(නිමල කොඩිතුවක්කු)
රට තුළ දැවැන්ත අර්බුධයක් පවතින සමයක එම අර්බුධයට මුවා වී රටේ වටිනා සම්පතක් වන තෙල් පිරිපහදුව විදෙස් රටවලට විකිණිමට රාජපක්ෂ පවුල ප්‍රමුඛ රජය ගන්නා වූ උත්සාහය තරයේ හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
එයට සම්බන්ධ සියලුම අමාත්‍යවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන් සමගි ජන බලවේග රජයක් යටතේ නීතිය හමුවට ගෙන විත් දඩුවම් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
තෙල් පිරිපහදුව අංග සම්පූර්ණව ක්‍රියාත්මක කිරීම තුළ 100%ක් භූමිතෙල් අවශ්‍යතාව ද 50%ක් ගුවන් යානා තෙල්,100% නැක්ටා අවශතාවද, ඩීසල් 30%ක්, පෙට්‍රල් 14%ක්, ගෑස් 8%ක්, දැවිතෙල් 75-100% අතර ලබා දිය හැකි බවත් ඔහු සදහන් කළේය.
අදූරදර්ශී අකාර්යක්ෂම රාජ්‍ය පාලනය මේ ජාතික සම්පත කුණු කොල්ලයට වෙන්දේසි කරන්න හදන බවත් පැවසූ විපක්ෂනායකවරයා රාජ්‍ය සතුව තිබෙන වටිනා ආයතන කුණු කොල්ලයට විකුනන්නෙ නම් ඒ සඳහා පක්ෂ පාට භේදයකින් තොරව එකාවන්ව එකතු විය යුතු බවත් සදහන් කළේය.
වෘත්තීය සමිති නියෝජිත පිරිසක් සමඟ කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති හමුවකදී ඔහු මේ බව පැවසීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඛණිජ තෙල් පිරිපහදුව විකුණන්න දෙන්නේ නෑ
Lalith M Wednesday, 29 June 2022 05:12 PM
ඕවා පරණ යකඩ... වෘත්තීය සමිතිවල ග්‍රහණයට යටවූ පාඩු ලබන පුද්ගලික අංශයේ බදුවලින් යැපෙන සුදුඅලි... පෞද්ගලික අංශයට බාරදෙන්න. රටට බරක් නැතිව සේවය ලැබෙනවා. පින්පඩිකාර නිකමුන් වාෂ්ප වෙලා යයි.
chandima Wednesday, 29 June 2022 06:01 PM
අන්න හරි.. ඔය බෝඩ් එකවත් අල්ලගෙන පාරටවෙලා ඉන්න. කිය කිය හරි දාලා යයි.
Mr Don Wednesday, 29 June 2022 08:04 PM
කට විතරයි... පණ නැති විපක්ෂයක්...!
ජයලත් Thursday, 30 June 2022 06:10 AM
ඔය මගුල තිබුණා කියලා මොකටද?
ananda Thursday, 30 June 2022 07:02 AM
මේවා දැන් ඇත්තේ වෘත්තීය සමිතිකාරයින්ගේ ග්‍රහණයේ.! සේවකයින් වැටුප් ලබන සේවකයින් පමණක් බව ඔවුන්ට අමතක වී තිබෙනවා. තීරණ ගන්නේ රජයයි. සේවකයින්ට ඇත්තේ වැඩ කිරීමට පමණි. මුළු රටටම ඛනිජ තෙල් සැපයුමක් ලබා දියහැකි කටාර් සමාගමට මෙය ලබා දෙනවා නම් හොඳයි. රජයට ඇත්තේ බදු මුදලින් රාජ්‍ය ආදායම් තරකර ගැනීමටයි.
Saththaya Thursday, 30 June 2022 08:33 AM
දැන් බොරු සෝබන දාලා වැඩක් නැහැ. මෙච්චර හරියක් රටට වෙනකල් කොහෙද හිටියේ? දක්ෂයෙක් නම් මොනවා හරි වෙද්දීම දැන ගන්න ඕනෑ. වෙන්න ඉස්සෙල්ලා නතර වෙන්න ඕනෑ. ඒකයි මේ අලුත් මතය, 225 එපා ඔයත් සමග... පුස්සෝ, දුෂිතයෝ දැන් එනවා බොරුවට බලය ලබා ගන්න...
Bamunuarachchi Thursday, 30 June 2022 08:45 AM
ඔව් ඔව් විකුණන්න දෙන්න එපා. අනුරට කලින් ඔබ ඕක දැනගත්තේ කොහොමද?
kuma Thursday, 30 June 2022 09:56 AM
ලංකාවේ වෘත්තීය සමිති සම්පූර්ණයෙන් තහනම් කළ යුතුයි. ඔවුන් ඉන්නකන් ආයතන බංකොළොත් කුමා...!
Bravo Thursday, 30 June 2022 10:42 AM
මට මේ කියන කිසි දෙයක් තේරෙන්නේ නැහැ.
John Darrell Thursday, 30 June 2022 11:33 AM
ඛනිජ තෙල් පිරිපහදුව අපට නඩත්තු කළ නොහැකි නම්, එය විකුණනවා නම් අවුලක් නැත. එය මිලදී ගන්නා අයෙකුවත් එය නිසියාකාරව අඑත්වැඩියා කරලා අපට අවශ්‍ය තෙල්ටික ලබාදෙනවා.. නම් වෙන මොනවද විපක්ෂ නායකතුමනි, ඔබ හැමදේටම විරුද්ධ වෙලා වැඩක් නැහැ. මේ අවස්ථාවේදී රට වැටිලා ඉන්න මේ තත්ත්වයෙන් රට ගොඩගන්න පුළුවන් හොඳ වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න රජයට සහ එය නංවලා ජනතාව ඔබට ආකර්ශන වෙන විදියට වැඩ කරන්න හොඳම අවස්ථාව බව මතක තියාගන්න..