(ඩයනා උදයංගනී)
පළාත් පාලන ආයතන බහුතර ප්‍රමාණයක් සඳහා ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලෙස ‘අත’ ලකුණ යටතේ තරඟ කිරීමට එම පක්‍ෂය තීරණය කර ඇත.
දිස්ත්‍රික්ක කිහිපයකට පමණක් පසුගියදා පිහිටුවා ගත් නිදහස් ජනතා සන්ධානය යටතේ ‘හෙලිකොප්ටරය’ ලකුණින් තරඟ කිරීමට ද ශ්‍රී.ල.නි.පය තීරණය කළ බව පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ මහතා පැවසීය.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම හැර සෙසු පළාත් පාලන ආයතන සඳහාත්, පුත්තලම සහ අම්පාර වැනි දිස්ත්‍රික්කවලත් හෙලිකොප්ටරය ලකුණ යටතේ සන්ධානයක් ලෙස තරඟ කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ දේශපාලන මණ්ඩලය පක්‍ෂ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී මෙම තීරණය ගත් බව ද ගුණසිංහ මහතා කීවේය.
ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලෙස අත ලකුණ යටතේ තරඟ කිරීමට ඇප මුදල් තැන්පත් කිරීම ද අද (16) සිදුකෙරිණි.
ගාල්ල දිස්ත්‍රික්කය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම හෙට (17) සිදුකෙරෙන බව ද ගුණසිංහ මහතා සඳහන් කළේය.
ආණ්ඩු පක්‍ෂයෙන් ඉවත් ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු දේශපාලන පක්‍ෂ හා කණ්ඩායම් 12ක් එක්ව පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහා නිදහස් ජනතා සන්ධානය එළිදැක්වූයේ ඉකුත් 11 වැනිදාය.
එසේ වුවත් නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේ දී මතු වූ ගැටලු හා පක්‍ෂයට වාසිදායී පළාත් පාලන ආයතනවලදී වෙනම තරඟ කළ යුතු බවට පාක්‍ෂිකයන් කරන ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙලෙස බහුතරයක් ආයතනවලට වෙනම තරඟ කිරීමට තීරණය කළ බව ද තිසර ගුණසිංහ මහතා පැවසීය.
නව සන්ධානයේ පක්‍ෂ නායකයන් අතර සාකච්ඡාවක් අද (16) පස්වරුවේ පැවැත්වීමට නියමිත අතර, එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙම තීරණය එම පක්‍ෂ නායකයන්ට දැනුම්දීමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 18
247
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පළාත් පාලන ආයතන බහුතරයකට ශ්‍රී.ල.නි.පය වෙනම එයි
Lalith P Monday, 16 January 2023 05:57 PM
අපෝ වැඩක් නැහැ... ලෝකයාම දන්නවා පක්ෂ නායකයාගේ කෙරුවාව හා අදක්ෂතාව... ඉතින් මහන්සි වෙලා වැඩක් නැහැ... ඔහේලාට ඇපත් නැතුව යනවා...
Lalla Monday, 16 January 2023 11:18 PM
ලංකාව විනාශ කරන්න බණ්ඩාරනායක අටවගත්ත අටමගලය නොහොත් ශ්‍රීලනිප ය රටට කල හානිය ආපසු හරවන්න බැරි දෙයක්.