IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බාල සිරින්ජර ගෙනවිත් කෝටි 2ක් වතුරේ

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

චීනයෙන් ආනයනය කර වෛද්‍ය සැපයුම් අංශයට සපයා තිබූ සිරින්ජර( Hypodermic syringes 5ml and 10ml) ලක්ෂ 60 ක ප්‍රමාණයක් තත්වයෙන්  අසමත්වීම හේතුවෙන්  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට රුපියල් කෝටි දෙකකට ආසන්න පාඩුවක් සිදුවී ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ.

මේ අලාභය සැපයුම්කරුගෙන් අය කර ගැනීමට සංස්ථාව   2021 වසරේ සැප්තැම්බර් 20 වැනිදා වනවිටත්  අපොහොසත්වී තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම සිරින්ජර  තොගය චීනයෙන් ආනයනය කර ඇතැයි පැවසෙන්නේ  2005 වර්ෂයේදීය.

සංස්ථාවේ ආනයන කළමනාකාරිනිය මේ සම්බන්ධයෙන් පැවැත්වුණු විනය පරීක්ෂණ දෙකකින් වැරදි කාරියවී  අලාභය  සඳහා වගකීමට යටත් කර 2019 වර්ෂයේ මැයි 15 වැනිදා  ඇයට එරෙහිව විනය  නියෝගයක්ද නිකුත් කර තිබූ බව විගණන  වාර්තාවේ දැක්වේ.

මේ අතර වෛද්‍ය සැපයුම් අංශය විසින් තාවකාලිකව ප්‍රතික්ෂේප කෙරුණු වෛද්‍ය සැපයුම් අයිතම 7ක පිරිවැයවූ  රුපියල් තුන් කෝටියකට වැඩි මුදලක් හා හානිවී තිබූ වෛද්‍ය සැපයුම් අයිතම හයක පිරිවැයවූ රුපියල් හාර ලක්ෂයකට වැඩි මුදලක්  2021 වර්ෂයේ සැප්තැම්බර් 30 වැනිදා වනවිටත් අය කර ගැනීමට සංස්ථාව  අපොහොසත්ව තිබූ බව   විගණන  අංශ පවසයි.

මේ තොරතුරු සඳහන් වන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2020 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.



අදහස් (1)

බාල සිරින්ජර ගෙනවිත් කෝටි 2ක් වතුරේ

Bamunuarachchi Wednesday, 18 January 2023 09:38 PM

මේක බ්‍රහ්ම කෙළියක්නේ බඩු මිලට අරගෙන අවසන් වෙලාද තත්ව පරික්ෂාව කරන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 246 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site