(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

තමාගේ ඉඩමක කංසා වවන බවට   ජාතික පුවත්පත්වල පළවූ  වැරදි ප්‍රවෘත්තියෙන්  තමාගේ  කීර්තිනාමයටත් පාර්ලිමේන්තුවේ  ගෞරවයටත්  හානියක්වී ඇති හෙයින්  සිය   වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන්  අදාල  පුද්ගලයන්  වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා සුදුසු පියවර ගන්නැයි ඉල්ලීමක් කරන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (17)  පැවසීය.

එසේම මෙම ප්‍රවෘත්තිය නිවැරදි කර අදාල පුවත්පත්වල එය  මුල් පිටුවේම පළ කරන ලෙස දැනුම් දෙන්නැයිද  ඔහු ඉල්ලීමක් කළේය.

නියෝජ්‍ය කතානායකවරයා මෙසේ ඉල්ලා සිටියේ සභාවේ කටයුතු ආරම්භයේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි.