IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පෙම්හබය දුරදිග ගිහින් ඩබ්ලිව්.පී.සී රෝහලේ

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ගල්කිස්ස කොට්ඨාසය යටතේ පාලන වන පොලිස් ස්ථානයක රාජකාරි කරන කොස්තාපල්වරියක පොලිස් ස්ථානය තුළ දීම කිසියම් දියර වර්ගයක් පානය කිරීම නිසා රෝගාතුරව කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මෙම පොලිස් කොස්තාපල්වරිය එම පොලිස් ස්ථානයේම  පොලිස් කොස්තාපල්වරයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය

කොස්තාපල්වරිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා යන බව කියන කොස්තාපල්වරයා ඔහු සමඟ රාජකාරි කරන තවත් තවත් පොලිස් නිලධාරියකු සමග විහිළු තහළු කරගෙන ඇතැයි පොලිසියට දැනගැනීමට ලැබී ඇතැයි කියති

මෙම විහිළු තහළු කරගැනීමට පොලිස් කොස්තාපල්වරිය ද සම්බන්ධ වීමෙන් පසු ඇය ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන යන කොස්තාපල්වරයා අතර බහින්බස් වීමක් සිදුවී ඇතැයි ද ලැබී ඇති තොරතුරු වලින් පැවසෙන්නේ යැයි එම උසස් පොලිස් නිලධාරියා කීය

මෙම බහින්බස් වීමෙන් පසු සිත් වේදනාවට පත් වූයේ යැයි පැවසෙන කොස්තාපල්වරිය දියර වර්ගයක් පානය කිරීමෙන් පසු රෝගාතුර වී කළුබෝවිල රෝහලට ඇතුළත් කරන ලද ලදැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි

 



අදහස් (0)

පෙම්හබය දුරදිග ගිහින් ඩබ්ලිව්.පී.සී රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 246 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site