(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ ඉන්ධනහලින් ලබා දුන් ටෝකන්වලට ඉන්ධන නිකුත් කරමින් සිටින අතරතුර පොලිසිය පෞද්ගලික යතුරු පැදිවලට සහ රාජකාරී යතුරු පැදිවලට ඉන්ධන ලබාගැනීමට පැමිණීමත් සමග ටෝකන් ලබාගත් පිරිස ඊට දැඩි විරෝධයක් එල්ල කළහ.
දින 5ක් තිස්සේ මෙම පිරිස පෝලිම්වල රැඳී සිට ඇතැයි ද පැවැසෙයි.
බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් දස දෙනකු පමණ සිය පෞද්ගලික යතුරුපැදි ,සහ රාජකාරි යතුරුපැදි රැගෙන ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණ ඇත. ඒ අවස්ථාවේ ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල විය.
අනතුරුව ස්ථානාධිපතිවරයා පැමිණ පිරිසට කරුණු පහදා දීමට උත්සාහ කිරීමේදී ඔහුට ද විරෝධය එල්ල කළහ.
අනතුරුව පාරිභෝගිකයන්ට ලබා දෙන ඉන්ධන ප්‍රමාණයම පොලිසියේ පෞද්ගලික යතුරු සඳහා ලබාදීමට එකඟතාවය මත විරෝධය අවසන් කෙරිණි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඉන්ධන ගන්න ටෝකන් එකට පිටින් ආ පොලිසියට විරෝධයක්
Sahara perera Wednesday, 29 June 2022 02:43 PM
පොලිසියේ රාජකාරි කරන අයට තෙල් අවශ්‍යමයි... සහ ඉස්පිරිතාල ජොබ් කරන අයට අයට... නැති නම් අත්‍යාවශ්‍ය සේවා කොහොමද කරන්නේ..?