(නිමල කොඩිතුවක්කු)
13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන බවට තෛපොංගල් දිනයේදී යාපනයට ගොස් ජනාධිපතිවරයා උතුරේ ජනතාවට ලබා දුන් පොරොන්දුව ඉටු කිරීම මගින් ඉතා කෙටි කාලයකදී රට දෙකඩ වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කරයි.
ඒ මගින් උතුරේ බෙදුම්වාදී, කුලවාදී, දේශපාලන නායකයන්ගේ අපේක්ෂා ඉටු වුවද උතුරේ ජනතාවගේ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙන බවත් වීරවංශ මහතා පෙන්වා දෙයි.
රටේ සමස්ත ජනතාව මුහුණදෙන ආර්ථික අර්බුදය විසඳීම සඳහා නිශ්චිත උපායමාර්ගික යෝජනාවලියක් රටට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා අසමත්ව තිබියදී දෙමළ ජනතාවගේ ප්‍රශ්න විශේෂිතව විසඳීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීම ජාතිවාදය සහ බෙදුම්වාදය ප්‍රචලිත කරන එක් පක්ෂයක් සමග විශේෂිතව එකඟතාවන් ඇති කරගන්නා ආකාරයක් ද දක්නට ඇති බවත් ඔහු සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනවරමකින් තොරව ව්‍යවස්ථානුකූලව දැනට බලයට පත්වී ඇති ජනාධිපති තුමා දෙවරක් අගමැතිකම වසර 5 සම්පූර්ණ කරන්නට පෙර අහිමි කරගත්තේ කොටි හුරතල් කරන්න ගිහින්. දැන් නැවත ඒ සෙල්ලමම පටන් අරන්. ඔය මොනවා දුන්නත් ඒ මිනිසුන් වෙනස්වන පාටක් නෑ.
මෙම ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභා ඇතිකලේ ජනතා අවශ්‍යතාවක් නිසා නොව ලංකාවේ දියුණුවක් නොරිස්සූ රජිව් ගාන්ධිගේ අවශ්‍යතාව නිසා තමයි එම අවස්තාවේ ප්‍රශිද්ධ වුනේ එය ජනමතයක් මගින් අනුමත කරන්න ඕන කියලා නමුත් තවමත් එය ක්‍රියාත්මක කලේ නැහැ එනිසා ජනමතයක් මගින් අනුමත නොවුනොත් ක්‍රියාත්මක කිරීම නොකලයුතුය
උතුරේ ජනතාවගේ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට නම් උතුරේ මෙන්ම දකුණේත් දේශප්‍රේමිත්වයට මුවාවී රට දෙකඩ කිරීමට උත්සහ කරනාවූ අවස්ත්වාදී අන්තවාදී දේශපාලන කණඩායම් පරාජය කරමු
උසි විමලේ උසි.......
මිනිස්සුන්ට කන්න නැතුව පන බේරගන්න දඟලනවා. මේගොල්ල මේ මගුලක් කියවනවා.
තක්කඩි නායකයන්ගේ බලයේ ඉන්න තියෙන තණ්හාවට රට බෙදන්න කරන දේවල්.
පණික්කයා නලාව ගහන්න පටන් අරන් වගේ.... ඡන්දේ ලඟයි නේ...
ජයග්‍රහණය ළඟාවෙද්දී එයට අකුල් හෙලපු අය කවුද කියලා මිනිස්සුන්ට තවම මතක්වෙලා නැහැ.
මහමුහුදට අතාරින්න ඕනේ... අසමත්ජාතීන්...
හරියට හරි . අපි ඔබේ පැත්තේ, විරුද්දත්වය ප්‍රකාශ කරන්න. දෙමල ඡන්ද බලාපොරෝත්තුවෙන්න එපා.