(ඩයනා උදයංගනී)

සිංහල සිනමාවේ කිවිඳිය යන විරුදාවලිය ලත්, ප්‍රවීණ සිනමාවේදිනී අභාවප්‍රාප්ත ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේ දී හෙට (21) පස්වරුවේ සිදුකිරීමට නියමිතය.   

ඇගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව හෙට පස්වරු 4.00 ට සිදුකෙරෙන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.