
(යොහාන් භාසුර සහ ඩයනා උදයංගනී)
දුම්රිය රැසක් ඊයේ (28) පස්වරුවේ සිට අවලංගු කිරීමෙන් මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.
දුම්රිය රැසක් අද පෙරවරුවේ අවලංගු කිරීමෙන් පෞද්ගලික අංශයේ සේවයට පැමිණෙන ජනතාව දැඩි අපහසුතාවට පත්වූ අතර කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් මඩකළපුව සහ කන්කසන්තුරේ ආදි ප්‍රදේශ රැසකට ධාවනය කරන දුරගමන් සේවා දුම්රිය රැසක් ද අවලංගු කිරීමෙන් කලින් ප්‍රවේශපත් වෙන්කරගත් මගීන් ඇතුළු මගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.
මේ දිනවල පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් බස් රථ ධාවනය අඩුවීමත්, පෞද්ගලික වාහනවලට ඉන්ධන නිකුත් නොකිරීමත් හේතුවෙන් දුම්රියේ ගමන් කරන මගීන් සංඛ්‍යාව ද විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර, ධාවනය වීමට නියමිත දුම්රියද අවලංගුවීම නිසා ධාවනය වූ දුම්රියවල මගීන්ට ගමන් කිරීමට සිදුවූයේ දුෂ්කරතා මධ්‍යයේය.
ඇතැම් මගීන් දුම්රිය පාපුවරුවේ මෙන්ම වහලය මත ද නැගී ඉතා අවදානම් අයුරින් ගමන් කළහ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ඊයේ රාත්‍රී 9.45 ට පොල්ගහවෙළ දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය හදිසියේ අවලංගු කිරීමෙන් අපහසුතාවට පත් ජනතාව කොටුව දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලයට විරෝධය දැක්වූ බව ද වාර්තා වේ.
(ඡායාරූප: ඩයනා උදයංගනී)


2025 නොවැම්බර් මස 04
514
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දුම්රිය අවලංගු කිරීමෙන් ජනතාව අපහසුතාවට
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 29 June 2022 02:13 PM
ඊයේ ප්‍රවෘත්ති වලින් පැවසුනේ,ප්‍රමාණවත් දුම්රිය යොදවන බවයි. ඒත් දැන් වැඩ කටයුතු කෙරෙන්නේ මෙහෙමයි. පව් අහිංසක මගීන් අමාරුවේ....
ජයන්ත,ජපානය Wednesday, 29 June 2022 02:40 PM
මේවා දැක්කාම හිනාවෙලා පනයනවා...