IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


‘‘මෙරට දේශපාලකයන් හා ප්‍රභාකරන් අතර වෙනසක් නෑ‘‘

මෙරට දේශපාලකයන් මේ රටට සිදු කර ඇති මහා විනාශය දෙස බලන විට  එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන් රටට සිදු කළ විනාශයට එය දෙවැනි නොවන බව මිහින්තලා රජ මහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් පැවසූහ.

2025 වෙන කොට ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට කන්න  නැතුව දරුණු හා ආහාර හිගයකට මුහුණ පාන්න සිද්ධ වෙනවා කියලා පිටරට සංවිධායක් හෙළි කරලා.

එත කොට මේ අයට ආධාර ගන්න පුළුවන්, සුනාමි සල්ලිවලට මොකද වුණේ, කොවිඩ් අරමුදලට මොකද උනේ? ඒව ජනතාවට දුන්නද නැහැ.

මේ රටේ ජනතාවට මෙතරම් හිංසාවක්, පීඩාවක් සහ වදයක් දුන්න තවත් පිරිසක් මිහිපිට  නැහැ, ඔවුන් මේ වන විට කුසේ ඉන්න දරුවා පවා ණයකාරයන් කර හමාරයි.

ජනාධිපතිවරයා කියනවා අප්‍රේල් මාසෙ වෙන කොට හාල් කිලෝ දහයක් සමෟධි නොමැති පවුල්වලට දෙනවා කියලා, හය හත් දෙනෙක් ඉන්න පවුලකට හාල් කිලෝ 10 ක් වේල් හතරක්, පහක් කන කොට ඉවර වෙනවා. මට පේන විදිහට මේ 225ම බත් කන්නේ නැතුව ඇති, බත් කෑවා නම් එහෙම ප්‍රකාශයක් කරන්නේ නෑ.

 



අදහස් (6)

‘‘මෙරට දේශපාලකයන් හා ප්‍රභාකරන් අතර වෙනසක් නෑ‘‘

Abey Ruwan Monday, 16 January 2023 09:57 PM

ඇත්ත කියන්නත් බිම ඉඳගන්නත් කාගෙන්වත් අවසර ගන්න අවශ්‍ය නැහැ.

:       0       12

Lalla Monday, 16 January 2023 11:11 PM

හාමුදුරුවන්ට වැරදිලා. ප්‍රගතිශීලී ලේබලය ගසාගත් සියලු දේශපාලකයින් ප්රභාකරන්ට වඩා දරුණු විනාශයක් මව්බිමට කලා. ප්‍රභාකරන් සිය වර්ගයා වෙනුවෙන් සටන්කලා. අපේ ද්‍රෝහී ප්‍රගතිශීලීන් රටේ ධනය කොල්ලකෑම සඳහා සටනක යෙදුනා...

:       1       19

rana Tuesday, 17 January 2023 03:58 AM

කරුණාකර සතර සති පට්ටාන පුරුදු කරන්න. ලෝකය දුකයි . අපි කලබල විය යුතු නැහැ

:       18       7

kamal Tuesday, 17 January 2023 10:15 AM

කාගේ කාගේත් කිල්ලෝටවලත් හුණු අඩු නැහැ...

:       0       0

Rata Perata Tuesday, 17 January 2023 01:00 PM

සම්පූර්ණ ඇත්ත . ප්‍රභාකරන් එළිපිටම යුද්ද කලා. දේශපාලුවො රට කන්නෙ වෙස්වලාගෙන

:       0       1

Bamunuarachchi Tuesday, 17 January 2023 06:10 PM

මම දකින්නේ ජෙප්පන් හා ප්‍රභාකරන් අතර වෙනසක් නැහැ කියලා . දෙගොල්ලම බිල්ලට ගන්නේ තරුණ කොල්ලෝ කෙල්ලෝ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site