(අංජුල මහික වීරරත්න)
මැතිවරණයට නාමයෝජනා දුන්නේ මැතිවරණය කල් දැමීමට නොව මැතිවරණය පැවැත්වීම සදහා යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
මෙම පළාත් පාලන මැතිවරණයෙන් පසුව පළාත් සභා මැතිවරණයට පැවැත්වීමටද බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා කීය.
ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ගම්පහ දිස්ත්‍රික්කයට නාමයෝජනා භාරදීමේ අවස්ථාවට එක්වෙමින් අද (20) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ගණන 19 කි. ඒ සියල්ල සඳහාම ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේදී නාම යෝජනා බාර දීම සිදුකෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තියලා බලමුකෝ. මොනවද වෙන්නේ කියලා.
මෙයා මෙතන ලොකු කතා කියනවා. යටින් එක එක්කෙනාව දාලා නඩු දම්මනවා ඡන්දේ නවත්වා ගන්න. කාවද මේ රවට්ටන්න හදන්නේ.
ඔවු ඊටපස්සෙ ගෙදර යන්න ලෑස්ති වෙන්න ආයිත්.
තිබ්බොත් දෙකන්ම ඔබට අන්ත පරාජයක් ලැබෙයි. ඇපත් නැතිවෙයි.
මුලින්ම පලාත්පාලනය දිනලා ඉන්නවකෝ. හැබැයි අර ඉස්සර වගේ හොර චන්ද දාන්න ලැහැස්තිවුනොත් ...පනපිටින්ම මස්කඩේට දක්කනවා...ගම්පහ පැත්තේ මිනිස්සු තවදුරටත් ඔහෙටවත් ඔහේගේ ගෝලබාලයින්ටවත් ' කප්පම් ' ගෙවන්නේ නැහැ.