(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා එම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී ඇති හෙයින් මන්ත්‍රීධූරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතාට අද (20) දැනුම් දුන්නේය.
මුජුබර් රහුමාන් මහතා මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමාට බාරදුන් බවද පාර්ලිමේන්තු මහලේකම්වරයා එම ලිපියෙන් දන්වා ඇත.
රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීම අද (20) සිට බලපැවැත්වෙන බවත් නවවැනි පාර්ලිමේන්තුවේ මුජිබර් රහුමාන් මහතාගේ අසුන හිස්ව ඇතැයි 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව දැනුම් දෙන බවත් මහ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් දැනුම්දී ඇත.
මේ අතර මුජිබර් රහුමාන් මහතා ඉල්ලා අස්වීමෙන් පසු සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවේ මීළඟට වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා ලෙස සිටින්නේ හිටපු අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1981 අංක 1දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ කොමිසමේ සභාපතිට දන්වන්න කියලා තියෙනවද?