලංකාවේ  ඉන්ධන තොග ගබඩාකරුවන් සමඟ  අමාත්‍යාංශයේදී  පසුගිය 24 වැනිදා පැවැත්වූ   සාකච්ඡාවකින් පසු  තමා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ  ගුවන් යානා ඉන්ධන ගබඩාකරණය දුර්වලවීම නිසා මේ වනවිටත් සමහර ගුවන් සමාගම් සිය ගුවන් යානා  ශ්‍රී ලංකාවට පියාසර කිරීම අඩු කර ඇතැයි ගුවන් සමාගම් නියෝජිතයෝ  මෙහිදී පෙන්වා දුන්හ.

මෙරටට ගුවන් යානා ඉන්ධන ගෙන්වීමේ ඒකාධිකාරය ඇත්තේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට බවත්, ගුවන් යානා ඉන්ධන ගෙන්වීමට, ගබඩා කිරීමට සහ අලෙවියට තම ආයතනවලට අවසර දෙන්නේ නම් එය ඉටු කිරීමට  හැකියාව ඇති බවත්  ඉන්ධන තොග ගබඩා කරුවන්  මෙහිදී සඳහන් කර ඇත.

ගුවන් යානා පැමිණීම  විනිමය අර්බුදය හමුවේ තවදුරටත් අඩු වුවහොත් මෙරට සංචාරක කර්මාන්තය,අපනයනය,විදෙස් ආයෝජන  මෙන්ම ශ්‍රී ලංකාවෙන් විදේශ රැකියා සඳහා යන අයට එය තදින්ම බලපාන බැවින් පවතින නීතිරීති සංශෝධනය කර හෝ මෙම අවස්ථාව  ජයගත යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම පනත් සංශෝධනය කිරීමට කාලයක් ගත වන හෙයින් එතෙක් කෙටි කාලයකට රජයේ  ප්‍රතිපත්තිමය තීරණයක් ලෙස, අමාත්‍ය මණ්ඩලයේද   අනුමැතිය යටතේ පෞද්ගලික අංශයේ ඉන්ධන තොග ගබඩා කරුවන්ට ඉන්ධන ආනයනය කිරීමේ  අවස්ථාව ලබාදීමට   අමාත්‍යවරයා තීරණය කර ඇත.

මෙම කටයුත්තට උපරිම සහායදීමට ගුවන් සේවා අධිකාරියටද ගුවන් සේවා සමාගමටද අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන් අතර රේගුව,ඛණිජ තෙල් සංස්ථාව ඇතුළු සෙසු ආයතනද  ඊට සහය ලබාදිය යුතු බවට මෙම කැබිනට් පත්‍රිකාවෙන් විධිවිධාන සලසා ඇතැයි  අමාත්‍යවරයා මෙහිදී ඉන්ධන තොග ගබඩාකරුවන්ට පෙන්වා දුන්නේය.

කටුනායක ගුවන් තොටුපොළ දෙවන පර්යන්තය ඉදි කිරීමේ නිරත ටායිසෙයි සමාගමද ඉන්ධන  ලබා ගැනීමේ අර්බුදයට මුහුණ දී සිටින බැවින්,ඔවුන්ටද  ඉන්ධන  ලබාදීමට සහය වන ලෙස අමාත්‍යවරයා ඉන්ධන  තොග ගබඩාකරුවන් ගෙන්  මෙහිදී  ඉල්ලා සිටියේය.

මෙම සාකච්ඡාවට අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී. එච් රුවන්චන්ද්‍ර ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි ,සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් තේමිය අබේවික්‍රම , ඉන්ධන තොග ගබඩාකරුවන්ගේ නියෝජිතයන්  එමිරේට්ස්,ශ්‍රී ලංකන්,ගුවන් සමාගම්වල නියෝජිතයන්ද ඛණිජ තෙල් සංස්ථාවේ නිලධාරින්  ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.



අදහස් (1)

ගුවන්යානා ඉන්ධන ගෙන්වීම පෞද්ගලික අංශයට

Sam Wednesday, 29 June 2022 04:35 PM

අවුරුදු 30 ක යුද්ධයක් ඉවරවෙලා තවත් අවුරුදු 12 ක් ගියතැන තමයි ප්‍රශ්න පිට ප්‍රශ්න එන්න ගත්තේ... කෙසේ හෝ වේවා හදිසි සේවා සැලසුම් කියන ඒවා දැන් අපේ පරිපාලයෙන් සේදී ගිහින් අවසන් වෙලා. නැත්නම් තෙල් ටැංකි හිස්වෙලා ගියාට පස්සෙනේ සියල්ලන්ම තීරණයක් ගන්නවෙලා තියෙන්නේ අපිට ඉන්ධන නැති නිසා ඒවා වෙනත් තෙල් ගෙනඑන්න පුළුවන් සමාගම් වෙතට පවරන්න කියලා. ලෝකයේ ඉතාම නොදියුණු රජයන් තමයි ඉන්ධන ගෙන්වා තම රජයන් විසින්ම බෙදා හැරීම් කරන්නේ... මෙවැනි රාජ්‍යයන් තෙල් සමාගම්වලට නොදී ඒකාධිකාරයක් තමන් විසින්ම කරන්නේ ඒ අයගේ පැවැත්ම සහ ආණ්ඩුවේ ලාභ උපයන්නේ නැති සමාගම්වල වියදමට ඉන්ධන ණයට දීමෙන් එවැනි ආයතන දුව වන්නයි කියලයි මට නම් හිතෙන්නේ... නැත්නම් තෙල්මිල වැඩි වෙනකොට සහ USD එක ඉහළ යනකොටවත් පරිපාලනයේ සිටින ඉහළ උදවියට තේරුම් යන්නේ නැත්ද මෙය දරා ගන්න බැරි USD සංසරණයක් අවශ්‍ය වෙනවා කියලා. ඒ නිසා ටිකින්ටික ඉන්ධන උපයන සහ වෙළඳාම් කරන සමාගම්වලට නැවතත් එන්න කියලා කොටස් වශයෙන් බෙදාගෙන ඉන්ධන ප්‍රශ්නය විසඳාගන්න තිබුණා නේද? මීට කලින්... අපේ රටේ මෙවැනි කිසිම උපාය මාර්ගයක් පහුගිය අවුරුදු 30 ට 40 කටවත් නැති වුනේ කෙසේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site