මැතිසබයට ආ ජනපතිට එරෙහිව විපක්ෂයෙන් විරොධයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ සිටියදී සමගි ජන බලවේගයේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සිය අසුන් වලින් නැගිට ’’ගෝ හෝම් ගෝටා’’( ගෝටා ගෙදර යන්න) යනුවෙන් සඳහන් පුවරු ඔසවාගෙන එක දිගට විරෝධතාවයක යෙදීම නිසා සභාවේ දැඩි උණුසුම් තත්වයක් අද (5) පෙරවරුවේ ඇතිවිය. 05 July 2022
67 හැවිරිදි වෙදා කුඩු සමග මාට්ටු අනුරාධපුර නගරයේ පෞද්ගනික බෙහෙත් ශාලාවක් පවත්වාගෙන ගිය 67 හැවිරිදි වෛද්‍යවරයෙක් ළඟ තිබුණා යැයි කියන හෙරොයින් මිලිග්‍රෑම් 2260 ක් සමගින් එම වෛද්‍යවරයා අනුරාධපුර පොලිසියට අනියුක්ත කොටිඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුව ගනු ලැබීය . 05 July 2022
මූල්‍ය අරමුදලේ සාකච්ඡා සාර්ථක ලෙස ඉදිරියට යනවා මූල්‍ය අරමුදල සමග අප පැවැත්වූ සාකච්ඡා වටය සාර්ථක ලෙස ඉදිරියට ගෙන යාමට අපට හැකියාව ලැබුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 05 July 2022
මහින්දත් පාර්ලිමේන්තුට හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවට පැමිණියේය. 05 July 2022
නාවුලට ඖෂධ හිඟයක් රෝග රැසක් සදහා වෛද්‍ය නිර්දේශ මත ලබාදෙන ඇස්ප්‍රින් ඖෂධය නාඋල ඖෂධහල්වල නොමැති බව රෝගිහු කියා සිටිති. 05 July 2022
ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන්ට කොරෝනා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නියෝජනය කරන දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම කොරෝනා ආසාදිත යයි හදුනා ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් උසස් නිළධාරියෙක් පැවසීය. 05 July 2022
අද කාලගුණය මෙහෙමයි සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (5) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 05 July 2022
තුර්කි යානයක් කටුනායකදී අනතුරක ගුවන් ගත කිරීමට සූදානමින් තිබූ තුර්කි ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්, දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළේ දී අනතුරකට පත් වී තිබේ . 05 July 2022
පෙට්‍රල් නැවක් ගැන හෝඩුවාවක් ඇමතිගෙන් පෙට්‍රල් නැවක් ලබන දහතුන් වැනිදා පමණ වනවිට මෙරටට ලැබෙනු ඇති බව විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා ඊයේ (04) රාත්‍රී පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 05 July 2022
‘‘ආණ්ඩුව යන්නේ කොහෙද මල්ලේ පොල් තියරියේ‘‘ ජනතාව ඉන්ධන, ගෑස් ඉල්ලද්දි ආණ්ඩුව ඉඩම් ඔප්පු ලබා දීමට කතා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා ඊයේ(04) රාත්‍රී පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 05 July 2022
‘‘පෝලිම් නැති කර දේශපාලන වෙනසකුත් අවශ්‍යයි‘‘ තෙල් පෝලිම් ගෑස් පෝලිම් නැති කරනවා සේම, දේශපාලන ප්‍රතිසංස්කරණ ද කඩිනමින් කළ යුතුව ඇතැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 05 July 2022
ආණ්ඩු පක්ෂ රැස්වීමට පිරිස අඩු වේ කොටුව ජනාධිපති මන්දිරයේ ඊයේ(05) රාත්‍රියේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ආන්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් සැලකිය යුතු පිරිසක් සහභාගී නොවූ බව වාර්තා වේ. 05 July 2022
ලුහාන්ස්ක් පළාත රුසියන් හමුදා ග්‍රහණයේ යුක්රේනයේ ලුහාන්ස් නගරය ද අයත් ලුහාන්ස්ක් පළාත සම්පූර්ණයෙන් අල්ලා ගත් බව රුසියාව පවසයි. ලුහාන්ස්ක් පළාත අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලොදිමීර් පුටින් රුසියනව් සෙබළුන්ට ස්තුති කළ බව ද වාර්තා වේ. 05 July 2022
ගෑස් ලොක්කෝ කෝප් කමිටුව හමුවට ලිට්‍රො ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රො ගෑස් ටර්මිනල් ලංකා ලිමිටඩ් යන ආයතනවල අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඒවායේ ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප් කමිටුව ) හමුවට අද(5) කැඳවනු ලැබ සිටිති 05 July 2022
ඇමෙරිකාවේ නිදහස් දින පෙළපාළියකට වෙඩි ප්‍රහාරයක් ඇමෙරිකාවේ නිදහස් දින සැමරුම් පෙළපාළියකට වෙඩි ප්‍රහාරයක් එල්ල වීමෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 24 කි. 05 July 2022
අනුර, සජිත්, මෛත්‍රී එක වල්ලේ පොල් අනුර, සජිත්,මෛත්‍රී යන තිදෙනාම එක වල්ලේ පොල් බවත් ඉතිහාසයේ කිසි විටෙක සමත් නොවූ මෙම තිදෙනාගෙන් එක් අයෙකුටවත් අරගලයේ යෙදෙන ජනතාව කැමති නැති බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. 04 July 2022
ස්ත්‍රී දූෂකයෙක් අරගල භූමියෙ සැඟවී ඉඳලා ස්ති‍්‍ර දුෂණයක් සිදු කිරීමේ වරදට අධිකරණය මගහැර සිටීම නිසා රත්නපුර මහධිකරණයෙන් විවෘත වරෙන්තු ලැබ සිටි සැකකරුවකු ගාලූමුවදොර අරගල භූමියේ සැඟව සිටියදි කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි. 04 July 2022
අගමැති නිවස ඉදිරිපිට විරෝධතාවක් රටේ උද්ගතව ඇති අර්බුදයට කඩිනමින විසඳුම් ලබාදිය නොහැකි නම් අගමැතිධුරයෙන් වහාම ඉවත්වන ලෙස බලකරමින් රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටිය පස්වැනි පටුමඟේ පිහිටි නිවස ඉදිරිපිට අද (04) රාත්‍රීයේ විරෝධතාවයක් පැවැත්වුහ. 04 July 2022
කඩකප්පල් ක්‍රියාවක් ගැන පොලිස්පතිගෙන් ආරක්ෂක ලේකම්ට ලිපියක් ‘කළු කොටි සැමරුම’ යෙදෙන හෙට (05) හෝ අනින්දා (06) උතුරු, නැගෙනහිර හෝ දකුණු පළාත ඉලක්කකරගෙන බෝම්බ ප්‍රහාරයක්, යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් කර එය එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් කරන ලද්දක් යැයි ඒත්තු ගැන්වීමට සුදානමක් පවතින බවට විශේෂිත තොරතුරක් ලැබී ඇතැයි පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතාට ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත. 04 July 2022
ජගත් ගෙන් ජනපතිට සැර ලිපියක් ආණ්ඩු පක්ෂය රැස්වීම කාලය කා දමන කතා මණ්ඩපයක් පමණක් බැවින්, තමා අද (04)පැවැත්වෙන ආණ්ඩු පක්ෂ රැස්වීමට සහභාගී නොවන බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ඒ ඩී ජගත් කුමාර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් දැනුම් දී ඇත. 04 July 2022
ජලයට කොටුවූ තරුණයෝ දෙකක් බේරා ගැනෙති මහනුවර ප්‍රදේශයට ඉකුත් දින කීපය ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසා වාන් දොරටු කිහිපයක් විවෘත කිරීමෙන් වික්ටෝරියා ජලාශයේ හාරගම ප්‍රදේශයේ මුඩුබිමක කොටුවී සිටි තරුණයන් දෙදෙනකු පොලිස් ජිවිතාරක්ෂක කණ්ඩායමක් එහි ගොස් ඔවුන් බේරා ගෙන තිබේ. 04 July 2022
හොරකම් කරලා හදපු ගෙවල් ගිනි තැබීම සාධාරණයි මුදල් හොරකම් කරලා හදපු ගෙවල් ගිනි තැබීම සාධාරණ බව බදුල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේග මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 04 July 2022
රෝහල්වලට එන පිරිසත් අඩුවෙයි පවතින් ඉන්ධන අර්බුදය හා ප්‍රවාහන පහසුකම් ලබාගැනීමේ ගැටලු හේතුවෙන් රෝහල්වල කාර්ය මණ්ඩල පැමිණීමේ මෙන්ම රෝහල්වලින් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ගේ ද අඩුවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. 04 July 2022
සජිත් - මෛත්‍රී හමුවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් විපක්ෂනායක කාර්යාලයේ දී අද හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වූහ. 04 July 2022
ජැක්සන්ට පැය හතක සැත්කමක් අනුරාධපුරයේදී අනතුරකට ලක්වූ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී මහතාට කොළඹ ජාතික රෝහලේ දී අද (4) පැය 7ක ශල්‍යකර්මයක් සිදුකෙරිණි. 04 July 2022
දරුවා ඇකයේ සිටියදී මවගේ ගෙල කපා රන් මාලය පැහැර ගනී අත දරුවෙකු රැගෙන නිවසට යමින් සිටි එක් දරු මවකගේ ගෙල තියුණු ආයුදයකින් කපා ඇය ඝාතනය කර ගෙල බැදි රන් මාලය කඩාගෙන යාමේ දුක්මුසු පුවතක් පොල්පිතිගම පොලිසියෙන් වාර්තා වෙයි. 04 July 2022
ශානුක කරුණාරත්න අගමැති මාධ්‍ය ලේකම් ධුරයට මාධ්‍යවේදී ශානුක කරුණාරත්න අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ධුරයට පත්කර තිබෙි. 04 July 2022
හමුදා නිලධාරියාගේ පා පහර ගැන හමුදාවෙන් පරීක්ෂණයක් කරුණෑගල යක්ගහපිටිය අයි. ඕ. සී. ඉන්ධන පිරවුම් හලේ ඇති වු නොසන්සුන්තාවක් අතර තුර පිරවුම්හලේ සිටි පුද්ගලයකුගේ බඩට එහි සිටි නිලඇදුමෙන් සැරසුන හමුදා නිලධාරියකු පා පහර එල්ල කරනු වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලාවවල සංසරණය වෙයි. 04 July 2022
2022 උසස් පෙළ මසක් ප්‍රමාදයි 2021 වසරේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන අගෝස්තු 15 වැනිදා නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදි අද (04) ප්‍රකාශ කළේය. 04 July 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026