(ඉන්දිකා රාමනායක)
විශේෂ දෙයක් කථා කරන්න ඕන කියලා මම ඇය තුරඟ තරඟ පිටියේ පිටියට රැගෙන ආවා. එහි දී “ඔයාව සප්‍රයිස් කරන්න ඕන කියලා” මම ඇගේ ඇස් බැඳ ගෙලට පිහියෙන් ඇන්නා යැයි කොළඹ තුරඟ තරඟ පිටියේ දී සිය පෙම්වතින බව කියන තරුණියගේ ගෙලට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු වන සරසවි සිසුව පොලිසට ප්‍රකාශය ලබා දෙමින් ප්‍රකාශ කර ඇත.
''මම මානසික රෝගියකු කියලා “චුටි” මට නිතරම පරිභය කරනවා. ඒ නිසා මම වේදනාවෙන් හිටියේ.’ මට අහිමි වන ඇයව වෙන කිසිවකුටත් අයිති නොවන්න ඇය මරන්න ඕන කියලා මම මාසයක පමණ කාලයක සැලසුම් කළා. හදිසි කථාවක් තිබෙනවා කියලා මම චුටි ව තුරඟ තරඟ පිටියට කැඳවාගෙන ආවා. ''
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි චතුරි හංසිකා මල්ලාකාරච්චි (24) නමැති තරුණයකි.
එම පීඨයේම ඉගෙනුම ලබමින් සිටි පසිදු චතරංග නමැති සැකකාර තරුණයා පොලිසියට කළ ප්‍රකාශයේ තවදුරටත් මෙසේද සඳහන් වේ.
''මම 2019 වසරේ සිට මානසිත ව්‍යාකූල තත්තවක් වෙනුවෙන් බෙහෙත් ගන්නවා. චුටි සමග 2020 දී මිතුරු වුනා. ඇයට මම බෙහෙත් ගන්නා බව කිව්වේ නැහැ. නමුත් ඇය මීට මාස 4-5ට පෙර ඒ බව දැනගෙන, මා හා අමනාප වුණා. අපේ සම්බන්ධය නතර කරමු කියලා ඇය එය නරත කළා.''
''ඇය වෙනස් වුණා. ඇය මට නිරතව “පිස්සා” කියලා බනිනවා. ඇය වෙනස් වුනේ වෙනත් සම්බන්ධයක් නිසා ද කියල මම හොයලා බැලුවා. නමුත් ඇයට එහෙම සම්බන්ධයක් තිබුණේ නැහැ. මට ඇය සම්බන්ධයෙන් සැකයක් තිබුණෙත් නැහැ. අය මට නිරතම මානසික රෝගියා කියලා බැන වදින නිසා මම ඇය සමග වේදනාවෙන් හිටියේ.''
''සම්බන්ධය නැති නිසා ඇය මට අයිති නැහැ. මට අහිමි වු ඇය වෙන කිසිවෙකුටත් හිමිවෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා මම ඇය ඝාතනය කරන්න ඕන කියලා සැලසුම් කළා.''
''පසුගිය සෙනසුරාදා ඇය මා සමග බහින් බස් වුනා. ඇය කිව්වා අපි මේ සම්බන්ධය නවත්වමු කිව්වා. ඒ වනවිටත් ඇය සම්බන්ධය නවත්වලා තිබුණේ. ඇය මරන්න ඕන කියලා මම සැලසුම් කළා. ඉරිදා වැල්ලම්පිටිය හංදියෙන් මම පිහියක් ද මිළ දී ගත්තා. අඟහරුවාදා ගෙදර ඉදන් ආවේ ඒ පිහිය බෑගයේ දමාගෙන.''
''උදේ පළමු දේශනයට සහභාගි වුණාට පසුව මම “චුටි” ට කිව්වා විශේෂ කතාවක් තියනවා කියන්න තුරඟ තරඟ පිටියට යමුද කියලා. මුලින්ම එයා අකමැත්ත පළ කළා පසුව බලකළ නිසා කැමති වුනා. අපි දෙන්නා ඇවිදගෙනම තුරඟ තරඟ පිටියට ආවා. පොකුණ තියන තැන අපි දෙන්න නැවතිලා කථා කළා. ඇය පිළිබඳ තරහත් තිබුණ නිසා මට ඇය මරන්නම හිත දුන්නා.මම ඇයට කිව්වා ” මට ඔයාට සප්‍රයිස් එකක් තියනවා දෙන්න'' කියලා.. මම ඇය තුරඟ තරඟ පිටියේ ලකූණු පුවරුව වෙත කැඳවාගෙන ආවා''
''ඇයි යළිත් ඇහැව්වා ''මොකක් ද සප්‍රයිස් එක'' කියලා. ඒත් සමගම මම එකවරම එක් පිහි පහරක් ඇගේ ගෙල වෙත එල්ල කළා.. ඒ සමගම ඇය හයියෙන් කෑ ගහගෙන කළබල වෙලා ඇස් දෙක බැද තිබු ලේන්සුව ගලවාගෙන උදව් ඉල්ලා කෑ ගැහුවා . ඒ අවස්ථාවේ මෙම ඇයට තවත් පිහි පහරක් එල්ල කළා. සිද්ධිය වු ස්ථානයට ආසන්නයේ තරුණියන් පිරිසක් සිටියා , ඔවුන් එම ස්ථානයට පැමිණෙතැයි බියෙන් මම එම ස්ථානයෙන් පැනලා ගියා.''
''මම පලා යන මොහොතෙත් මම “චුටි” දිහා නැවතත් හැරිලා බැලුවා ඒ මොහොතේ ”චුටි” කිසිදු හැල්හොල්මනත් නැතිව වැටිලා හිටියා.එළියට දිව ගිය මම කෙලින්ම බස් එකක නැගලා වැල්ලම්පිටියට ගියා , ගියේ කෝචිචියට පනින්නයි. නමුත් බොහෝ වෙලාවක් හිටියත් දුම්රියක් ආවේ නැහැ. එම නිසා මම ගෙදරට ගියා . ගෙදරට ගොස් මගේ පොත් බෑග් ,ඇතුළු භාණ්ඩ ගෙදර තියලා සිය දිවි නසාගන්න කැලණි ගඟට දෙපාරක්ම පැන්නා.''
''අවසානයේ පොලිස් අත්අඩංගුවට පත් වුනා.''

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හාදයා මානසික ලෙඩෙක්නෙ. ඒ දැරිවි මීට වඩා කල්පනාකාරී වෙන්න තිබුණා . නමුත් දැන් සියල්ල අවසන්
මෙවැනි මානසික රෝගීන් නිසා ජීවිත් කීයක් දැන් නැති වුනාද? මේ මඟදී තට්ටු නිවාසයක මානසික රෝගීන් අවුරුදු එක හමාරක දරුවෙන් ජනේලෙන් පහලට විසි කළා. ඔහු මානසික රෝගීන් නිසා කේස් එක ඉවරයි. මෙහෙම වෙන්නේ රට පාලනය කරන්නෙත් මානසික රෝගීන් නිසා වෙන්න ඇති.
මමත් බයො කලෙ..මගෙ ගෑනු ලමය කලෙ මැත්ස්....අපි හුන්ගාක් ආදරෙන් හිටිය...එයා එ ලෙවෙල් පාස් වෙලා පේරා කැම්පස් ගියා..මම ෆෙල් උන...මම දැන ගත්ත එයාට මම නැතුව හොද ලස්සන ජීවිතයක් තියෙනව කියල...මම් එයාගෙන් ඈත් උනා...මම ඇඩුව..පිස්සෙක් ව්ගෙ ඇඩුව තනියම..එය නති අඩුව මකා ගන්න බැරුව...එත් මට තේරුනා ආදරෙ කියන්නෙ දෙන දෙයක් කියල..මම පින් කරල නැහැ එයගෙ ආදරෙ ලබන්න...එයා පින් කාරියක්..මම පව් කාරයෙක්...මම එහෙමයි හිතුවෙ...එයා අදටත් දන්නෙ නැහැ..මම එයාට කොච්චර අදරේ කරාද කියල. එත් මම අදටත් එයා ගැන හිතල දුක් වෙන අතර..මම නැති එයාගෙ ජීවිතේ කොච්චර ලස්සනද කියල...මම දකින්නෙ ෆේස්බුක් එකෙන්..එත් එක එයා දන්නෙ නැහැ. මෙ කතාව ඇත්තම ඇත්ත කතාවක්.
දෙපාරම ගඟට පැනලා පීනාගෙන ගොඩට ඇවිල්ලා තියෙනවා. මේ මිනිහා මේවා කරලා තියෙන්නේ හොඳ සිහියෙන්.
1997 දී තිරගතවූ ‘ ද කිලිං සීක්‍රට් ‘ චිත්‍රපටය මතක් වෙනවා. මානසික ආතතිය හෝ ආබාධයක් ඇති පුද්ගලයෙක් සමග බොහොම වගකීමෙන්ප සහ රිස්සමින් කටයුතු කල යුතුයි.
ඔබේ මරණය ඔබගේ අතේ හෝ අන් කිසිවකුගේ අතේ නොපවතියි - එය ඔබගේ පාලනයින් තොරයි !!
බැලුවහම කැම්පස් වල වැඩිපුරම ඉන්නේ පිස්සෝ. නවක වදය, උද්ඝෝෂණ, ගංජා අයිස්, මිනී මැරුම් කරන ගමන් ඉඳලා හිටලා දේශන වලට යනවා. ආර්ථිකය වගේම රටේ අධ්‍යාපනයත් බංකොලොත්.
මානසික රෝගී සීන් එකක් දාලා එල්ලුම් ගහෙන් නිදහස් වෙන්නයි කොලුවා හදන්නේ
තරුණිය අතත් වැරැද්දක් තිබෙනවා . මානසික ව්‍යාධියෙන් පෙලෙන කෙනෙකු ඇසුරු කරනකොට ඒබව තේරුම් ගන්න ඕන . එවැනි අය කේන්ති ගස්වන්න , අපහාසයට ලක් කරන්න හොඳ නැහැ . පන්ති කාමර වල සිලබස් කවර් කරන්න මූලිකත්වය දෙන මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුය .
ප්‍රෙමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි.බිදුනුදා පූජාව ප්‍රෙමයේ ඔහුගේ ආගම වෛරයයි .සින්දුවක එහෙම තියෙනවා
මේ කොල්ල නම් අමු ගවයෙක්, දැන් ඉතින් සදා කල්ම කම්බි කුරු ටික අල්ලගෙන කොලඹ වෙස්ලි විද්ලේ කොල්ලො ටික ගන්න ආතල් දිහා බලාගෙන හුල්ලන්න තමා වෙන්නෙ. දුකයි
තරුනදරුවන්ගෙ මානසික සංකූලතා හරියට හදුනා නොගන්න දෙමව්පියන් එයාලව මනෝ විද්‍යා උපදේශනයට ගෙනියන්නෙ නැතුව කෙලින්ම මනෝ වයිද්‍යවරුන්ට පෙන්වනවා.. අන්තිමෙදි උපදේශනයෙන් බෙර ගන්න පුලුවන් අයවත් බෙහෙත් බොන අය බවට පත් කරවනව.. මෙ එක හොඳ උදාහරණයක්. . දෙමව්පියනි දැන්වත් මොලෙන් හිතන්න.. මෙ ඔයාල දුක් මහන්සි වෙලා හදා ගත්ත දරුවො..
අනේ ඉතින් ඉගෙනගත්තු ළමයි ගෙ වැඩ....
විශ්වවිද්‍යාලවල ඉගෙනගන්න සිසුන්ගේ ක්‍රියා කලාපය මෙහෙම වෙන්න හේතුව තමයි අධ්‍යාපන ක්‍රමයේ වරද. මේක තේරුම් ගන්න පුළුවන් පිරිසක් ඇවිත් මේ රටාව වෙනස් කරනකම් මේ වගේ දේවල් නිතරම අසන්නට ලැබේවි. නවක වදය, උද්ඝෝෂණ, ගංජා, අයිස්, මිනී මැරුම්, පාතාලේ වගේ.
ලමයි ගැන නිසි අධ්‍යයනයක් කල යුතුයි.මේක හිතට වද දෙනව තමයි, මානසික රෝගී්න්ට සහ එසේ නොවන අයටත් නිසි උපදෙස් ලැබිය යුතුයි.මම ගුරැවරයෙක් නිසා දන්නව,මෙහෙම ලමයි අපිට ඕන තරම් හමුවෙලා තියෙනව.ඒ අයට නසි ගරැත්වය සහ විශ්වාසය ඇති කල යුතුයි. සැකය තමයි මේ හැම එකකටම මුල.මේ මෙවැනි අවාසනාවන්තත තත්වයකට පත්වුණ පළමු සිදුවීම නොවෙයි. ඒ වගේම අවසන් එකත් මෙය නොවෙයි.එබැවින් නිසි උපදෙස් අවශ්‍යයි. ඒ ලමය කරපු දේ ගැන පසුව පසුතැවෙනව.ඒක තමයි මේ රෝගයන්ගේ ලක්ෂණය.
ඔවුන් අතර සම්බන්ද තාව බිඳවැටි තිබුනානම් ඔහු සමඟ නොයා සිටිය යුතුයි.
ලංකාවේ තරුණ තරුණියන් ගොඩක් වෙලාවට මානසික ආතතියෙන් පෙළෙනවා. හේතුව තමයි මුලින්ම අපේ රටේ තියෙන අධ්‍යාපන ක්‍රමය. උපාධියක් නැති අයට රස්සාවක් හොයාගන්න හරිම අමාරුයි. දෙමව්පියනුත් දහ දුක් විඳලා දරුවන් විශ්වවිද්‍යාලයට යවන්න රෑ දවල් නොබලා මහන්සි වෙලා මුදල් උපයලා දරුවන්ට අවශ්‍ය පහසුකම් සලසනවා. හැබැයි ඒගොල්ලන්ට අමතක වෙනවා දරුවන්ට ආදරේ කරන්න ඕනේ එයාලගේ ප්‍රශ්න වලදී ළඟ ඉන්න ඕනේ එයාලගේ කැමැත්ත අකමැත්ත මොනවද කියලා තේරුම් ගන්න ඕනේ කියන එක. දෙමාපියන්ගේ මේ රැකවරණය තේරුම් ගැනීම නැති තරුණ දරුවො ප්‍රශ්න කතා කරගන්න කියන්න කෙනෙක් නැතුව ගොඩක් වෙලාවට මානසික ආතතියකට පත්වෙනවා. දෙමාපියන් එක්ක කිට්ටු සම්බන්ධතාවයක් තිබ්බනං මේ පිරිමි දරුවා මේ ප්‍රශ්නේ ගැන දෙමව්පියොත් එක්ක කතා කරන්න තිබ්බා එහෙනම් හොද මනෝ උපදේශනයකට යොමු කරලා එයාලගේ මගපෙන්වීම යටතේ මනෝ වෛද්‍යවරයෙකුගෙන් පිළිවෙළට ඖෂධ ලබාගෙන බුද්ධිමත්ව මේ ප්‍රශ්නය දිහා බලන්න ඔහුට අවස්ථාව තිබුණා. මේක උදාහරණයකට ගන්න මම හිතුවේ අදටත් දරුවන්ගෙන් උපාධිය පමණක් බලාපොරොත්තුවෙන් දරුවන්ගේ හැඟීම් සිතුම් පැතුම් වටහා නොගන්න දහසක් දෙමාපියන් දැනුවත් කිරීමටයි
කෙල්ල මරන්නෙත් ඇස් බැඳලා...මූ ඔක්කොම හොඳ සිහියෙන් කරලා දැන් මානසික සීන් එකක් දාලා බේරෙන්නයි හදන්නේ ..
ලෝකයෙ මෙය පළමු සිදුවීම නොවෙ. සමාජ විද්‍යාත්මකව, විද්‍යාත්මක දත්ත සමග ගලපා බැලිය යුතුය. සිරිලාංකිකයන්ට ආවෙනික දුර්වලතා ඇති බව දනිමි. එයට බහුතරයකගෙ ආගම, බුද්දාගම හෙතු වන බව දකිමි. බුද්දාගම යනු සම්පූර්ණයෙන් විකුර්ති කරන ලද බුදුදහම බව අවදාරනය කරමි. රටෙ සමස්ත ආර්තික හා සමාජ පරිහානිය මෙ විකුර්ති ප්‍රධාන හෙතුව වනවා වනවා කර්ම කර්ම පල නියාය දහම මම විස්වාසයෙන් නොව ප්‍රත්‍යක්ෂ වශයෙන්ම සත්‍ය බව අවදාරනය කරමි. බුද්දාගමෙ විකුර්තිය නිසා බහුතරය වින්දිතයන් බවට පත්ව ඇත. බුදුදහම යනු මානවයාට දුකෙන් මිදි සැප සතුට ලඟාකර ගතහැකි මාර්ගය බව අවදාරනය කරමි!-
මම විද්‍යෝදය කැම්පස් ගියේ 1971 වසරේ . ඒ කාලය ගැන අලුතින් යමක් කියන්න ඕන නැහ. ඒ උනාට සිසුන්ගේ විවිධ ගැටලු වලට උපදෙස් දෙන්න විසදුම් දෙන්න ආචාර්ය මහාචාර්ය වරු සෑම විටම සූදානම් වෙලා හිටියා. ( දේශපාලන වැඩ වලට හැර ) සිසුන්ට එය ලොකු පිටුවහලක් උනා. අද එවැනි ත්ත්වයක් නැහ. ගුරුවරුන්ට ගරු කිරීමක් නැහ. විෂය කරුණු විතරයි සිසුන්ට නායකත්ව පුහුණුවක් ලැබුනොත් හොඳයි.
අධ්‍යාපනය මොන විදියට කරත් සමාජයේ පිළිබඳ දැනුමක් නොමැතිව ජීවත් වීමට නොහැකියි..
අනේ ඉතිං මේ රටේ අර්බුදය නිසා කෝච්චියට පනින්නත් බැරි වුණානේ...
මෙයා කියන්නේ බොරු.. මානසික ලෙඩක් තියෙන කෙනෙක්ව ඉක්මණින් නිදහස් කරනවා... එයා ඒක කළේ හොඳ මානසික මට්ටමකින් නෙමෙයි කියලා... ඒ නිසා දැන් බේරෙන්නයි එහෙම කියන්නේ. රැවටෙන්න එපා...
එක්කෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා "බලපුවම වැඩිපුරම කැම්පස් වල ඉන්නේ පිස්සෝ" කියලා. ඉන්නේ කිව්වේ ඉගෙන ගන්නෙ. හැබැයි මම කියන්න කැමතියි , වැඩකරන එවුන්නුත් පිස්සෝ වැඩිපුරම . ළමයි මෙහෙම වෙන්නෙ ඒ නිසාද මංදා. මටනම් එපා වෙලා ඉන්නෙ. මේකෙ ඉදලා. මල ජහ ජරාවක්.
මිනිත්තු කිහිපයකින් සැලසුම් කර මිනීමරණ මානසික රෝගියෙකු එල්ලා මරා දැමිය යුතුය.සමාජයට අනතුරක්
දෙපාරක් වතුරට පැනලා ආපහු ගොඩට ආවේ මරන බිය නිසානම් තව කෙනෙකුගේ ජීවිතය නැති කරන එක මොනතරම් පාපයක්ද.........
ඉතාම ශෝචනීයයි. අධ්‍යාපානයේ අදුරු පැතිකඩ මින් පෙන්නුම් කරනවා . ප්‍රාථමික අවධියේ සිට උසස් පෙළ හා විශ්ව විද්‍යාලය තුළදීත් සිදු කරන්නේ එකා පරයා අනෙකා නැගී සිටින සේ සකස් කළ ඇගයීම් හා පරීක්ෂණ ක්‍රමවේද. කලාව,සාහිත්‍යය ක්‍රීඩාව හා නිදහසේ ක්‍රියාත්මක වන සුරක්ෂිත වාතාවරණයක් නිර්මාණය වන්නේ නෑ. අපේ ගමේත් මානසික රෝගී තරුණයෙක් ඔහුගේ මව හා පියා එකම දවසේ ඝාතනය කලා. දරුවන්ට ආදරය දැනෙන්න ජීවත් වෙන්න අවශ්‍යයයි . පරාජය ලබන්නත් පරිත්‍යාගයටත් හුරු කළ යුතුයි.
මීළඟ බිල්ල බලාපොරොත්තු වන්න
බලන් යද්දී උගත් උනුත් මානසික රෝගියෝ ඉන්නවා .අපේ පැත්තෙත් ඉන්නවා උන්ව ගෙවල් වල තියන්න හොඳ නැහැ. අහිංසක මිනිස්සු මරණ නිසා
සිදුවීමක් උනාට පසු මනසික රෝග කියන තැනට වඩා , දරැවන්ගේ චිත්ත වේගය පාලනය හුරැකරවන්න අධයාත්ම්ක මෙන්න ධාර්මික පැත්තට යොමු කරව්මට වර්තමාන සමාජයේ දෙමාපියන් ඇතුලු සෑම දෙනාම අවධාරනය යොමු කලයුතුව ඇති අතර තරැණ දරැවෝද වඩාත් බුද්ධිමත්ව තැනට සුදුසු ලෙස කල්පනාවෙන් ජීවත්ව්ම හා තීරන ගැනිම කල යුතුය, ඵසේ නොවුනහොත් ඔබලාගේ වට්නා ජීවිත නිකරැනේ කාලකන්නි වේවි.
දෙමව්පියෝ දරුවෝ රැල්ලට තරඟකාරීත්වයක යවනවා උන්ට අහිමිවීම්වල දරාගැනීමක් හුරු නෑ විභාග පේල් උනත් මැරෙනවා මරාගන්නවා . ශ්‍රි ලාංකික තරුණ ප්‍රජාවෙ වැරැද්දක් තියෙනවා ඒ තමයි ප්‍රේම කරන්න කලින් එකිනෙකා සංසංදනය කරලා ගැලපෙනවද බලන්නේ නැතිකම මේවා සමාජ වැරදි
මමත් දැං අවුරුදු 3ක විතර ඉදලා විශාදය (ඩිප්‍රෙශන්) නිසා බෙහෙත් ගන්න කෙනෙක්... මම දන්නව ඔය අසනීපය කොයි තරම් දරුනුද කියලා... කායික අසනීපයක් වගේ නෙමෙයි. විදවීම මනස තුලින් වෙනකොට ඒක වේදනාව බරපතලයි. ඒ කෙනාටත් එහෙමම දැනෙන්න ඇති. පාළුව තනිකම... අධික කෝපය. අදහස්මේ ක්ෂණික තීරණ බවට පෙරලීම. එහි මූලික ලක්ෂණ කිහිපයක් පමණයි... එම අසනීප තත්වය ගොඩක් බරපතල උනු අවස්ථා වලදී ඔවැනි ක්‍රියා නිතැතින්ම තම මනසට ගලා එනව. ඒව සැලසුමි කරන්නෙ තමා නොහිතාම වෙන දෙයක් විදියටයි මට නම් දැනෙන්නෙ. මානසික රෝගියෙකු විදියට සමාජයා කොන් කරද්දී එයාව. එයා තමන්ගෙ ගැහැණු ලමයගෙන් ඒ පිටස්තර පහත් ගතිය බලාපොරොත්තු නොවී තමන්ට ඒ දැනෙන මහා පාලු තනිකමට ආදරය මහ ගොඩක් බලාපොරොත්තු වෙන්න ඇති..... මම ඔහුව නිවැරදි කරනවා නෙමෙයි. මේ මට දැනෙන විදිය.. මොකද කවුරු මොන මොන විදිවල කතා කිව්වත් ඒ තත්වය ඇත්තෙන්ම මනසින් විදවූ කෙනෙක්ම විතරයි දන්නෙ තමන්ගෙ සැබැ තත්වය සහ ඒ වේදනාව... මම දකින විදියට එම අයට දෙන්න පුලුවන් හොදම බෙහෙත ආදරයයි... එවිට ඔහුටත් තේරේවි ඔහු අතින් සිදු වූ වැරැද්දක බරපතල කම........ අපි මුලින්ම කරන්න ඕනි මේ සමාජ රටාව වෙනස් කිරීමයි..
අපේ රටේ මානසික සෞඛ්‍යය ක්ෂේත්‍රය මීට වැඩිය ශක්තිමත් වෙන්න ඕනි. මානසික රෝගියකු සාමාන්‍ය සමජයේ සිටින විට මීට වඩා හොඳි පසු විපරමක් සෞඛ්‍යය කාර්‍ය මණ්ඩලය මඟින් හා පවුලේ සාමජිකයන්ගෙන් විය යුතුය. අවුරුදු 25ක පමණ කාලයක් දුක් විදල මේ දරුවන්ට අධ්‍යාපන ලබා දුන් අහිංසක දෙමාපියන්.....
උගත් මිනිසෙක් වීමට පෙර ඔහු හෝ ඇය හොඳ පුද්ගලයකු විය යුතු බව වත්මන් අධ්‍යාපනයෙන් දරුවන්ට අවබෝධ වේ දැයි මට සැකයක් ඇත. මම මෙහි පහත සඳහන් දේ සඳහා හොඳ අදහස් කරමි: 1. යමෙක් අවංක පුද්ගලයෙකු විය යුතුය 2. යමෙකු ස්වාධීන පුද්ගලයෙකු විය යුතුය.
විශ්වවිද්‍යාලවලට ඇතුළත් කළ යුත්තේ මානසික රෝගවලින් පෙළෙන්නේ නැති සිසුන් පමණයි. සෑම වසරකම ලියාපදිංචි වෛද්‍ය වෘත්තිකයෙකු වුවද සිසුන් එහි වෛද්‍ය යෝග්‍යතාවය ප්‍රකාශ කළ යුතුය. මානසික රෝගියෙකු වෘත්තිකයන් බවට පත් කිරීමට රජය මුදල් නාස්ති නොකළ යුතුය. අන් අයගේ ජීවිත අනතුරේ හෙළීමට ඔවුහු විනාශය කරති.
ලංකාවේ ගොඩක් දෙනෙක් ට මේ වගේ මානසික ප්‍රශ්න
මානසික රෝගයට බෙහෙත් ගත්තත් ඒක සුව වෙලා නෑනෙ එයාගෙ.කොහොම නමුත් මිනීමරුවෙකු ලෙස සිතා නියම දඩුවම දිය යුතුයි.නැතිනම් මේ කෙනා අතින් තව මිනීමැරුම් වෙන්න පුලුවන්.
මේක නං කොළඹ විශ්වවිද්‍යාලයට කරපු නින්දිත ක්‍රියාවක්. අර කොල්ලට උපරිම දඬුවම් දෙන්න ඔන. දෙමාපියන්ගේ මහන්සිය වතුරේ ගියා වගේ මට දැනනවා. ඉගෙන ගන්න ආවානම් ඒ අරමුණෙන්ම ඉන්න ඕන. ආදරය කරන කොට කවුරුහරි කැමති නැහැ කියල කිව්වනම් අයින් වෙලා යන්න ඕන. උසස්පෙළ විභාග පාස් කරලා ආපු අයනේ . ඒක තමයි සැබෑ ආදරය කියන්නේ. නමුත් රවටාගෙන ගිහින් මරණවා කියන්නේ අනුමත කරන්න බැහැ. දැන් මොනවද ප්‍රතිපල. ජීවිතාන්ත තෙක් හිරගෙදර රැඳවියන් වගේ අවුරුදු ගණනාවක් පුරා මැරෙන කම් විදවපන්. ඔබට දෙපාරක් සිතන්න තිබුණා නේ.
මේ වගේ උන් නිසා තමා දවසක සේරම නැති වෙන්නෙ.
මේ සරසවිවල පාසල්වල නිතරම මේ වගේ සම්බන්ධතා ඇති වෙනවා නැති වෙනවා. මේ කරපු මිනී මැරුම වහන්න මොනවා කළත් බෑ. මේක වැරදි ආදර්ශයක්. මේක බලලා පාසලකත් මේ වගේ දෙයක් වෙන්න බැරි කමක් නෑ. ඒ නිසා මේක සාධාරණය කරන්න එපා. අපි හැමෝටම වගේ පරාජිත ප්‍රේමයන් තියනවා. සරසවිවල ඉගෙන ගෙන තියනවා. මේ කියන ඒවායේ හැටියට හැමෝම හැසිරෙන්නේ නෑ. මේක ඝාතනයක්. මිලේච්ඡ ඝාතනයක් . මේවාට වචනෙකින්වත් අනුබල දෙන්න එපා. එහෙම දෙනව නම් ඊළඟ ඝාතනයේ වගකීම ගන්න.
පුදුම පව්කාරයෙක්.
මානසික ලෙඩක්නම් ගගේ පනිනයි කෝච්චිවලට පනින්නයි යද්දි ලෙඩේ හොද වෙන්න ඇති.... මෙවා අහන අපිට මානසික ලෙඩ හැදෙන්නේ.
හරි ආදරවන්තයෙක් කවදාවත් තමන්ගේ ආදරවන්තියව මරාදමන්නේ නෑ. ආදර වන්තිය හෝ ආදරවන්තයා දෙදෙනාගේම සතුට ගැන හිතනවා. කෙනෙක්ව තමන්ට නොගැළපෙනව නම් ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය දෙදෙනාටම තියෙනවා. මානිසක රෝගයක් තිබුණත් හිතලා වැඩ කරන්න පුළුවන්. ඒකනේ ඒ පිරිමි ළමයා විශ්ව විද්‍යාලයට ආවේ. එහෙත් ඔහු ආත්මාර්ථකාමී පුද්ගලයෙක්. ඔහු කරේ ලෝකෙට වටිනා ජීවිතයක් අහිමි කිරීමක්.
කැලැණි ගගට දෙපාරක්ම පැනලා පණ බේරගන්න ගොඩට පීනගෙන එන්න පුලුවන්ද මානසික රෝගියෙක්ට.සිද්ධියෙන් ලිස්සලයන්න හදාගත්තු මනඃකල්පිත චරිතයක් "මානසික රෝගියා" කියන්නෙ.
මානසික ලෙඩක් කියපු ගමන් කොහොමත් කෑෂ් එක ක්ලෝස් කර ගන්න පුළුවන්... කැළණි ගඟට පැනලා බේරිලා ආවේ නම් සිහියක් නැතිවෙන්න බැහැනේ... අමූලික බොරු...
දෙමාපියන්ගෙන් දරුවන්ට අවශ්‍ය ආදරය නොලැබුණු දෙදෙනෙකුට වුණු එකක් ලෙස සැලකිය හැකිය.. පව් අපේම සම්පත් නේද මේ දරුවෝ...!