ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
පුත්තලම වනාතවිල්ලුව මයිලන්කුලම ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලියකට අයත් ඉඩමක අටවා ගත් පැල්පතක සිටි කාන්තාවක ඇයගේ දේපොළ එළියට ඇද දමා ප්‍රාදේශීය දේශපාලනාඥයකු එම පැල්පතට ගිනි තබා ඇතැයි වනාතවිල්ලුව පොලිසිය කියයි.
ගිනි තැබූ බව කියන වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ එක්සත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය පවසයි.
කාන්තාව කරන ලද පැමිණිල්ලට අනුව මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ එම පොලිස් කණ්ඩායමේ සිටි උප පොලිස් පරීක්ෂක වරයාට මන්ත්‍රීවරයා පහර දීම නිසා ඔහු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙම පැල්පතට ගිනි තැබීමට හවුල් වූ බව කියන තවත් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුංචි මන්ත්‍රී අහිංසක කතකට කළ හදිය
Rexi Thursday, 19 January 2023 09:37 PM
නිල් නිල් ඔබේ කෙනෙක්
Nath Thursday, 19 January 2023 10:41 PM
බොහෝ කරදර නොවන්න, මෙය මිනිසුන්ගේ තේරීමකි.
Sunil Friday, 20 January 2023 07:19 AM
එළඹෙන පුංචි ඡන්දයේදී එජාප අතුගැවිලාම ගියදෙන්.
sharm warn Friday, 20 January 2023 09:10 AM
මෙ වගෙ පාතාලයන්ට ඔබෙ වටිනා චන්යද තව ඩුරටත් ඩෙනවද කියලා දැන්වත් හිතන්න.. මින් ඉඩිරියට එන මැතිවරණ වලදි වත් මොලෙ පාවිච්චි කරන්න. . ඔබෙ කතිරය මුලු රටටම බලපාන බව සිහියෙ තබා ගන්න..
visnu Friday, 20 January 2023 12:03 PM
පොලිසිය මේ මිනිහගේ කකුල් කඩන්න ඕනේ. නැත්නම් කවුරු හරි ලවා හරි ඒක කරන්න ඕනේ. ඒක කරන්ඩ ඔනෙ කොහොමද කියන ඒක හැදිලි කිරීම අවශ්ය නෑ. දැන් ඉන්න පොලිස්කාරයොත් විශ්වාස කරන්නත් බෑ.