(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හොරු අල්ලන පනත් ගෙනෙන විට ඒවා ගෙනෙන්නට එපා යැයි කියන්නේ හොරු ආරක්ෂා කරනවා යැයි තමාට චෝදනා කරන පිරිසම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත ඉදිරිපත් කළ විට එය මේ මැතිවරණයට බලපාන්නේ නැති විදිහට එය ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක් කර තිබූ බව ද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා:-
එකම විෂය ගැන කෙටුම්පත් දෙකක් ඇවිල්ල තියෙන්නේ.එය විසඳා ගෙන මේ සතියෙම පුළුවන් නම් එය සම්මත කර ගනිමු.ඒක ප්‍රශ්නයක් නැහැ.මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත එදාට ඉදිරිපත් කරනවා.මේ මැතිවරණයට බලපාන්නේ නැති විදිහට එය ඉදිරිපත් කරන්නැයි මෙහි ඉල්ලීමක් කර තිබුණා.
මට කෑ ගහන්නෙ මම හොරු ආරක්ෂා කරනවා කියලා.හොරු අල්ලන්න පනත් ගෙනාවාම ඒකත් කරන්න එපා කියනවා" යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර බැංකු වංචාව ගැන කතාකරමුද?
නිකන් බයිලා කියන්නේ නැතුව ඉන්නවා හලෝ.ඔයා අල්ලන හොරු .හොරු කොහොමද හොරු අල්ලන්නේ ?ඔය පින් තනතුර දීලා යන්න. පුළුවන් කෙනෙක්ට කරගන්න
අපි දුටුවා මෙයා 2015-2019 මෙයාගේ පාලනය තුල හොරු අල්ලපු හැටි. අවංකවම මෙයාට හොරුන් අල්ලන්න උවමනාව තියනවා නම්, දැනට පවතින පනත්, නීති ඕනේ තරම් ප්‍රමාණවත්. ඇයි එහම නම්, අදටත් අර කප්පම් ඇමතිව කැබිනට් එකේ තියං ඉන්නේ? අපි දුටුවා එදා ශිරන්තිගේන් කට උත්තර ගන්න මෙයා එවකට හිටපු කතානායක නිල නිවාස සූදානම් කරපු හැටි. දැනුත් එවිල්ල ඉන්නෙත් හොරුන් රැක ගන්නයි. මෙයාගේ ආණ්ඩුව සමයේ සමහර හොරුන්ට රැකවරණය දුන්නේත් එවකට නීතිය හා සාමය පිළිබඳව ඇමතිගේ නිවසේ සහ සමහර හොරුන් අධිකරනටත් ආවේ එම ඇමතිගේ නිවසේ ඉඳන්. දැන් කියනවා හොරු අල්ලන්න අලුතෙන් පනත් සම්මත කරන්න ඕනේ කියල.
අනේ ඔයා අල්ලන හොරු - මතිවරනෙ කල් දාන්න දගලනවා කියන එක කවුරුත් දන්නවා.
අනේ මෙයා මේ උත්සාහ කරන්නේ මහ දවල් මහ බැංකුව බින්ද අර්ජුන් ඇලෝ සියස් අල්ලලා කුදලා ගෙන එන්ට නේ, කොහොම හරි මෙයාට උදව් කරමු.
ඒ කියන්නෙ දැන් ඕකෙන්ද අර්ජුන් මහේන්ද්‍රන්ව අල්ලන්න යන්නෙ?