(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් හපුහින්න මැතිතුමා මැතිවරණ කොමිෂන් සභාවට කැදෙව්වාම "රටේ ලොකුම දෙන්නා යන්න එපා කිව්වලු" යැයි විපක්ෂ  නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙවැනි ක්‍රියා ලැජ්ජා සහගත බවද විපක්ෂනායකවරයා කීය.

අග්‍රාමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතා:-

බොරු කියන්න එපා. ඔයා කතා කරන විදිය අපට තේරෙනවා. මේ රටේ ලොකු එක්කෙනා ජනාධිපති. ඊට පසුව ඉන්නෙ මම. බොරු කතා කියන්න එපා. විපක්ෂ නායකවරයා බොරු කියන තත්වෙට පත්වෙලා. ඔබතුමාට ඔය කේලම් කියන මිනිස්සුන්ගෙන් ප්‍රවේශම් වෙන්න.