‘‘ණය ප්‍රතිව්‍යූහගත කිරීමේදී කාටත් සමාන විය යුතුයි‘‘ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යූහගත කිරීමේදී චීනයට හෝ වෙනත් කිසිම රටකට විශේෂ සැලකිල්ලක් නොදැක්විය යුතු බවත් ශ්‍රී ලංකාවට ණය ලබා දුන් සියලු පාර්ශ්වයන්ට එක සමාන ලෙස සැලකිය යුතු බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය. 08 July 2022
බස් නැති දා ගමන ලොරියෙන් නිකවැරටිය ශ්‍රී ලංගම ඩිපෝවට අයත් බස් රථද වැඩවැරුමට එක්වීම හේතුවෙන් නිකවැරටිය ප්‍රදේශයේ මගීහු දැඩි පීඩාවට ලක්ව සිටියහ. 08 July 2022
මහජන කොමිසමේ සභාපතිගේ ප්‍රකාශය ගැන කංචන පරීක්ෂණයක් ඉල්ලයි පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් රුපියල් 250කට ලබාදිය හැකි බවට මහජන උපයෝගීතා උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා කර ඇති ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ(කෝප් ) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. 08 July 2022
කුරුඳුවත්ත පොලිසියේ ඉල්ලීම අධිකරණයෙන් ඉවත දමයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ශිෂ්‍යයින් පිරිසක් හෙට (09) කුරුදුවත්තේ සිට ආරම්භ කිරීමට නියමිත විරෝධතාවක් හේතුවෙන් මහජන පීඩාවක් ඇතිවන බවත් , ඒ අනුව එම ප්‍රදේශයේ මාර්ග කිහිපයකට ඇතුල්වීම වළකාලමින් ආඥාවක් නිකුත් කරන ලෙසත් කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (08) ප්‍රතික්ෂේප කළේය. 08 July 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවකට විපක්ෂයෙන් මෙහෙයුම් කමිටුවක් රට තුල උද්ගතව ඇති අර්බුදකාරි තත්වය හමුවේ රටේ පිළිගත් විවිධ පාර්ශ්ව විසින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා වත්මන් අර්බුදයන්ට විසදුම් සෙවීමේ වැඩපිළිවෙලකට යොමුවන ලෙසට සිදුකරන ඉල්ලීම් හමුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවාලීමේ මූලික පියවර වශයෙන් විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂවලට ආරාධනා කොට මෙහෙයුම් කම්ටුවක් ස්ථාපිත කර ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. 08 July 2022
විදේශගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක් විදේශගත ශ්‍රමිකයින් සදහා විශේෂිත විශ්‍රාම වැටුපක් හඳුන්වා දෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය. 08 July 2022
ජනතාව දැනුවත් කරන්න විතරක් වියදම කෝටි 8 යි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලයට දීමනා වර්ග 11ක් යටතේ රුපියල් හාර කෝටි පනස් අට ලක්ෂයක මුදලක් ගෙවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කෝප් කමිටුවේ අවධානය යොමුවී ඇත. 08 July 2022
මන්ත්‍රීවරු 50ක් තෙල් නැතුව ගම්වල හිර වෙලා ඉන්ධන සොයාගත නොහැකිවීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනහකට වැඩි පිරිසක්ද විවිධ අවශ්‍යතා සඳහා කොළඹට පැමිණීමට නොහැකිව සිය ගම්බිම්වල කොටුවී සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ. 08 July 2022
මහේශාඛ්‍ය හස්තියාගේ දළ කැපීම ගැන හොයන්න පොලිස් බල්ලන් අනුරාධපුර මහේශාඛ්‍ය හස්තියා මරණාසන්නව සිටිය දී දළ කපා ගැනීමේ සිද්ධිය හා වනජීවි නිලධාරින් ඊට එරෙහිව ක්‍රියාත්මක නොවීම සම්බන්ධව විදිමත් විමර්ශණයක් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට උපදෙස් දුන්නේය. 08 July 2022
දුම්රිය ගාස්තුව අඟහරුවාදා සිට ඉහළට දුම්රිය ගාස්තු ලබන අඟහරුවාදා (12) සිට ඉහළ දැමීමට තීරණය කර ඇති බවත් අවම ගාස්තුව රුපියල් 20 ක් දක්වා ඉහළ යෑමට බොහෝ දුරට ඉඩ ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 08 July 2022
ප්‍රදේශ කිහිපයකට වැසි සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (8) දිනයේත් වැසි වාර කිහිඅයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 July 2022
හිටපු අගමැති ෂෙන්සෝ අබේට වෙඩි තියලා ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ෂෙන්සෝ අබේ, වෙඩි ප්‍රහාරයකට ලක් වුණු බවත් ඔහුගේ තත්ත්වය බරපතල බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 08 July 2022
තෙල් පෝලිමේ වලියෙන් අයෙක් මරුට: තිදෙනකුට බරපතළයි ගාල්ල මාගාල්ල ලාෆ් ඉන්ධන පිරවුම්ලේ පෝලිමේ සිටි දෙපිරිසක් අතර ඊයේ ( 07) රාත්‍රි ඇතිවු ආරවුලකදි එක් අයෙකු මියගොස් තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කීය. 08 July 2022
ඩොලර්වලට ඉන්ධන දෙන්න ලියාපදිංචි කරයි ඩොලර් ගෙවා ඉන්ධන ලබාගැනීමට කැමැති ආයතන සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීම ආරම්භ කළ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි. 08 July 2022
පොහොට්ටු මන්ත්‍රී බණ ගෙදරකදී අහසට වෙඩි තබයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු එම පක්ෂයේම කළුතර ප්‍රබල දේශපාලකයකුගේ ආධාරකරුවකු සමග ඇතිවූ බහින්බස් වීමකින් අනතුරුව අහසට වෙඩි තබා පලාගොස් ඇතැයි වාර්තා වේ 08 July 2022
ඉන්ධනහලේ ගැටුමකින් දෙකක් රෝහලට පයාගල අයි ඕ.සී ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන බෙදාහැරීමේදී ඇතිවූ ආරවුලකින් තුවාල ලැබූ දෙදෙනකු රෝහල් ගතකර ඇතැයි පයාගල පොලිසිය පවසයි . 08 July 2022
බම්බලපිටියේ තෙල් පෝලිම කොල්ලුපිටියටම කොල්ලුපිටිය සහ බම්බලපිටිය ප්‍රදේශවල ආවරණ වන පරිදි ඉන්ධන ලබාගැනීම සඳහා වාහන පෝලිම් අද (7) පෙරවරුවේ සිට පැවතුණි. 07 July 2022
පානදුර දුම්රිය ස්ථානාධිපති කාර්යාලයට ප්‍රහාරයක් නිවෙස් කාරා යාමට දුම්රියක් නොමැතිවීම නිසා කලබල වූ මගීන් පිරිසක් පානදුර දුම්රිය ස්ථානාධිපති මෙහෙයුම් කාර්යාලයට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි. 07 July 2022
ඇමෙරිකාව රුසියාවට පනවා ඇති ඉන්ධන තහනම ශ්‍රී ලංකාවට අදාල නෑ රුසියානු බොරතෙල් සඳහා ඇමෙරිකාව පනවා ඇති සම්බාධක ශ්‍රී ලංකාවට බල නොපාන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළාය. 07 July 2022
පොලිසියේ ඉල්ලීම අධිකරණය බැහැ කියයි ’’ජනඝෝෂා’’ උපරිමාධිකරණ නඩු තීන්දුවට අනුව භාෂණයේ නිදහස මෙන්ම රටේ ඕනෑම ස්ථානයකට යාමේ ඒමේ නිදහස සියලු පුරවැසියන්ට ඇති බව සඳහන් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්දන් පෙරේරා මහතා හෙට (08) පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් වැළැක්වීම සඳහා කොටුව පොලිසිය කළ ඉල්ලීමක් අද (07) ප්‍රතික්ෂේප කළේය. 07 July 2022
සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඉන්ධනදීම දින 2 ක් කල්යයි සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා සිකුරාදා දිනයේ ඉන්ධන ලබාදීමේ වැඩසටහන පැය 48 කට කල්දැමූ බවත් එම වැඩසටහන ක්‍රියාත්මක කරන දින ඉදිරියේ ප්‍රකාශ කරන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අද (7) ලිඛිතව දැනුම් දුන්නේය. 07 July 2022
එජාප සභාපති ඇමරිකා තානාපතිනිය හමුවෙයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවෙි ඇමරිකා තානාපතිනී ජුලියානා චුන්ග් (Julie Chung) මහත්මිය අතර හමුවක් අද (7) කොළඹ හෝටර්න් පෙදෙසේ පිහිටි තානාපතිනියගේ නිල නිවසේදී සිදුකෙරිණි. 07 July 2022
පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක් මුලික අයිතිවාසිකම් භුක්ති විදීම සදහා කටයුතු කරන අවස්ථාවල දී ඉතා වගකීමෙන් යුක්තව කටයුතු කරන ලෙසටත්, රජයේ හා පෞද්ගලික දේපළ වලට හානි කිරීමෙන් හා නීතියානුකූල ලෙස සේවයෙන් යොදවා සිටින රජයේ හා පෞද්ගලික සේවකයන්ට බාධා කිරීමෙන් වළකින ලෙස පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා ප්‍රකාශයක් කරමින් මහතා මහජනයාගෙන් ඉල්ලා සිටියි. 07 July 2022
කළමනාකරණ නිලධාරීන් පාස්පෝට් කන්තෝරුවට කළමනාකරණ සේවා නිලධාරීන් මාස තුනක කාලයක් සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සියලුම ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ. 07 July 2022
ඉන්ධන ලීටරයක් රුපියල් 200 කින් අඩුකරන්න පුළුවන් ඉන්ධන ලීටරයක් දැනට අලෙවි කරන මිලට වඩා රුපියල් 200 ක් අඩු මිලකට ජනතාවට ලබාදීමේ හැකියාව ඇති බවත් ඉන්ධන ලීටරයක සත්‍ය ආනයනික වියදම රුපියල් 300 ට වඩා වැඩි නොවන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (7) පැවසීය. 07 July 2022
පොලිස් ජීප් රියේ යතුරුපැදිය ගැටී පැදිකරු රෝහලේ ධාවනය වෙමින් තිබු යතුරුපැදියකට පොලිස් ජිප් රථයක් ගැටිමෙන් යතුරුපැදිකරු බරපතළ ලෙස තුවාල ලබා නුවරඑළිය මහ රෝහල වෙත ඇතුළත් කිරිමෙන් අනතුරුව පොලිසිය සහ මහජනතාව අතර අද (07) පස්වරුවේ දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති විය. 07 July 2022
කැසිනෝ වලට බදු ගහනකොට ධම්මිකට රිදෙන්නේ ඇයි? බදු නොගෙවන කැසිනෝ සහ සූදූ ව්‍යාපාරිකයින්ගෙන් බදු අයකර ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගැනීමට යන විට අමාත්‍ය ධම්මික පෙරේරා මහතාට රිදී ඇත්තේ මන්දැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 07 July 2022
ඉතිහාසයේ ලොකුම ලණුව කාබනික ව්‍යාපෘතියයි ලංකා ඉතිහාසයේ ඓතිහාසිකම ’’ලණුව’’ කාබනික පොහොර ව්‍යාපෘතිය බව හිටපු අමාත්‍ය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (7)පැවසීය. 07 July 2022
ඉන්ධන පෝලිමෙන් පාමංකඩ වැහෙයි පාමංකඩ හන්දියේ පිහිටි අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් දෙකෙන් ඉන්ධන ලබාගැනීම සඳහා සම්පූර්ණ මාර්ග වැසෙන සේ වාහන ගාල්කිරීම හේතුවෙන් පාමංකඩ ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් දැකිය හැකිය. 07 July 2022
ඉදිරි සංවර්ධන කටයුතු තාවකාලිකව නවත්වන්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පරිපූරක ඇස්තමේන්තුව මගින් නාගරික සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන් නොකෙරෙනු ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසිය. 07 July 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026