IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බන්ධනාගාර කමිටු - විජයදාස අතර හමුවක්

(විමුක්ති එස් රුද්‍රිගු)

සිරකරුවන්ට පොදු සමාව ලබාදීම, සිරකරු තදබදයට විසදුම් සෙවීම ඇතුළු  බන්ධනාගාර කටයුතු පිළිබදව ක්‍රියා කිරීම සදහා පත් කර ඇති බන්ධනාගාර මූලස්ථාන කමිටුව, එල්.ටී.ටී.ඊ සිරකරුවන් සම්බන්ධ උපදේශන කමිටුව හා බන්ධනාගාර බලපත්‍ර මණ්ඩල කමිටුව යන කමිටුවල නිලධාරීන් සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද(16) පෙරවරුවේ පැවැත්විණි.

මේ වන විට මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ පවතින සිරකරු තදබදය අවම කිරීම, පොදු සමාව ලබාදිය  හැකි සිරකරුවන් සම්බන්ධව ක්‍රියා කිරීම, බන්ධනාගාර සිරකරුවන් පිළිබදව කටයුතු කිරීමේදී පවතින නීතිමය බාධාවන් හා ඒ සදහා විසදුම් සෙවීම මෙන්ම අදාළ කමිටු විසින් ගෙන ඇති පියවර පිළිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, හිටපු අගවිනිසුරු අශෝක සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති) පියුමන්ති පීරිස්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය යන මහත්ම මහත්මීන් ඇතුළු අධිකරණ අමාත්‍යාංශය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව නියෝජිනය කරමින් නිලධාරීන් මෙම සාකච්ඡාවට එක් විය.



අදහස් (0)

බන්ධනාගාර කමිටු - විජයදාස අතර හමුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 246 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site