(ඩයනා උදයංගනී) 

රජයේ විධායක නිලධාරීන්ගේ මාසික වැටුප දින කිහිපයක් පසුකර ගෙවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.  

විධායක නොවන නිලධාරීන්ගේ වැටුප නියමිත දිනට ගෙවීමටද අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. 

මෙම වසරේ රජයේ නව ආදායම් යෝජනා ක්‍රියාත්මක කර ඇතත් ඉන් ජනනය වන ආදායම් රැස් කිරීමට යම් කාලසීමාවක් ගතවන බැවින් ජනවාරි සිට ඉදිරි මාස කිහිපයක් සඳහා මෙම තීරණය ගෙන ඇත.