
(ශාන්ත රත්නායක, ජී.ඩබ්ලිව්.කේ ප්‍රේමතිලක ද සිල්වා සහ ඩී.ජී සුගතපාල)
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් වෘත්තිය සමිති ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් ජයවර්ධනපුර මහා රෝහල ඉදිරිපිට සහ ගාල්ල ඒකාබද්ධ වෛද්‍ය වෘත්තිකයන් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ඉදිරිපිට අද ( 17) පැවැත්විණි.
පාලකයන්ගේ සහ බලධාරීන්ගේ වැරදි හේතුවෙන් නිදහස් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය දිනෙන් දින අගාධයට යන බවත් පාලකයිනි ජනතාව භේද කරන කුමන්ත්‍රණ වහාම නවතන ෙලසත් ඉල්ලා ෙමම උද්ඝෝෂණ පවත්වනු ලැබීය.
ජීවන බර අඩු කරන ෙලසත් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කරන ෙලසත් ණය පොළිය පහත හෙලන ෙලසත් ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් ෙමාවුන්ෙග් ඉල්ලීම අතර තිබිණි.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ඉදිරිපිට පැවති උද්ඝෝෂණය සඳහා ගාල්ල උඩුගම ඇල්පිටිය රජයේ රෝහල්වල වෛද්‍යවරුන් තුන් සියයක් පමණ එක්ව සිටියහ.
විරෝධතාවයේ යෙදෙමින් මෙම වෛද්‍ය වෘත්තිකයන් ඉල්ලා සිටියේ මෙම තත්ත්වයට පිළියම් වහා යොදන ලෙසයි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
(ඡායාරූප: ජී.ඩබ්ලිව්.කේ ප්‍රේමතිලක ද සිල්වා)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාලනය තිබුනොත් රට විනාශම වෙනවා .දැන්වත් ඉවත් වෙලා පුළුවන් කණ්ඩායමකට භාර දෙන ලෙස රජයට බල කල යුතු වෙනවා .නැත්නම් අනාගත පරපුරට රටක් කියලා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ
රටේ ප්‍රශ්නෙකට කතා කරන එක හොදයි. හැබැයි මෙතරම් ආර්තිකය වැටිල ලෙඩ්ඩුන්ට බෙහෙත් නෑ, වාට්ටුවල ළමයින්ට කන්න නෑ. සෞඛ්ය අමාත්‍යංශයට සල්ලි නෑ කියල විදුලි බිල්, ඉදිකිරීම් වල බිල් මිලියන ගනන් ගෙවල නෑ. ඒ උනාට ඔබලගෙ අනවශ්‍ය වියදම් සත පහකින් අඩු කරල නෑ. බහුතරයක් වෛද්‍යවරු ලක්ෂ ගනන් හොරට අතිකාල ගන්නේ මාසෙට දවස් 10 ක් වත් වැඩ කර්න්නෙ නැතුව. (ලෝකෙ කොහෙවත් නැති නිවසේ සිට කරන සේවා මුර) දන්ත වෛද්‍යවරු තනිකරම හොරට අතිකාඅල ගන්නෙ උදෙ 8 දවල් 2 වෙනකන් රෝහලේ ඉන්නෙ. මාසෙට පැය 120 ක් අතිකාල ගන්නන්ම් අඩුම රාත්‍රී 8 වෙනකන් රෝහලෙ ඉන්න ඔනි. සති අන්තෙත් නිවඩු. දැක්කම උගත් මිනිස්සු නේද මෙ මහජන සල්ලි හොරට ගන්නේ කියල හිතෙනව. ඇඟිලි සලකුණු යන්ත්‍ර වලට විරුද්ධ එකම පිරිස. තව පිරිසක් රාජකාරි වේලවේ පුද්ගලික සේවයෙ. ක්ලිනික් එකට එන්නෙ උදෙ 11 ට විතර. රටවල් හදන්න කෑගහන ගමන් තමනුත් අවංක වෙනවනම් තම හොඳ. හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් කියන්නෙ ඕවට
බැනර් එකේ සටන් පාඨෙනම් තියෙන්නෙ මේ පාරත් තව දීමනා ගන්න වගේ. දැනටමත් ආරම්බක වැටුප ලක්ෂ 2 කට වැඩී. අමාරුවෙන් ජීවත් වෙන්නෙ කියල පිටිපස්සෙ තියෙන වාහන ටිකෙන් පේනව. රටට හෙන ගැහුවත් තමන්ගෙ දීමනා වැඩිකර ගන්න එකම පිරිස.
ලොකු බැනර් එකේනම් තියෙන්නෙ දීමනා වැඩි කරන්න කියල. ඔබලාගෙම කෙනෙක් තමා අපිට කන්නත් නැති කලේ . රට මේ තත්වෙට ගේන්න ලොකුවට මහන්සි උන නඩයක්.