අරගලයට සහභාගීවීමට මහ ජන ගඟක් කොළඹට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුව වහා ඉවත්විය යුතු බවට බලකරමින් අද (9) කොළඹදී දැවැන්ත විරෝධතාවට සහභාගී වීම සඳහා විශාල ජනකායක් මේ වන විට කොළඹට ඇදෙන බව අප වාර්තා කරුවෝ පවසති. 09 July 2022
ගෘහස්ථ ගෑස් ’නිශ්චිත භාණ්ඩයක්’ බවට පත් කරයි ගෘහස්ථ ගෑස් ’නිශ්චිත භාණ්ඩයක්’ ලෙස නම් කරමින් වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඊයේ (8) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 09 July 2022
ලංගම වර්ජනය අවසන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට ඊයෙ ආරම්භ කළ වැඩ වර්ජනය අද පෙරවරුවේ අවසන් කළ බව සේවක සංගමයේ සභාපති සේපාල ලියනගේ මහතා පවසයි. 09 July 2022
දඹුල්ල ආර්ථිකයත් පාළුවට යයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද උදෑසන පාළුවට ගොස් තිබෙන අයුරු දැක ගැනීමට හැකි විය. 09 July 2022
පළාත් කීපයකට විටින් විට වැසි සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (9) දිනයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 09 July 2022
ආයෝජන ඇද ගැනීමට ධම්මිකගෙන් අලුත් ක්‍රමයක් විදේශ සෘජු ආයෝජන අනුමත කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පියවර ගෙන ඇත. 09 July 2022
දුම්රිය නැතිව තැන තැන උණුසුම් පොලිස් ඇඳිරි නීතිය ඉවත් කළත් දුම්රිය ධාවනය නොකිරීම හේතුවෙන් උදෑසන දුම්රිය ස්ථාන වෙත පැමිණි මගීහු දැඩි පීඩාවට පත්ව සිටිති. 09 July 2022
කොළඹට පැනවු ඇඳිරි නීතිය අද අටට අවසන් බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස කිහිපයක් ආවරණය වන පරිදි නැවත දැනුම් දෙන තුරු පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය (9) පෙරවුරු 8.00 ට ඉවත් කරන බව පොලිස් මූලස්ථානය පවසයි. 09 July 2022
කොළඹට හෙට දුම්රිය නෑ බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 7 කට පොලිස් ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් කොළඹට හෙට (9) දින දුම්රිය ධාවන නොකරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා අද රාත්‍රී පැවසීය. 08 July 2022
රටේ පවතින තත්වය දින කීපයක් තුළ විසඳනවා දේශපාලන අර්බුදයට සර්ව පාක්ෂික ආණ්ඩුවක් තුළ විසඳුම් සෙවීමට ජනාධිපතිවරයා සියලු දේශපාලන පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කළ ද ඊට සාර්ථක ප්‍රතිචාර නොලැබීම නිසා රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය බාරගෙන කටයුතු කිරීමට ඇයුම් කළ බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ කළ සාකච්ඡා සාර්ථක වීම නිසා ඉදිරි සති කීපය තුළ ණය ආධාර වැඩසටහන ක්‍රියාත්මක වන පසුබිම නිර්මාණ වී ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය අද (8) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 08 July 2022
බස්නාහිර පොලිස් කොට්ඨාස 7 කට ඇඳිරි නීතිය පනවයි බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 7 ක සියලුම පොලිස් බලප්‍රදේශ ආවරණය වන පරිදි අද (8) රාත්‍රී 9.00 සිට නැවත දැනුම් දෙන තෙක් පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා නිවේදනය කළේය. 08 July 2022
අන්තරේ විරෝධයට කොටුවේදී කඳුළු ගෑස් - ජල ප්‍රහාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට වහාම ඉල්ලාඅස්වන ලෙස බලකරමින් අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලය අද (8) පැවැත්වූ විරෝධතා පෙළපාළියට කොළඹ කොටුව ලංකා බැංකු මාවතේදී පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් විරුවා හැරීය. 08 July 2022
’’විරෝධතාවලදී සංයමයෙන් කටයුතු කරන්න’’ කොළඹ ඇතුළු තවත් ප්‍රදේශ ගණනාවකදී අද (9) පැවැත්වීමට නියමිත විරෝධතාවලදී සංයමයෙන් කටයුතු කරන්නැයි ද ප්රචණ්ඩත්වය වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 08 July 2022
රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ප්‍රවාහන ප්රශ්නය නොවිසඳුණහොත් මුළු මහත් සෞඛ්‍ය සේවය ලබන සතියේ සිට කඩාවැටීමේ බරපතළ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා පැවසීය. 08 July 2022
සමකාමී අරගලයට එජාපය සහය දෙනවා සාමකාමී අරගලයට එක්සත් ජාතික පක්ෂය නිරතුරුවම සහය දෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. 08 July 2022
ජනකගේ ප්‍රකාශය ගැන කෝප් විමර්ශනයක් පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් ජනතාවට රුපියල් 250කට ලබාදිය හැකි බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා කර ඇති ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශව කැඳවා පුළුල් විමර්ශනයක් පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් කමිටුව ) තීරණය කර ඇත. 08 July 2022
ෆාමසිත් හෙට වහලා සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සාමාජිකත්වය දරණ සියලුම ඔසුසල් (ෆාමසි) හෙට (9) දිනය පුරා වසා තබන බව එම සංගමය පවසයි. 08 July 2022
වෙළෙඳ හා ආයෝජන ක්ෂේත්රවලට ඉරානයේ සහය වෙළෙඳ සහ ආයෝජන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරගැනීමට සහාය වන බව ඉරාන තානාපති හෂේම් අෂ්ජාසාදේ (Hashem Ashjazadeh) මහතා පවසයි. 08 July 2022
පැය 3ක විදුලි කප්පාදුව තවත් දින 7කට දිගුවෙයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව හෙට (9) මේ මස 15 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (8) පස්වරුවේ පැවසීය. 08 July 2022
හෙට අරගලයට දේශපාලන පක්ෂ රැසක සහය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුව වහා ඉවත්විය යුතු බවට බලකරමින් හෙට (9) කොළඹදී පැවැත්වෙන දැවැන්ත අරගලයට සහය දක්වන බවට සමඟි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ ගණනාවක් ප්‍රකාශ කර ඇත. 08 July 2022
රට පනින් හැදූ 67ක් අත්අඩංගුවට නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 67 දෙනෙකු සහ බහුදින යාත්‍රාවක් නැගෙනහිර මුහුදේ කල්මුණේ ප්‍රදේශයේදී අද (8) අළුයම අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. 08 July 2022
‘‘වත්මන් ආණ්ඩුවට ජනතා හඬට මුහුණ දෙන්න බෑ‘‘ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු කාන්තාවන් පිරිසක් ද සමග රෙහාන් ජයවික්‍රම හා තවත්ම දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් කොළඹ කොටුව ජනාධිපති නිල නිවස ඉදිරිපිටදී අත්අඩංගුවට ගැනීම මගින් වර්තමාන ආණ්ඩුව ලොවටම ප්‍රදර්ශණය කර ඇත්තේ ජනතා හඬට මුහුණදීගත නොහැකිව පළකරමින් තිබෙන භීතියේ තරම බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 08 July 2022
පරිපාලන සේවා සංගමයත් සටනට සැරසෙයි දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම් වගකිව යුතු වෘත්තීය සංවිධානයක් ලෙස ක්‍රියාමාර්ගවලට එළඹෙන බවත් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති රෝහණ ද සිල්වා මහතා අද (8) පැවසීය. 08 July 2022
පළමු ශ්‍රේණියට අයදුම්පත් භාරගැනීම 1 තෙක් දිග් කරයි ලබන 2023 වර්ෂයේදී පාසල් වල පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය අගෝස්තු 1 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ. 08 July 2022
වෙඩි වැදුණු හිටපු අගමැති මියයයි ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ වෙඩි තබා ඝාතනය කෙරුණි. හිටපු අග්‍රාමාත්‍යවරයා ඝාතනය කෙරුණේ නාගා නගරයේ ජනතා රැළියකට සහභාගී වී ජනතාව අමතද්දීය. 08 July 2022
වැලි ව්‍යාපාරිකයකු කපා කොටා මරලා පූගොඩ කුමාරමුල්ල ගඟ පාරේ පිහිටි නිවෙසකට අද අලුයම කඩා වැඳුණු සන්නද්ධ කල්ලියක් වැලිතොටුපොළක් හා මැණික් ගැරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය තරුණ දෙදරුපියකු කපාකොටා මරාදමා ඇතැයි පූගොඩ පොලිසිය කියයි. 08 July 2022
‘‘ගෝඨාභය දිගටම හිටියත්අර්බුදය විසඳන්න බැහැ‘‘ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ ධුරයේ දිගටම රැඳී සිටීමෙන් රටේ අර්බුදය විසඳිය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවැසීය. 08 July 2022
අයි.ඕ.සී ඉන්ධන බෙදාහැරීම සීමා කරයි ඉන්ධන පිරවුම්හල්වලට අද (8) සිට 10 වැනිදා දක්වා ඉන්ධන බෙදානොහරින බවත් පිරවුම්හල්වලට ඉන්ධන බෙදාහැරීම ලබන 11 වැනිදා සිට නැවත ආරම්භ කරන බවත් ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ (එල්.අයි.ඕ.සී.) කළමනාකාර අධ්යක්ෂ මනෝජ් ගුප්තා මහතා පවසයි. 08 July 2022
ආන්තරේ පා ගමන ඇරඹේ ජනාධිපතිවරයාට හා ආග්රාමාත්ය වරයාට එරෙහිව අන්තර් විශ්ව විද්යාගල ශිෂ්‍ය බලමණ්ඩලට විසින් සංවිධානය කරන විරෝධතා පා ගමන කැලණිය විශ්ව විදයාලය ඉදිරිපිටින් ආරම්භ කර ඇත. 08 July 2022
අරගලයට සජබ පූර්ණ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රමුඛ ආණ්ඩුව පලවා හැරීමට හෙට (9) ආරම්භ වන සාමකාමී අරගලයට සමගි ජන බලවේගය පූර්ණ සහයෝගය පළ කරන බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී පැවසීය. 08 July 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026