(යොහාන් භාසුර)

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර හෙට (29) ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වටා ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සිලින්ඩර තබාගෙන ජනතාව අද (28) දිනයේ ද පෝලිමේ රැදී සිටියහ.

මෙම පෝලිම් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහ තරග නැරඹීමට පැමිණ සිටින ඕස්ට්‍රේලියානු ජාතිකයන්ට නුහුරු නුපුරුදු තත්වයක් වීම නිසා ඔවුහූ ඒ පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් ඇතුළු ශ්‍රී ලාංකිකයන්ගෙන් විමසති.  

ගෑස් පාරිභෝගිකයන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වටා ගෑස් සිලින්ඩර තබාගෙන පෝලිමේ රැදී සිටින ආකාරය ඡායාරූපයේ දැක්වේ.
(ඡායාරූපය: හිමත් මතීෂ)