
(විමුක්ති එස් රුද්‍රිගු)
ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ කොන්වේ ජාතික වන උද්‍යානයේ නිලධාරීන්ට ලොව විශාලතම මැඩියා සොයා ගැනීමට හැකියාව ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම විශාල මැඩියා ජනවාරි 12 වැනිදා වනජීවි නිලධාරීන් විසින් සොයා ගනු ලැබ ඇත.මෙම විශාල මැඩියාට "ටොඩ්සිලා" ලෙස නම් තබා තිබේ.
වනජීවී නිලධාරීන් මෙම මැඩියාගේ ඡායාරූපයක් මාධ්‍ය වෙත අද (20) නිකුත් කරමින් පවසා ඇත්තේ මෙම මැඩියා ලෝකයේ විශාලතම මැඩියා බවට තමන් විශ්වාස කරන බවයි.
මෙම මැඩියාගේ බර කිලෝග්‍රෑම් 2.7 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන බොරුවක්ද ලංකාවෙ දියවන්නා පොකුණ අසල ඔයිට වඩා ලොකු සමහර විට කිලෝ සියයක් පමණ බර ඇතැයි සිතෙන මැඩියො කොච්චර ඉන්නවද?
මොන පිස්සුද අයියා, තමන්ගේ වාසියට ඒ පැත්තටයි මේ පැත්තටයි පනින, විලිලැජ්ජාවක් ගෑවිලාවත් නැති ලොකුම ගෙම්බො ටික ඉන්නේ අපේ දියවන්නාවේ.
මම දන්නා තරමින් නම් ලොව විශාලතම මැඩියා හැටියට මේ සතා ලෝක වාර්තාවකට උරුමකම් කියන එකක් නැහැ. පළමු කාරණය, ඕස්ට්‍රේලියාවේ පරිසරයට විශාල විනාශයක් කරන "උක් මැඩියා" ලෙස හැඳින්වෙන මේ සත්වයා ව රටේ නීතිය අනුව අද ම විනාශ කර දැමීමත්, දෙවැන්න, මේ සතා මරන්න පෙර නිකම්ම නිකං තරාදියකින් මිසක් නියමිත සම්මතයන්ට අනුකූල තරාදියකින් බර කිරීම සිදු නොකිරීමත් නිසයි.
ආ...එහෙනම් මට වැරදිලා. මෙතෙක් කලක් මම හිතාගෙන හිටියේ ඔය බඩ තඩි , ගඳ ගහන, ඇවිදිද්දී කොරගහන , බබෙක් වගේ ශබ්ද පිටකරන , වෙනත් අයගේ ඉඩම් බලෙන් කොල්ලකන, නුවරපාරේ රඹුටන් විකුණන අහිංසක වෙලෙන්දියන්ගෙන් පවා කප්පම් ගන්නා , ගම්පහ නියෝජනය කරමින් දියවන්නාවේ දියබුං ගහන තඩියා කියලා. අන්තිමට මම සොයා ගත්තා මම කියන සතා ගෙම්බෙක් නොවේ ලෝකයේ ඉන්න ලොකුම තඩි ඌරා කියලා.දියවන්නාවේ සත්තු වත්තේ තව ඉතාම සීමිත කාලයකට ඔබට මේ සත්වයාව දැකගත හැකිය.නව ජනහිතකාමී රජයක් පත්වූ වහාම මේකාව ' මස් කඩේට ' දක්කන්නට නියමිතය.
ලෝකයේ විශාලතම ළිං මැඩියන් ඉන්නේ අපේ රටේ... ඔවුන්ට කියන්නේ ජෙප්පන් කියලා...