(විමුක්ති එස් රුද්‍රිගු)
තමන් කම්කරු පක්ෂ නායකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ධුරයෙන් එළඹෙන පෙබරවාරි මස 7 වැනිදා ඉල්ලා අස්වෙන බවත් කම්කරු පක්ෂය සඳහා නව නායකයකු තෝරා පත් කර ගැනීම සඳහා නුදුරේදී ඡන්ද විමසීමක් පවත්වන බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩර්න් මහත්මිය ප්‍රකාශ කළාය.
තමන් නවසීලන්ත අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ වසර හය ඉතාමත් අභියෝගාත්මක කාලයක් වූ බවත් තමන් නැවත වරක් අග්‍රාමාත්‍ය ධුරය සඳහා තරඟ වැදීමට බලාපොරොත්තු නොවන බවත් අර්ඩර්න් මහත්මිය පෙන්වා දී තිබේ.
2017 වසරේදී නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ලෙස වයස අවුරුදු 37 දී තේරී පත් වූ අතර ඇය අග්‍රාමාත්‍ය ධුරය සඳහා තේරී පත් වූ ලොව ලාබාලතම රාජ්‍ය නායිකාවද වූවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නිතරම කියවන, සුද්දෝ පිළිපදින, තණ්හාය ජායතී සෝකෝ
මෙවැනි නිර්භීත තීරණයක් ගැනීමට දූෂිත පැරණි දේශපාලකයන්ට හැකියාවක් නැත. මෙයට හේතුව ඔවුන් වසර ගණනාවක් තිස්සේ කිසිදු වැදගත් කාර්යයක් සම්පූර්ණ කර නොතිබීමයි.
ඒ නවසීලන්තේ..ඒකට මෙහේ.හැරමිටියෙන් නෙවේ පෙට්‍ට්යෙන් යන ගමනුත් වැඩේ අතහරින්න සුදානම්.නැ
ලෝකයට ආදර්ශවත් නායිකාවක් .අපේ රටේ නායකයෝ කයිවාරු ගහනවා .දශක 3-4 පාර්ලිමේන්තුවේ හිටියා කියලා අන්තිමට මේ සේරම එකතුවෙලා රට බංකොලොත් කරා.දැන් වල පයයි ගොඩ පයයි තියාගෙන බල තන්හාවට තව නැගිටින්න දඟලනවා
ලංකාවේ නායකයින්ට ලොකු ආදර්ශයක්.
අවම වශයෙන් ලංකාවෙ සිටින හැත්තෑව පසුකල අපේ මව්බිම කාබාසිනියා කල දේශපාලුවන්ටත් සධාකාලිකව පක්ෂ නායකත්වයේ සිටීමට දගලන දේශපාලුවන්ටත් මෙතුමිය ආදර්ශයට ගැනීමට සිත් පහලවේවා
ආදර්ශවත් ජන නායිකාවක්..
එකට අපේ රටේ ඈයෝ...... වයස අවු: 70 පැනලත් දේශපාලනය කරනවා.... තරුණ පරපුරගේ අනාගතයක් තියේයිද???
ගන්න අපෙන් ආදර්ශ. යන්න එපා මැරෙනකම්. දෙන්න තැන පවුලේ අයට. ඉන්න බලන්න සදහටම.
මේවා අහලා පණ පලයන් පෙරේදා කිව්වලු. බැරිද අපේ රටින් තරුණයෙක් ගෙන යන්න අගමැති කමට? අපේ රටේ දේශපාලනය කිරීමට එකම සුදුසු කම තරුණයෙක් වීම. අපෙ රටේ තරුණයින්ට ඕනෑම දෙයක් කරන්න පුලුවන්ලු. හැබැයි කාලයක් තිබුනා හන්දි වල පිච්චි පිච්චි හිටිය.
නැතුවද කියන්නේ බමුණෝ, දුටු ගැමුණු රජතුමා වුනු දුෂ්ට ගාමිනිත් හැට පැනපු මහල්ලෙක් නේ.
ඇය ඉවත් වෙන්නේ ඒ වගකීම තව දුරටත් එයාට දරා ගන්න බැහැ කියලා. ඔය වගේම එකක් UK වල උනා. තරුණකම හොඳයි, නමුත් පරිනත බව නැතිව රටක් පාලනය කරන්න බැහැ
බමුණා මැදමුලන බකමූනා
මෙන්න නියම ආදර්ශමත් දේශපාලන නායකයෝ. ඒකට ලංකාවෙ. අන්්‍තිම පනකෙන්දත් තියෙනතුරු මේකෙ රස බලබලා ඉන්නයි හදන්නේ. ඒමදිවට මුළු නෑදෑ සංහතියම දේශපාලනයෙන් වැජඹෙමින් පරම්පරාගනනකට හරිහම්බ කරගන්නවා. මොවුන්ගෙ වත්කම් ගනනනය කරන්නේ ඩොලර් බිලියනවලින්.
උගත් බුද්ධිමත් නායකයෝ එහෙමයි ගොන් මැට්ටෝ තනතුරක් ගත්තහම දාලා යන්න දුකයි .බල පෙරේතකම
නිතර බණ ඇහෙන, පෙර පින් (පව්) නිසාම උපදිනවා යයි කියන ලංකාවේ තත්වේ කොහොමද…? ඉන්නෙම හොර තක්කඩියෝ නේද…..?
37 6=43 අපෝ මේ වයස 43 නෙව, විශ්‍රාම යන වයසක් ද මේ? තව අවුරුදු 30ක් වුණත් මෙහෙ වගේ බැරිද දේශපාලනය කරන්න.මෙහෙම ගියොත් අපේ පාර්ලිමේන්තුවටවත් ජනාධිපතිකමටවත් කවුරුවත් නැහැනෙව.
මෙන්න පූර්වාදර්ශ..