(අංජුල මහික වීරරත්න)
රට බාර දුනහොත් මාස 06 න්, අවුරුද්දෙන්, අවුරුදු පහෙන් තමන්ට රට හැදිය හැකිය කියන විපක්ෂ කණ්ඩායම් ඒ් කාලය අගමැති රනිල් වික්‍රමසිංහට ලබා නොදෙන්නේ මන්දැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රශ්න කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරය ගෙන තවමත් මාස දෙකක්වත් ගතවී නොමැති බව පෙන්වා දුන් නියෝජ්‍ය නායකයා අවුරුදු දෙකක් විනාශ කළ රට දින කිහිපයකින් ගොඩගත යුතුයැයි පෙන්වන්නේ අර්බුදයෙන් වාසි ගන්නට උත්සාහ කරන පිරිස් මිස සැබෑ දේශප්‍රේමීන් නොවන බව ද කීය.
රට යළිත් පෙර තිබුණු තැනට ගෙන ඒ්මට රනිල් වික්‍රමසිංහ මහතාට ද සැලකිය යුතු කාලයක් ලබා දෙන්නැයි රුවන් විජයවර්ධන මහතා ඉල්ලා සිටියේය.
විද්වත් වෘත්තිකයන් ඇතුළු පිරිසක් සමඟ කොළඹදී අද (28) පැවැති සාකච්ඡාවකට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ බව කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුව පෙර වැරඩි නිසා සිඩුවුන දේවල්. මෙතුවක් කාලෙකට කරපු දෙයක් නැති නිසා මිනිස්සු හිතන්නෙ මෙ පාරත් ඒටිකම තමයි කියල. මාස දෙකටම කරාපු දේකුත් නැැනෙ?
ඒ ගොල්ලෝ කවදත් කතා කළේ කරන්න බැරි දේවල්. මාස 6න් රට හදන්න පුළුවන් කිව්වාට. අවුරුදු 57ක් තිස්සේ රජයක් පිහිටුවා ගන්න බැරි වුණා. ක්රමයේ බලය වැඩිවෙනවා. වෙනුවට වුනේ ක්‍රමයෙන් බලය නැතිවී 3% වැටුණා. විස්සයි විස්සේදී පස්ස බිම ඇනිලත් තවම කටේ නරිවාදම ගිහිල්ලා නැහැ...