(අංජුල මහික වීරරත්න)
සත්ව සංරක්ෂණය හා සත්ව උද්‍යාන කළමණාකරණය පිළිබඳව ජාතික ඇකඩමියක් ස්ථාපනය කිරීමට අමාත්‍යාංශය තීරණය කර තිබෙි.
දැනට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන්, හස්ථි බාරකරුවන්, මත්ස්‍යාගාර උපස්ථායකවරුන් සත්ව බාරකරුවන් ඇතුළු කාර්ය මණ්ඩලය 800ක් පමණ සිටියද ඔවුන්ට වැඩිදුර පුහුණුව සඳහා විදිමත් ආයතනයක් නොමැති බව අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම පසුගිය කාලය තුළ චීනය, ඔස්ට්‍රේලියාව, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය, ඉන්දියාව, ලැට්වියාව, චෙකොස්ලොවේකියාව, පකිස්ථානය, මැලේසියාව හා මහා බ්‍රිතාන්‍ය වැනි රටවල්වලින් විදේශ ශිෂ්‍ය කණ්ඩායම් 300ක් පමණ වනසත්ව සංරක්ෂණය හා සත්වෝද්‍යාන කළමනාකරණය පිළිබඳ පුහුණුව ලබා ගැනීම සඳහා මෙරටට පැමිණ තිබේ.
සත්ව සංරක්ෂණයට හා සත්ව උද්‍යාන කළමනාකරණය සදහා මෙතෙක් ජාතික ඇකඩමියක් නොමැතිකම බරපතල අඩුපාඩුවක් බව පෙනී ගොස් ඇති නිසා ඒ පිළිබඳ උනන්දුවක් දක්වන දෙස් විදෙස් සිසුන්ට අධ්‍යාපනය ලබා දිය හැකි සත්ව සංරක්ෂණ හා සත්ව උද්‍යාන කළමනාකරණය පිළිබඳ ජාතික අධ්‍යයන ආයතනයක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
සත්ව සංරක්ෂණ ඇකඩමිය පිහිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ. අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය පවසන්නේ මෙහි දෙස් විදෙස් සිසුන් රැසකට අවශ්‍ය පහසුකම් සැපයීමට තීරණය කර තිබෙන බවයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සතුන් වෙනුවෙන් ඇකඩමියක්