(පුෂ්පකුමාර ජයරත්න)
පෝලිම්වල නොසිට ඉන්ධන ක්‍රමානුකූලව ලබා දීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කළ ටෝකන් පත් ක්‍රමය කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිසියාකාරව ක්‍රියාත්මක නොවන බවද ඒ සඳහා නිකුත් කර ඇති අයැදුම්පත් කුරුණෑගල නගරයේ ඡයා පිටපත් කර අලෙවි කරන බව ජනතාව චෝදනා කරති.
රජයේ නියමයන්ට අනුව ඉන්ධන නිකුත් කිරීමට නියමිත ටෝකන්පත් සඳහා අයැදුම් කරන අයැදුම්පත් ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාල සහ පොලීසිය මඟින් නිකුත් කළ යුතු වුවද මේවනවිට එම අයැදුම්පත් විවිධ පුද්ගලයන් විසින් ඡායා පිටපත් කර විවිධ මිළ ගණන්වලට අලෙවි කරන බවද ජනතාව පෙන්වා දෙති.
ඇතැම් ඉන්ධන පිරවුම්හල්වලින් පෝලිමේ සිටින එකිනෙකාට නාඳුනන පුද්ගලයන් වෙත පවා දෙපැත්ත මුද්‍රණය කරන ලද එක් පත්‍රිකාවක් නිකුත් කර ඇති බවද පවසන ජනතාව මෙය ජනතාව පෝලිම්වලින් ඉවත් කර නිවෙස් කරා යැවීමට රජය විසින් ක්‍රියාත්මක කරන ලද උපක්‍රමයක් බවටද චෝදනා කරති.
මෙයින් කෝපයට පත් ඇතැමුන් ලබා දුන් ටෝකන් පත් වීසි කර දමා තිබූ ආකාරයද දැකගත හැකි විය.
මෙසේ ටෝකන් ලද පිරිස් කුරුණෑගල නගරයට බොහෝ දුර සිට පැමිණි පිරිස් වන අතර නැවත ඉන්ධන ලබා ගැනීම සඳහා තමන් සතුව ඇති සුළු ඉන්ධන ප්‍රමාණය භාවිත කර නැවත පැමිණිය නොහැකි බවද පෝලිම් වල ගත කරන ජනතාව පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නම් දැනගත්ත..මෙව හරි යන්නෙ නැහැ කියල..හොදම ක්‍රමය තමයි....වාහන වල අංක අනුව.... සීමා සහිත ඉන්දන ප්‍රමණයක් නිකුත් කරන එක. එතකොට හොර කරන්න තියෙන ඉඩ අවමයි.