
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරින් කල්පිටිය ඒත්තාල ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී ලක්ෂ 150 කට වැඩි වටිනාකමකින් යුත් එන්සාල් තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු හා වාහන දෙකක් අත් අඩංගුවට ගත් බව කියයි.
අදාල එන්සාල් තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් නීති විරෝධි ලෙස රැගෙන විත් පසුව කල්පිටිය ඒත්තාල ප්‍රදේශයේ සඟවා තබා පසුව එය ලෙලි නොගැසු පොල් තොගයක් තුළ සඟවා කොළඹට ප්‍රවාහනය කරමින් තිබියදී කල්පිටිය විජය නාවික හමුදා කදවුරේ බුද්ධි නිළධාරින් ලබා දුන් තොරතුරකට පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් විසින් 16 අලුයම අත් අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එනසාල් ඇල්ලුවොත් තමයි..... හැබැයි රටට අයිස්, කොකේන්, හෙරොයින් එනවා කන්ටේනර් ගණන් අල්ලන්න STF එකටවත් බෑ .......
අයිස් කොකේන් තමයි අල්ලන්න බැරි
දැන් ඔය එනසාල් තොගය දිරල විනාශ වෙනකම්ම නඩු භාණ්ඩ කියල තැන්පත් කරයි. අපේ නඩු එහෙමනේද? ක්‍රමයක් හැදෙන්න ඕන නේද ඕව විනාශ නොවී වැඩට ගන්න. රටේ ධනය....