(අංජුල මහික වීරරත්න)
ඡන්ද ව්‍යාපාර සඳහා මුදල් දෙන පාර්ශව හෙළි කෙරෙන මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට විපක්ෂයේ පක්ෂ විරුද්ධ වීම නිසා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් හෙට (18) පැවැත්වේ.
මැතිවරණ වියදම් නියාමන පනත ගෙන ඒම මගින් අපේක්ෂා කරනු ලැබුයේ මැතිවරණ ව්‍යාපාරය සඳහා මුදල් වියදම් කරන පාර්ශව පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කිරීමයි.
එම ක්‍රමවේදය ගෙන එනවාට විරුද්ධ බව විපක්ෂයේ පක්ෂ නායකයෝ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා හමුවී අද (17)කරුණු දක්වනු ලැබූහ.
අධිකරණ අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාව පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු පක්ෂ නායකයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුව පැවැත්වීමට තීරණය කෙරිණි.
ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය ඇතුළු බහුජන සංවිධාන ගණනාවක් අදාල පනත ගෙන එන ලෙසට රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව එය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගැනුණි.
මෙරට ඡන්ද ව්‍යාපාරවලට මුදල් දෙන පාර්ශව හෙලි කරනවාට විරුද්ධ පක්ෂ නායකයන් එරෙහි වන්නේ කුමක් නිසාදැයි තේරුම් ගත නොහැකි බව මේ සම්බන්ධයෙන් කරුණු විමසීමේදී රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රවෘත්තිය තනිකරම විකෘති කරලා තියෙන්නේ. අනුර දිසානායක සහෝදරයා පැහැදිලිවම කිව්වා මේ පනතට පක්‍ෂයි. ඒත් මේ වෙලාවේ ආණ්ඩුව මේක ගේන්නේ පලාත්පාලන ඡන්දය කල් දමා ගැනීමේ උවමනාවෙන්. ඒ නිසා මේ වෙලාවේ මේ පනත ගේන්න එපා කියලා.
විපක්ෂ නායකට මුදල් ලැබෙන ආකාරය හෙළිකිරීමට ඔහු අකමැතියි
ජනතාව දුක් විඳිනවා විරුද්ධ පක්ෂවලට දරා ගන්න බැරි දුකක්. ඒ නිසා ජනතාව මුදා ගන්න නම් මේ රජය පෙරලා දමා බලය ගත යුතුයි. ඔක්කොම එකතුවෙලා වැඩකරලා ජනතාවට සහනයක් ලබා දෙන්න පුලුවන් වුනත් බලය ගත්තොත් ජනතාවට කිරියෙන් පැණියෙන් උතුරැවන්න පුලුවන් නිසා ජනතාවට එය ලබා දිය යුතුයි. ඒකනේ බත් වෙනුවට බස් ලබා දෙන්නේ. ඉතින් මේ රජය එලවා දමන්න ගොඩාක් සල්ලි ඕනෑ. ඒකයි ඔය පනතට විරැද්ධ.
ඡන්ද කල්දාගන්න ආණ්ඩුවේ තවත් නාට්‍යයක්... බයියන් ඉතින් ජවිපයටයි, විපක්ෂයටයි බැනගෙන යයි...