අඩු ටෙන්ඩරය අහෝසි කර වැඩි මිලට ගෑස් අරන් අඩුමිලට ගෑස් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබූ වාර ටෙන්ඩරය (Term Tender) අහෝසි කර ඇ. ඩො 129 බැගින් වැඩි මිලට ගෑස් මෙ.ටො ලක්ෂයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව මාර්ගයෙන් පරීක්ෂණයක් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා නිර්දේශ කළේය. 06 July 2022
ජීවිත ආරක්ෂාව තකා එස්.එම්ලා සේවයෙන් ඉවත් වෙති කොළඹ කොටුව සහ මරදාන ඇතුළු රට පුරා දුම්රිය ස්ථාන රැසක සේවයෙන් දුම්රිය ස්ථානාධිපතීන් ඉවත්ව සිටීම නිසා දුම්රිය ස්ථාන රැසක මේ දක්වා ප්‍රවේශපත් නිකුත් නොකරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 06 July 2022
ගෝඨා පුටින්ට කතා කරයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා සමඟ ඉතා ඵලදායී දුරකථන සාකච්ඡාවක් පැවැත්වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කළේය. 06 July 2022
‘‘කරන්න බැරිනම් දමල ගහල යා යුතුයි‘‘ ආණ්ඩුව කිරීමෙි වරම විපක්ෂයට ලැබුනොත් බය නැතිව ආණ්ඩුව අරගත යුතුයැයි ද බෙල්ල තියල කරන්න බැරි නම් දමල ගහල යා යුතු යැයිද ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී අද 6 පැවසීය. 06 July 2022
‘‘කතාවෙන් කිව්වට කවුරුත් බාර නොගන්නේ ක්ෂණික විසඳුම් නැති නිසයි‘‘ ආර්ථික අර්බුදයට ක්ෂණික විසදුම් දිය හැකි අයකුට අගමැති ධූරය බාරදීමට රනිල් වික්‍රමසිංහ මහතා සුදානම් වුවත් ඒ කිසිවකු ඊට ප්‍රතිචාර නොදක්වන්නේ මෙි අර්බුදයට ක්ෂණික විසදුම් නොමැති නිසා බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (06) ප්‍රකාශ කළේය. 06 July 2022
නාලක ගොඩහේවාගෙන් ආණ්ඩුවට චෝදනාවක් ආණ්ඩුවට සැලැස්මක් නොමැති අතර සැලස්මක් ගැන කතාකරන අයට ඉඩක් ද නොදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි. 06 July 2022
ලංකාපුර පරිපාලන නිලධාරිනියගේ ඝාතනයට සැමියා රිමාන්ඩ් පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යායේ පරිපාලන නිලධාරිණියක ලෙස සේවය කළ යමුනා පද්මිණීගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ඇගේ සැමියා මෙම 08 වැනි දා දක්වා රිමාන්ඞ් බාරයේ තබන්නැයි පොලොන්නරුව මහේස්ත්‍රාත් සකිත ක්‍රිෂාන් වික්‍රමරත්න මහතා අද නියෝග කළේය. 06 July 2022
‘‘අත්‍යාවශ්‍ය කරුණකට හැර ලංකාවට යන්න එපා‘‘ අත්‍යාවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස සංචාරක උපදේශන යාවත්කාලීන කරමින් බ්‍රිතාන්‍ය සහ නවසීලන්තය දෙරටේ පුරවැසියන්ට උපදෙස් දී තිබේ. 06 July 2022
තරුණ ප්‍රජාවගේ විශ්වාසය භංග වෙලා පාර්ලිමේන්තුව ඇතුළු ප්රජාතන්ත්රවාදී ආයතන කෙරෙහි දැන උගත් තරුණ පරම්පරාවේ විශ්වාසය බොහෝ දුරට භංග වී ඇතැයි සමගි ජන බලවේගයේ පත් කළ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් මහතා පාර්ලිමේන්තුවේ දී අද (6)පැවසීය. 06 July 2022
නිමල් වරාය හා ගුවන් සේවා අමාත්‍යංශයෙන් ඉල්ලා අස්වෙයි වරාය හා ගුවන් සේවා අමාත්‍යංශයෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. 06 July 2022
යග්ගහපිටිය සිද්ධියට ආරක්ෂක ලේකම් මානව හිමිකම් කොමිසමට කුරුණෑගල යක්ගහපිටිය ඉන්ධන පිරවුම්හලේ ඉකුත් දා ඇති වු සිද්ධිය අතරතුර යුද හමුදා නිලධාරියකු පුද්ගලයකුට පා පහර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගෙන් කරුණු විමසීමක් කළ බව කොමිසම පවසයි. 06 July 2022
‘‘රනිල් මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා අස්විය යුතුයි‘‘ අගමැති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධූරයෙන් වහා ඉල්ලා අස්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පැවසීය. 06 July 2022
ඉන්ධනහල අසල කලබල කළ 13ක් අල්ලයි වැල්ලවාය මොනරාගල පාරේ අයි.ඕ.සී ඉන්ධන තොග අවසන්විමත් සමග ඒ අසල කලහකාරි ලෙස හැසිරුනු පුද්ගලයයන් 13 දෙනෙකු හා එම ස්ථානය ආසන්නයේ දමා ගිය අයිතිකරුවන් නොමැති යතුරුපැදි 20ක් පමණ පොලිස් බාරයට ගෙන ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි. 06 July 2022
කුඩු සහ ලක්ෂ 21ක් සමග කතක් මාට්ටු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු යැයි කියන ‘ඩුබායි නිපුන’ නැමැත්තාගේ අනියම් බිරිඳ යැයි පැවසෙන කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 20 ක් සහ රුපියල් ලක්ෂ 21 කට අධික මුදල් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 06 July 2022
හිරුණිකා අත්අඩංගුවට කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව අසල විරෝධතාවක නිරතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුලු නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 06 July 2022
හිරුණිකා ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධයක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කොටුව ජනාධිපති මන්දිරයේ පිවිසුම් දොරටුව අසල විරෝධතාවක් ආරම්භ කර ඇත. 06 July 2022
‘‘අතීතය පාරන්නේ නැතිව වළෙන් ගොඩ යන්න බලමු‘‘ අර්බුදකාරී අවස්ථාවේ සියලු දෙනාගේම වගකීම සහ යුතුකම වන්නේ අතීතය පාරමින් සිටීම නොව අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශක්ති ප්‍රමාණයෙන් සහය වීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය. 06 July 2022
අනවසරින් රටින් පිටවෙන්න ගිය තවත් 53ක් අත්අඩංගුවට නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන ජාවාරම්කරුවන් දෙදෙනෙක් සමඟ පුද්ගලයන් 53 ක් ත්‍රිකුණාමලය සහ මන්නාර ප්‍රදේශවලින් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය. 06 July 2022
කාර්යාල දුම්රියන් 26ක් ධාවනය නොවෙයි සියලු කාර්යාල දුම්රියන් අද දිනයේ ධාවනය කළ නොහැකි බව නියෝජය දුම්රිය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා පවසයි. 06 July 2022
රටපුරා තැන තැන වැසි වාර කිහිපයක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (6) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 06 July 2022
චීනය සඳ අයිති කරගන්න හදනවා චීනය ඔවුන්ගේ හමුදා අභ්‍යවකාශ වැඩසටහනක් යටතේ සඳ අයිති කර ගැනීමට උත්සාහ ගන්නවා යැයි ඇමෙරිකා ‘ජාතික ගගන විද්‍යාව සහ අභ්‍යවකාශ පරිපාලනය’ හෙවත් ‘නාසා’ ආයතනයේ ප්‍රධානී බිල් නෙල්සන් චෝදනා නගයි. 06 July 2022
බ්‍රිතාන්‍යයේ මුදල් ඇමැති සෞඛ්‍ය ඇමැති ඉල්ලා අස්වෙති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ රජය අර්බුදයකට ඇද දමමින්, එරට මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුනාක් සහ සෞඛ්‍ය අමාත්‍ය (සෞඛ්‍ය ලේකම්) සජීද් ජාවඩ් ඉල්ලා අස්වූහ. 06 July 2022
දුම්රිය ස්ථානාධිපති වැඩවර්ජනය අත්හිටුවයි දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පැය 24ක වැඩවර්ජනය අත්හිටවූ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පැවසීය. 05 July 2022
දුම්රිය ස්ථානාධිපතිවරු පැය 24 ක් වර්ජනයේ දුම්රිය ස්ථානාධිපතිවරු අද (5) මධ්‍යම රාත්‍රීයේ සිට පැය 24 ක කාලයකට සියලුම සේවාවලින් ඉවත් වන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා අද රාත්‍රී පැවසීය. 05 July 2022
සෙල්ලම් කාරයක් ඉන්ධන පෝලිමේ ත්‍රිකුණාමල ලිංගනගර් අයි.ඕ.සි.ඉන්දනහල අසල පෝලිමට සෙල්ලම් කාරයක් ද අද පැමිණ තිබුණි. 05 July 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවකට පෙළ ගැසෙති සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට අදාළ වැඩපිළිවෙළක් සකස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විපක්ෂයේ පක්ෂ රැසක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (05) පස්වරුවේ රැස් වී ඇත. 05 July 2022
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ඉවත් කරන්නැයි ඉල්ලයි මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් ඉවත්කරන්නැයි මන්ත්‍රීවරුන් පිරිසක් පෙරේදා (04) පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ඉල්ලීමක් කර ඇත. 05 July 2022
ආයෙත් කොරෝනා අවදානමක් කොවිඩ් රෝගය යළිත් මතුවීමේ අවදානමක් උද්ගතව ඇති බැවින් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා හතරම ලබාගැනීම වැදගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. 05 July 2022
එන්ජින් රියැදුරෝ කොටසකුත් වැඩවර්ජනයට එක්වෙති දුම්රිය ධාවනාගාර සේවකයන් සහ නියාමකයන් ක්‍රියාත්මක කරන වැඩවර්ජනයට දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ කොටසක් අද (5) මධ්‍යම රාත්‍රීයේ සිට එකතු වන බව දුම්රිය නඟාසිටුවීමේ වෘත්තීය සමිතියේ කැඳවුකරු ඉන්දික දොඩන්ගොඩ මහතා අද රාත්‍රී පැවසීය. 05 July 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026