මෙරට දේශපාලකයන් මේ රටට සිදු කර ඇති මහා විනාශය දෙස බලන විට එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන් රටට සිදු කළ විනාශයට එය දෙවැනි නොවන බව මිහින්තලා රජ මහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් පැවසූහ.
2025 වෙන කොට ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට කන්න නැතුව දරුණු හා ආහාර හිගයකට මුහුණ පාන්න සිද්ධ වෙනවා කියලා පිටරට සංවිධායක් හෙළි කරලා.
එත කොට මේ අයට ආධාර ගන්න පුළුවන්, සුනාමි සල්ලිවලට මොකද වුණේ, කොවිඩ් අරමුදලට මොකද උනේ? ඒව ජනතාවට දුන්නද නැහැ.
මේ රටේ ජනතාවට මෙතරම් හිංසාවක්, පීඩාවක් සහ වදයක් දුන්න තවත් පිරිසක් මිහිපිට නැහැ, ඔවුන් මේ වන විට කුසේ ඉන්න දරුවා පවා ණයකාරයන් කර හමාරයි.
ජනාධිපතිවරයා කියනවා අප්‍රේල් මාසෙ වෙන කොට හාල් කිලෝ දහයක් සමෟධි නොමැති පවුල්වලට දෙනවා කියලා, හය හත් දෙනෙක් ඉන්න පවුලකට හාල් කිලෝ 10 ක් වේල් හතරක්, පහක් කන කොට ඉවර වෙනවා. මට පේන විදිහට මේ 225ම බත් කන්නේ නැතුව ඇති, බත් කෑවා නම් එහෙම ප්‍රකාශයක් කරන්නේ නෑ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත කියන්නත් බිම ඉඳගන්නත් කාගෙන්වත් අවසර ගන්න අවශ්‍ය නැහැ.
හාමුදුරුවන්ට වැරදිලා. ප්‍රගතිශීලී ලේබලය ගසාගත් සියලු දේශපාලකයින් ප්රභාකරන්ට වඩා දරුණු විනාශයක් මව්බිමට කලා. ප්‍රභාකරන් සිය වර්ගයා වෙනුවෙන් සටන්කලා. අපේ ද්‍රෝහී ප්‍රගතිශීලීන් රටේ ධනය කොල්ලකෑම සඳහා සටනක යෙදුනා...
කරුණාකර සතර සති පට්ටාන පුරුදු කරන්න. ලෝකය දුකයි . අපි කලබල විය යුතු නැහැ
කාගේ කාගේත් කිල්ලෝටවලත් හුණු අඩු නැහැ...
සම්පූර්ණ ඇත්ත . ප්‍රභාකරන් එළිපිටම යුද්ද කලා. දේශපාලුවො රට කන්නෙ වෙස්වලාගෙන
මම දකින්නේ ජෙප්පන් හා ප්‍රභාකරන් අතර වෙනසක් නැහැ කියලා . දෙගොල්ලම බිල්ලට ගන්නේ තරුණ කොල්ලෝ කෙල්ලෝ.