IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


ආර්ථික මධ්‍යස්ථානවල එළව‍‍ළු ගොඩගැසේ

(අංජුල මහික වීරරත්න, ධර්ම කීර්ති, මොහොමඩ් ආසික්, කාංචන කුමාර ආරියදාස, කේ.ආර් රාජමන්ත්‍රී)

ඉන්ධන අර්බුදය  නිසා දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන වල වෙළෙඳාම් ද දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බව දැකගත හැකි විය.

කොළඹින් පිට ආර්ථික මධ්‍යස්ථාන වලින් එළවළු මිල දී ගැනීම සඳහා ලොරිවල පැමිණීම 90% කින් පමණ අඩු වී තිබෙන බව වාර්තා විය.

කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයට අද (29)  ලැබුණු එළවළු  ප්‍රමාණය සියයට 90 කින් ම අඩු වී ඇති බව කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළෙඳ සංගමය පවසයි.

තොග වෙළෙඳ සංගමය සභාපති ඩී.එන් සිල්වා මහතා පැවසූයේ ඉන්ධන අර්බුදය නිසා ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ලැබීම ශීඝ්‍රයෙන් අඩු වී ඇති අතර මිලදී ගැනීමට ව්‍යාපාරිකයන්ද නොපැමිණෙන බවයි.

කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයට ඊයේ  ලැබුනේ එළවළු කිලෝ පනස් දහසක් පමණක් බවත් එය සාමාන්‍ය මට්ටමින් 90% ක අඩුවීමක් බවත් තොග වෙළෙඳ සංගමයේ සභාපතිවරයා කීය.

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට එළවලු මිල දී ගැනීම සඳහා ඉකුත් ජනවාරියේ ලොරි 1000ක් හෝ 1,500ක් දිනපතා පැමිණි නමුත් දැන් පැමිණෙන්නේ ලොරි දෙසීයක් පමණක් බව එම ආර්ථික මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් පැවසීය.

සාමාන්‍යයෙන් තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්ෂ හත අටක් ලැබෙන නමුත් දැන් ලැබෙන්නේ කිලෝ ලක්ෂයක් හෝ එක් ලක්ෂ විසි පන්දහසක් පමණක් බවද කියති.

තඹුත්තේගම ආර්ථික  මධ්‍යස්ථානයට ගොවීන් ගෙන එන එළවළු වලින් ඉතිරි වන එළවළු අලින්ට කෑම සඳහා  තඹුත්තේගම ඔරුගලයාය රක්ෂිතයට ගෙන ගොස් දමන බව ගොවීහු පවසති.

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ අද (29) එළවළු කිහිපයක කිලෝවක මිල ගණන් සටහන් වූයේ මෙසේය.

ලීක්ස් 200- 250 /කැරට්  200 -220 ගෝවා 240- 260 තක්කාලි100-120 වම්බටු 220-250 ,වැටකොලු 80-110, වට්ටක්කා 200-250 මාළු මිරිස් 350 -380,අමුමිරිස් 400-450 අලු කෙසෙල් -80-90 ඇඹුල් කෙසෙල්20-40, සීනි කෙසෙල් 40-45 ,කෝලිකුට්ටු 170 180 වශයෙනි.

ගල්ගමුවේ මැදගම උපාධිධාරී ගොවියකු ලංකාදීපයට අදහස් දක්වමින් සඳහන් කළේ තමා කාබනික පොහොර යොදා ඉතා අසීරුවෙන් වගා කරගත් අමුමිරිස්, කැකිරි ,බණ්ඩක්කා සහ කොමඩු අස්වැන්න ආර්ථික මධ්‍යස්ථානයට ප්‍රවාහනය කර ගන්නට නොහැකිව දැඩි අසීරුතාවයකට ලක්ව සිටින බවයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එන පිටස්තර වෙළෙඳුන් ගේ අඩුවීම නිසා ලැබුණු එළවළු අලෙවි කර ගැනීමට නොහැකිව මිල ශීඝ්‍රයෙන් පහත වැටී  ඇතැයි ගොවීහු පවසති.

පසුගිය සතියේ ඉහළ මිල ගණන් යටතේ අලෙවි වූ සෑම එළවළුවක්ම විශාල වශයෙන් මිල පහත වැටී අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයකට තත්ත්වයකට පත්ව ඇතැයි ඔවුහු පවසති.

ඊයේ දිනයේ දී යාපනයෙන් ද විශාල වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන විත් තිබූ අතර එම ගොවීන් සඳහන් කළේ පොහොර නොමැතිව වැඩි වියදමක් දරමින් අසීරු තත්ත්වයන් යටතේ වගා කටයුතු කොට අමාරුවෙන් ඉන්ධන ටිකක් සොයාගෙන අස්වැන්න රැගෙන ආවද ඒවා අලෙවි කර ගැනීමට කිසිදු ක්‍රමවේදයක් නැති බවයි.

පලතුරු වර්ග රැසක් ද ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවි නොවී ගොඩගසා ඇති අයුරු දැකගත හැකි විය.බොහෝ ගොවීන් තම එළවළු ගෝනි උඩ වාඩිවී කර කියා ගන්නට දෙයක් නොමැතිව සිටින අයුරුද දැකගත හැකි විය.

කැප්පිටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ ද වෙළඳුන් ගේ පැමිණීම සියයට 50% කින් අඩු වී ඇති බව එම මධ්‍යස්ථානය පවසයි.

කැප්පිටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිහිපයක  කිලෝව අද (29 )අලෙවි වූ මිල ගණන් මෙසේය.

බෝංචි 250-260,බීට් 170 -220,වම්බටු200- 250, ගෝවා 150-200,අතුගෝවා 110-130 මාළු මිරිස් 450-500, කැරට් 120-180, පිපිඤ්ඤා 120- 130 අමුමිරිස් 450-500 නෝකෝල් 150- 160, ලීක්ස් 130- 140 අර්තාපල් 300-330,රාබු 50-70 තක්කාලි  75 -100 වශයෙනි.

(ඡායාරූප: කාංචන කුමාර ආරියදාස)



අදහස් (0)

ආර්ථික මධ්‍යස්ථානවල එළව‍‍ළු ගොඩගැසේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site