(යොහාන් භාසුර)
විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් විදේශ රැකියා ඒජන්සිවලට එරෙහිව 2022 වසරේ ලැබුණු පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව ඒජන්සිවලින් රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් (38,087,000) පැමිණිලි පාර්ශව වෙත අයකර දීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය කටයුතු කර ඇතැයි එම කාර්යංශය පවසයි.
විදේශ රැකියා ලබාදීමේදී නියමිත මුදලට වඩා මුදල් අයකිරීම, මුදල් අයකර රැකියා නොදීම, විදේශ ගතවූ පසු නියමිත පරිදි රැකියා නොදීම හේතුවෙන් ආපසු ලංකාවට පැමිණීමට සිදුවීම, ආදී කරුණු පදනම් කරගෙන ලැබුණු පැමිණිලි විභාගකිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝග මත මෙම මුදල් පැමිණිලි කරුවන්ට ගෙවා ඇති බවත් මෙම මුදල 2022 වසරේ ජනවාරි 1 දින සිට දෙසැම්බර් මස 31 දින දක්වා කාලය තුළ පමණක් විභාග කළ පැමිණිලිවලට අදාලව වන බවත් විදේහ සේවා නියුක්ති කාර්යංශය කියයි.
මෙය පසුගිය වසරට සාපේක්ෂව ඉතා ඉහළ මුදල් ප්‍රමාණයක් වන බව කී එම කාර්යංශය 2021 වසරේ මෙලෙස අයකර ගෙන ඇත්තේ රුපියල් 8,945,900 ක් පමණක් බව ද සඟන් කළේය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැරදි කළ ඒජන්සිකරුවෝ කෝටි 4ක් ගෙවති
ganegoda Friday, 20 January 2023 03:24 PM
මෙ මුදල් ආපහු එ දුප්පත් මනුස්සයින්ට ලබා දෙදෙ ...