(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පළාත් පාලන මැතිවරණය නැවැත්වීමට කැබිනට් මණ්ඩලය කිසිදු තීරණයක් ගෙන නැතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා  පාර්ලිමේන්තුවේදී අද (17)පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

කවුරුන් හෝ එවැනි දෙයක් පැවසුවේ නම් එය අසත්‍යක් බවද  ඔහු සඳහන් කළේය.

මේ එහිදී ඇති වූ සංවාදයයි.

ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර  දිසානායක මහතා:

මැතිවරණය අත්හිටුවීමට සඳහා කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්තද?
රාජ්‍ය  පරිපාලන ලේකම් නිකුත් කළ ලිපිය මුළුමනින්ම ව්‍යවස්ථානුකූල විරෝධීයි. රාජ්‍ය පරිපාලන ලේකම්වරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට නියෝගයක් ලබා දෙනවා මැතිවරණ ක්‍රියාවලිය අත්හිටුවීමට සහ ඇප මුදල් බාරගැනීම නොකිරීමට. මැතිවරණය අත්හිටුවීම සඳහා මැතිවරණ කොමිෂන්  සභාවට සහ රාජ්‍ය පරිපාලන ලේකම් වරයාට නියෝග නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්තාද.