යුක්රේන යුද්ධයේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ බව පැවැසෙන රුසියානු හමුදාවේ ඉහළ පෙළේ ජෙනරාල්වරයකු වන ලුතිනන් ජනරාල් ව්ලැදිමීර් ඇලෙක්සෙව්, මොස්කව් අගනුවරදී වෙඩි ප්‍රහාර කිහිපයකට ලක්ව තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මොස්කව් නුවර වයඹදිග තදාසන්න ප්‍රදේශයක පිහිටි නේවාසික ගොඩනැගිල්ලක් තුළදී​ ජනරාල්වරයා මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්වුණු බව ද පැවැසෙයි.

ඇලෙක්සෙව් වහාම රෝහල්ගත කර ඇති අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නැත.

ලුතිනන් ජනරාල් ව්ලැදිමීර් ඇලෙක්සෙව්ට යුරෝපා රටවල් සම්බාධක පනවා ඇත. ඒ, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නියෝජිතයකු ලෙස කටයුතු කිරීම ​නිසාය.