විභාග කාලසටහන මැතිසබේදී ප්‍රකාශයට අපොස උසස් පෙළ, අපොස සාමාන්‍ය පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දින වකවානු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (5) ප්‍රකාශයට පත් කළේය. 05 July 2022
මැතිසබේ විහිලු කතා සෙල්ලම දෙවියන්ගේ නාමයෙන් නවත්වන්න ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර සොයනවා වෙනුවට විවිධ විහිළු කතා සපයමින් මැතිසබයේ කරන සෙල්ලම වහාම නැවැත්විය යුතු බව දෙවියන්ගේ නාමයෙන් ඉල්ලා සිටින්නේ යැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවැසීය. 05 July 2022
රට ගොඩගන්න තියෙන ලොකුම බාධාව රාජපක්ෂ පවුලයි පවතින අවාසනාවන්ත තත්වයෙන් රට මුදා ගැනීමට ඇති ලොකුම බාධාව රාජපක්ෂ පවුල තවදුරටත් බලයේ රැඳීසිටීම බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 05 July 2022
දුම්රිය නියාමකයන් මධ්‍යම රාත්‍රීයේ සිට වර්ජනයේ දුම්රිය නියාමකයන් අද (5) මධ්‍යම රාත්‍රීයේ සිට සේවයෙන් ඉවත් වන බව ලංකා දුම්රිය නියාමක සංගමය දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතාට අද (5) පස්වරුවේ ලිපියකින් දැනුම්දී තිබේ. 05 July 2022
තරුණයාට පහර දුන් යුද හමුදා නිලධාරිට වැඩ වරදී කුරුණෑගල, යග්ගහපිටිය ඉන්ධන පිරවුම්හලේදී පුද්ගලයකුට පහරදුන් බවට චෝදනා එල්ල වී ඇති යුද හමුදා නිලධාරියා වාහාම ක්‍රියාත්මක වන පරිදි රාජකාරිවලින් තාවකාලිකව ඉවත් කළ බව යුද හමුදාව පවසයි. 05 July 2022
දුම්රිය ගමන්වාර 140 ක් අවලංගු වීමේ අවධානමක් දෙමටගොඩ දුම්රිය අංගනයේ සේවකයන්ගේ වර්ජනය හේතුවෙන් අද පස්වරු 3.00 පමණ වන විට දුම්රිය ගමන්වාර 40 ක් පමණ අවලංගු කිරීමට සිදුවූ බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 05 July 2022
පැය 3ක විදුලි කප්පාදුව තව දින තුනකට දීර්ඝ වෙයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව හෙට (6) සිට 8 වැනිදා දක්වා ඉදිරි දින තුනකට දීර්ඝ කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (5) පස්වරුවේ පැවසීය. 05 July 2022
ලංකාපුර පරිපාලන නිලධාරිනිය ඝාතනයට සැමියා අත්අඩංගුවට පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යායේ පරිපාලන නිලධාරිණියක ලෙස සේවය කළ එම්.එම්.යමුනා පද්මිණී (42) මහත්මියගේ ඝාතනය සම්බන්ධයෙන් ඇගේ සැමියා සැකපිට අද අත් අඩංගුවට ගත්බව පොලීසිය කියයි. 05 July 2022
පොහොර නැවත් ප්‍රමාද වෙයි මෙරටට පැමිණීමට නියමිතව තිබූ පොහොර නෞකාව පැමිණීම ද ප්‍රමාද වී ඇතැයි කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 05 July 2022
කොටුව-මරදාන-කොම්පඤ්ඤ දුම්රිය ස්ථානවල සේවකයෝ ඉවත් වෙති කොළඹ කොටුව, මරදාන සහ කොම්පඤ්ඤ වීදිය යන දුම්රිය ස්ථානවල කාර්ය මණ්ඩලය ඉවත්වීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වේ. 05 July 2022
අනුර රනිල්ට උත්තර දෙයි ’’මම අග්‍රාමාත්‍ය ධුරය බාර ගත්තත්, රනිල් වික්‍රමසිංහ වන ඔබ අගමැති ධුරය බාරගෙන හිටියත් ඔබටත් මටත් එම පුටුවේ වාඩි වීම සඳහා ජනවරමක් නැති බව මතක තබා ගන්නැයි ජාතික ජන බලවෙිගයේ මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී අද (5)පැවසීය. 05 July 2022
භූමිතෙල් මිලත් හෙට අනිද්දාම වැඩි කරනවා භූමිතෙල් මිල හෙට අනිද්දා අනිවාර්යෙන්ම වැඩි කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය. 05 July 2022
පොලිස් ජිප්රථයක් ලෙස වර්ණ ගන්වා මත්කුඩු ඇද්ද අයෙක් දැලේ ස්කෝපියෝ වර්ගයේ ජිප් රථයක් පොලිස් ස්ථානාධිපතිවරුන් භාවිතා කරන ජීප් රථයක් ආකාරයට සකස්කර ගංජා සහ මත් කුඩු ප්‍රවාහනය කළ සැකකරුවෙකු කලුතර බෝඹුවල ප්‍රදේශයේ දී පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ විසින් ඒකකයේ විසින් අද (5) අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය කියයි. 05 July 2022
ඕමාන තානාපති කතානායක හමුවෙයි සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ඕමාන තානාපති ජුමා හම්ඩාන් හසන් අල්මලික් අල්ෂෙහි මහතා (Juma Hamdan Hassan AlMalik Alshehhi) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (4) හමුවිය. 05 July 2022
’’තෙල් නැව් හතක් එනවා’’ තෙල් නැව් හතක් පමණ මෙරටට ඉදිරි සති කිහිපයේදි පැමිණීමට නියමිතව ඇතැයි සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවැසීය. 05 July 2022
ලිට්රෝ ගෑස් නෞකාව ප්‍රමාදයිලු ලිට්රෝ ගෑස් සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික්ටොන් 3,700 ක් ඇතුළත් ෙහට 6 සහ 8 දෙදින අතර කාලයේ ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිතව තිබූ ගෑස් නෞකාව ප්‍රමාද වන බව ලිට්රෝ සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය. 05 July 2022
ප්‍රායෝගික දේශපාලන වෙනසකට ගියේ නැතිනම් බිහිසුණු තත්ත්ව ඇතිවේවි ජනාධිපතිවරයා පසුගිය මැයි මස ජාතිය අමතමින් ලබාදුන් ප්රතිඥාාව ක්‍රියාත්මක කිරීම යථාර්ථයක් බවට පත්නොවන තත්වයක් පෙනී යන බවත් 22 වැනි සංශෝධනය ඉදිරිපත් කරමින් ආණ්ඩුව අපේක්ෂා කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ අතර පැහැදිළි දුරස්ථභාවයක් පවතින බවත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 05 July 2022
පාර්ලිමේන්තු මාධ්‍ය කාමරේ ’’වයිෆයි’’ කපලා පාර්ලිමේන්තු මාධ්‍ය කාමරයේ ’’වයිෆයි’’ බිල ගෙවා නැති හෙයින් මාධ්‍යවේදීන්ට සිය කටයුතු කර ගැනීම අසීරු වී ඇතැයි කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 05 July 2022
කැසිනෝ නංවන්න කැබිනට් අනුමැතිය මෙරට කැසිනෝ කර්මාන්තය විධිමත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 05 July 2022
ඉන්ධන පෝලිම තවත් බිල්ලක් ගනී බොරැල්ල ටිකල් පාරේ අයි ඕ සි ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ සිටි පුද්ගලයෙකු සිය සුඛෝපභෝගී මෝටර් රථයක් තුළ මිය ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි 05 July 2022
ධාවනාගාර සේවක වර්ජනයෙන් දුම්රිය ධාවනය අඩාල වෙයි දුම්රිය ධාවනාගාර සේවයන් ඉන්ධන ඉල්ලා ආරම්භ කර ඇති වර්ජනයක් හේතුවෙන් දුම්රිය ධාවනය අඩාල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 05 July 2022
වී ගොවීන්ගේ නොගෙවූ ණය කපා හැරෙයි වී ගොවීන් රාජ්‍ය බැංකුවලින් ලබාගෙන ඇති නොගෙවූ ණය කපා හැරීමේ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. 05 July 2022
ජීවන වියදම් අනුකාරක සභාව යළි පිහිටුවයි ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව යළිත් ස්ථාපිත කිරීමට ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. 05 July 2022
ලාංකිකයන්ට තුන්වේල කන එක ගැටලුවක් ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් ඉහළ යන උද්ධමනය හමුවේ ශ්‍රී ලාංකික ජනතාවට තුන්වේල ආහාර ලබා ගැනීම ගැටලුවක් වී ඇතැයි රොයිටර් පුවත් සේවය ප්‍රකාශ කළේය. 05 July 2022
රට බේරගන්න නම් දේශපාලන බලවේග එක්සත් වියයුතුයි අත්වීමට යන බිහිසුණු ව්‍යසනයෙන් රට බේරාගැනීම සඳහා සියලු දේශපාලන බලවේග එක්සත් වියයුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා පවසයි. 05 July 2022
අනුරට පුළුවන් නම් රට දෙන්න සූදානම් අනුර දිසානායක මහතාට රට හදන්නට හැකිනම් තමා ඉවත් වී එතුමාට අග්‍රාමාත්‍ය ධුරයේ දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 July 2022
‘‘ජැක්සන් අනතුරට ලක් කළ අලියා තවම හමු වී නෑ‘‘ ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතා ගමන් ගත් රියෙහි හැපුණු අලියා සම්බන්ධයෙන් සොයාබැලීමට වනජීවී දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් තුනක් යොමුකර ඇතැයි කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 05 July 2022
පාර්ලිමේන්තුව විනාඩි දහයකට කල්තබයි පාර්ලිමේන්තුවේ නොසන්සුන්කාරී තත්වයක් ඇතිවීම නිසා විනාඩි දහයකට පාර්ලිමේන්තුව කල් තබන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. 05 July 2022
මැතිසබයට ආ ජනපතිට එරෙහිව විපක්ෂයෙන් විරොධයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ සිටියදී සමගි ජන බලවේගයේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සිය අසුන් වලින් නැගිට ’’ගෝ හෝම් ගෝටා’’( ගෝටා ගෙදර යන්න) යනුවෙන් සඳහන් පුවරු ඔසවාගෙන එක දිගට විරෝධතාවයක යෙදීම නිසා සභාවේ දැඩි උණුසුම් තත්වයක් අද (5) පෙරවරුවේ ඇතිවිය. 05 July 2022
67 හැවිරිදි වෙදා කුඩු සමග මාට්ටු අනුරාධපුර නගරයේ පෞද්ගනික බෙහෙත් ශාලාවක් පවත්වාගෙන ගිය 67 හැවිරිදි වෛද්‍යවරයෙක් ළඟ තිබුණා යැයි කියන හෙරොයින් මිලිග්‍රෑම් 2260 ක් සමගින් එම වෛද්‍යවරයා අනුරාධපුර පොලිසියට අනියුක්ත කොටිඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුව ගනු ලැබීය . 05 July 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026