(තරංග ගුණරත්න)
වැලිගම කප්පරතොටදි මගී බසයක රියැදුරාට බිමත් පුද්ගලයකු පහරදීමට උත්සහ කිරීමේදී බසය පාලනයෙන් ගිලිහි පාරේ ගමන් ගත් මවක මියගොස් ඇයගේ පුතා තුවාල ලබා රෝහල් ගත කල බව වැලිගම පොලිසිය පවසයි.
මාතර සිට කොළඹ බලා ධාවනයවු පුද්ගලික බස් රථයට රාත්‍රි නමයට පමණ ගොඩ වූ බීමත් සිව් දෙනකු රියදුරු සමග ආරවුලක් ඇතිකරගෙන රියදුරුට පහරදිමට උත්සාහ කල අවස්ථාවේ මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් මව එම ස්ථානයේම මියගොස් ඇති අතර බරපතල තුවාල ලැබු පුතා මාතර මහ රෝහලට ඇතුලත් කර ඇත.
අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු සහ ගැටුමට සම්බන්ධවු එක් සැකකරුවකු අත් අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් අත් අඩංගුවට ගැනිම සඳහා වැලිගම පොලිසිය පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd