IMG-LOGO

මන්ත්‍රී තෙල් නැතුව කළු කඩේට ගිහින්

 

(සුජිත් හේවාජුලිගේ )

දිවයිනේ සමහර ප්‍රදේශවල ඇතැම් සංවිධානාත්මක කණ්ඩායම් නිවෙස් ඇතුළු පිටස්තර ස්ථානවල ( කළු කඩේ)  පෙට්‍රල් සහ ඩීසල් සඟවා තබාගෙන  ලීටරයක් රුපියල් 1000ත් 1200ත් අතර මිල ගණන්වලට හොර රහසේ අලෙවි කරන බව වාර්තා වේ.

මේ අතර හදිසි ගමනක් යෑමට තෙල් නොමැතිවීම  නිසා  ලීටරයක් රුපියල් නවසිය පනහ බැගින් පෙට්‍රල්  ලීටර් 5ක් කළු කඩයෙන් ඊයේ මිලදී ගැනීමට සිදුවූ බව  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලංකාදීපයට පැවැසීය.

ඇතැම් සංවිධානාත්මක කණ්ඩායම් ඉන්ධන පිරවුම්හල්වලින් සිය වාහන වලට ඉන්ධන පුරවා ගෙන පැමිණ පසුව බට යොදා  ඉවතට ගෙන බෝතල් වලට පුරවා මෙසේ අලෙවි කෙරෙන බව දැනගන්නට   ඇත.

මෙම ජාවාරමෙන් එම පුද්ගලයන් ලොකු ආදායමක්  දෛනිකව උපයා ගන්නා බවත් ජාවාරමට ඇතැම් ඉන්ධන පිරවුම්හල් සේවකයන්ගේද සහාය ලැබෙන බවත් තතු දත්තෝ  පවසති.

තෙල් හිඟය නිසා හදිසි ගමන් සඳහා ඉතා අමාරුවෙන් වුවත්  කළු කඩයෙන්  ඉන්ධන  මිලදී ගැනීමට සිදුව ඇති  බව  ඉන්ධන පාරිභෝගිකයෝ පිරිසක් පැවසූහ.

මෙවැනි නීති විරෝධී ඉන්ධන පිරවුම්හල් වැටලීමට  කටයුතු කරන බව රජය පැවසුවත් එය සාර්ථකව ක්‍රියාත්මක වන පාටක් පෙනෙන්නට නැතැයි ජනතාව පෙන්වා දෙති.



අදහස් (10)

මන්ත්‍රී තෙල් නැතුව කළු කඩේට ගිහින්

Muditha Friday, 24 June 2022 05:55 PM

විශ්මිත ලෙසින් විස්කම් මවා හෙළයේ අභිමානේ පෙන්වා දෙමින් මුලු ලොව දිනා අප හා යන ගමනේ ලොව නන්දෙසින් ආවත් මෙසේ බාධක හැම වේලේ ඉන් නොනැවතී මව්බිම අපේ රැකදෙන විරුවාණනේ... වැඩකරන අපේ විරුවා මව්බිමට පෙමින් සැමදා රට රකින කෙනෙක් වේ නම් ඒ ඔබයි උතුම් මිනිසා..!

:       7       21

beauSaturday, 25 June 2022 06:04 AM

ෆොන්සේකාගේ කීර්තිය හොරකම් කළා වගේද ඔබතුමා අර්ථ නිරූපණය කළේ..?

:       0       5

Dasun Friday, 24 June 2022 06:16 PM

මැල්සිරිපුර බස් ස්ටෑන්ඩ් එක පිටිපස්සේ...

:       1       26

නිල්ලමා Saturday, 25 June 2022 01:27 PM

මොනවද?

:       1       2

සුරංග Friday, 24 June 2022 07:49 PM

මේකට නීතියක් ගේන්න බැරිද? එහෙම නැත්නම් පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් විකිණීමට බලපත්‍ර ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න. බලපත්‍ර නොමැතිව විකුණනවා නම් අවම ලක්ෂ දහයක් දඩ නියම කරන්න. සැඟවීමක් ගැන ඔත්තුකරුවන් සඳහා ලක්ෂ කීපයක් දීමනා දෙන්න. එහෙම කළොත් රජයට ආදායම් ලැබෙනවා ඉන්ධන ප්‍රශ්නය විසඳෙනවා...

:       4       27

Rasika Friday, 24 June 2022 09:33 PM

අද මෙය හොඳටම සිදුවුණා කොප්පරා හන්දිය ෂෙඩ් එකේ... සෞඛ්‍ය සේවකයින්ට වෙන්කරපු දිනයේ පොලිසිය සහ තවත් පුද්ගලයින් ලීටර් 35 -40 බූලිවලට ගහගත්තා. ලේසියෙන්ම අරප් එකක් හදලා නම්බර් ප්ලේට් ස්කෑන් කරලා තෙල්දෙන්න පුළුවන්කම තියෙද්දී ඇමැති ඇතුලු බලධාරින් එය නොකරන්නේ හොර මැරකම්වලට ඉඩදීමටයි. මෙවැනි අමන ආණ්ඩුවක් සහ දූෂිත නිලධාරීන්ට සාප වේවා...!

:       0       10

NDF Leader Friday, 24 June 2022 09:43 PM

මේ දවස්වල ජීවත් වෙන්න කිසිම ආදායමක් නැති කෙනෙක් පරණ රථයක් පෝලිමේ දවස් ගානක් තල්ලු කරල පොලියට ගත් මුදලින් පැට්‍රෝල් රු 8000 ක ගහගෙන පොලිය 2000 ක් ගෙවා රු. 4-5 දාහක මුදලක් උපයා ගැනීම රජයේ දේපළ 10% ක් ‌කොමිස් ගැසිල්ලට වඩා ‌අපරාධයක්ද?

:       5       7

Siri Saturday, 25 June 2022 03:34 AM

සෞභාග්‍යයේ දැක්ම! රට රකින විරුවාගේ වැඩ කෝ?

:       0       3

විපරමා Saturday, 25 June 2022 01:59 PM

පාරට බැස්සම හැතැප්ම ගණන් දිගට දිගේ තෙල්, ගෑස්, භූමිතෙල් පෝලිම්වල දවස් ගණන් ඉන්න ජනතාව දිහා බැලුවාම පේනවා ඇති. ආසියාවේ ආශ්චර්යය දැන් ලෝකෙටම පෙන්නලා...?

:       0       4

Kumara Saturday, 25 June 2022 09:12 AM

කුරුණෑගල, පන්නල ශෙඩ්වල ඉස්සරහ තියෙන ගොඩක් කඩවල විකුණන්න තියෙනවා ලීටරේ 1200ට. පන්නල ඒසී බස් එකක රියැදුරෙකුගේ ගෙදර ඩීසල් ලීටර 20 කෑන් එක එක රුපියල් 25000 යි...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහින්දානන්දගෙන් අපේක්ෂිත ඇප ඇයදුමක්
2025 මැයි මස 14 0 0

ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනය කිරීමේ ක්‍රියාමාර්ගය තුළින් රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක් සිදු කල


පෙම් යුවළ බසයට බිලි
2025 මැයි මස 14 630 0

යතුරුපැදියෙන් වෙසක් සිරි නරඹමින් ගමන් කරමින් සිටි පෙම්වතුන් යුවළක් මාතර බ්‍රවුන්ස්හීල් ප්‍රදේශයේ දී පෞද්ගලික බසයකට යටවීමෙන් මියගොස් ඇතැයි මාතර පො


බේස්ලයින් දුම්රිය හරස් මාර්ගය වහයි
2025 මැයි මස 14 320 0

කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර සහ නාරාහේන්පිට දුම්රිය ස්ථානය අතර පිහිටි රේල්වේ ඇවනිව් දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් සඳහා එම හරස් ම


කොත්මලේ අනතුරින් මියගිය අයගේ වන්දි යවයි
2025 මැයි මස 14 232 0

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම්


කාදිනල්තුමෝ නව පාප්වහන්සේ හමුවෙති
2025 මැයි මස 14 1116 0

මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් නව පාප්වහන්සේ ශුද්ධොත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ හමුවූහ.


ජනාධිපති කාර්යාල වෙසක් සැමරුම් දෙවන දිනටත්
2025 මැයි මස 14 305 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1369 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1587 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 412 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site