IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


එක් දින පාස්පෝට් සේවය තවත් දිස්ත්‍රික්ක තුනකින්

(ඩයනා උදයංගනී)

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව ලබන සඳුදා (4) සිට තවත් දිස්ත්‍රික්ක තුනක දී ලබාගත හැකිබව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පැවසීය.

ඒ අනුව මාතර, මහනුවර සහ වව්නියාව යන නගරවල පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලවලින් ලබන සඳුදා සිට එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලාංකිකයින් සමග විවාහ වූ විදේශිකයින්ට මෙරටදී මෙතෙක් ලැබුණු වසරක වීසා කාලය වසර 5 දක්වා දීර්ඝ කරන බව ද ධම්මික පෙරේරා මහතා කීවේය.

ආයෝජන ප්‍රවර්ධන ගරු අමාත්‍ය ධම්මික පෙරේරා මහතා අද (29) ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අතර, එහි සේවය ලබා ගැනීමට පැමිණෙන මහජනතාව මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා මෙම පියවර ගන්නා බව ද පැවසීය.

විදෙස් රැකියා සඳහා යාමට ලියකියවිලි සම්පූර්ණ කරගෙන ඇති පුද්ගලයින්ට කඩිනමින් විදෙස් ගමන් බලපත්‍ර ලබාදීමට බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ වෙනම කවුන්ටරයක් විවෘත කරන බව ද අමාත්‍ය ධම්මික පෙරේරා මහතා කීවේය.

ඒ අනුව අදාළ ලේඛන ඇති අයට සාමාන්‍ය පෝලිමෙහි නොසිට මෙම විශේෂ කවුන්ටරයට ගොස් ඉක්මනින් විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේය.

විදෙස් ගමන් බලපත්‍ර සඳහා අනුමත ඡායාරූප ශාලාවලින් ලබාගන්නා ඡායාරූප ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට යොමු කිරීමේදී උද්ගත වී ඇති ගැටලුවට දිගු කාලීන විසඳුමක් සොයාගන්නා තෙක් තම පුද්ගලික මුදලින් රුපියල් ලක්ෂ 9ක් වැයකර එම දෙපාර්තමේන්තුව වෙත කුලී පදනම මත ඡායාරූප යොමුකිරීමේ දත්ත පද්ධතියක් (ිැරඩැර) ලබාදීමට ද ඇමතිවරයා පියවර ගෙන ඇත.

මෙරටට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව ලබන සඳුදා (4) සිට ට්විටර් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ දිනපතා ප්‍රකාශ කළ යුතු බවත්, ඒ අනුව පෙර දින පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලබන සඳුදා සිට සෑම දිනකම උදෑසන 9.00 ට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනය කෙරනු ඇති බවත් ඇමතිවරයා කීය.

ධම්මික පෙරේරා මහතා අමාත්‍යධුරයට පත්වීමට පෙර රජයට යෝජනා කළ ”ස්වර්ණමය පාරාදීසය” වීසා වැඩසටහන ඔස්සේ මෙරටට විදේශ විනිමය ගෙන්වා ගැනීම තවමත් ප්‍රමාද වෙමින් පවතින බව කී ඇමතිවරයා එම මුදල් තැන්පතු භාරගැනීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව විසින් වාණිජ බැංකුවලට තවමත් අනුමැතිය ලබා නොදීම ඊට හේතුවී ඇතැයි කීය.

මේ සම්බන්ධයෙන් මහබැංකු නිලධාරීන් සමග සාකච්ඡා කර කඩිනමින් විසඳුමක් ලබාදීමට ක්‍රියාකරන බව ධම්මික පෙරේරා මහතා සඳහන් කළේය. 



අදහස් (3)

එක් දින පාස්පෝට් සේවය තවත් දිස්ත්‍රික්ක තුනකින්

perera Wednesday, 29 June 2022 05:18 PM

අපි ඔබගේ උත්සාහය අගයන්නෙමු...

:       7       58

LASANTHA Thursday, 30 June 2022 10:47 AM

ඉතාමත් හොඳ වැඩක්...

:       0       4

Amila Ariyarathna Saturday, 02 July 2022 03:29 PM

නියම වැඩක්... මීට කලින් කරන්න තිබුණු වැඩක්. දැන් හරි කළාට ස්තූතියි.. ධම්මික පෙරේරා මැතිතුමනි...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 302 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 77 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 254 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site