(යොහාන් භාසුර)
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා පළාත් පාලන මැතිවරණයට ඇප භාරනොගන්නා ලෙස කළ නියෝගය හිස් නියෝගයක් වුවද එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමුඅමුවේ උල්ලංගණ කිරීමක් බවත් ඔහු රටේ කීර්තිනාමයට කළ විනාශ පිළිබඳව ‘මහජන ආරක්‍ෂක’ නඩු නිමිතක් ආරම්භ කිරීමට සූදානම් බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (16) පැවසීය.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා කළ එම නීතිවිරෝධී නියෝගයෙන් රටට විශාල හානියක් වූ බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එය වසර තුනක් හිරගත කළ හැකි වරදක් බව ද සඳහන් කළේය.
හපුහින්න ලේකම්වරයා මැතිවරණ කොමිසමෙන් සමාව ගැනීම ප්‍රමාණවත් නොවන නිසා අධිකරණය ඉදිරියේ වරද පිළිගෙන සමාව ඉල්ලා සිටිය යුතු බවත් කැබිනට් මණ්ඩලයේ නීති විරෝධි නියෝගය ක්‍රියාත්මක කරනවා නම් එයට පෞද්ගලිකව වගකිවයුතු බවත් මහා චාර්යවරයා සඳහන් කළේය.
අමාත්‍යංශ ලේකම්වරයෙක්ට නීතිවිරෝධී නියෝග දීමේ කිසිඳු අයිතියක් කැබිනට් මණ්ඩලයට නොමැති බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එම නියෝගය හිස් කොළයක් ලෙස සැළකිය නොහැකි බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
246
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පරිපාලන ලේකම් අධිකරණයට ගෙනආ යුතුයි
ranjith Monday, 16 January 2023 06:24 PM
ලංකාවේ රාජ්‍ය පරිපාලන සේවයේ තත්වය අද දෙකේ කොලේට වැටිලා. ඉන්දියාවේ පරිපාලන සේවය ගැන ටිකක් හොයලා බලන්නකෝ. ඉන්දියාවේ දේශපාලකයින්ට වඩා පරිපාලන සේවා නිලධාරීන්ට පිලිගැනීමක් තියෙනවා.