(යොහාන් භාසුර)
ජූලි මස 1 වැනිදා සිට බස් ගාස්තුව සියයට 30 කින් ඉහළ දැමීමට සහ අවම බස් ගාස්තුව රුපියල් 40 ක් දක්වා ඉහළ දැමීමට බස් රථ හිමියන් ඉල්ලීමක් කළ බවත් ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා පැවසීය.
ජාතික ගමනා ගමන කොමිසම එම ඉල්ලීම පිළිබඳව සළකා හෙට (29) අනුමැතිය ලබාදීමට නියමිත බව ද මිරැන්ඩා මහතා කීය.
ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සහ බස් සංගම් නිලධාරීන් අතර අද (28) පස්වරුවේ පැවැති සාකච්ඡාවේදී එම ඉල්ලීම කළ බවත් මිරැන්ඩා මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd