(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගයට බලය තිබෙන ප්‍රාදේශීය සභා තුළ සිටින මන්ත්‍රීවරු සඳහා ඉදිරියේ දී ආචාර ධර්ම පද්ධතියක් ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එම ආචාර ධර්ම පද්ධතිය කඩ කළහොත් මන්ත්‍රීකම නැති වන ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් ලබා ගන්නා බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
එසේම ඔවුන්ට කොන්ත්‍රාත් කිරීම තහනම් කරන බවත් විනීත හා ශිෂ්ඨ සම්පන්න මන්ත්‍රීවරු පිරිසක් බිහි කිරීම වෙනුවෙන් මෙම කටයුතු මෙහෙයවන බවත් පදවි ශ්‍රී පුර පැවැති ජන හමුවක් අමතමින් ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ දෙයක්... සෑම පක්ෂයකම මෙවන් යහපත් දේවල් හඳුන්වා දීම වැදගත්...
මන්ත්‍රීවරු කොන්ත්‍රාත් ගන්නේ ඔවුන්ගේ නමින් නොවේ. සජිත් ඒකවත් දන්නේ නැතිද?
මෙන්න කුකුලුවන්ට කෙලින් යන්න උගන්වනව. ඕක කරන්න බැරි වැඩක්, දැනටමත් ඔය අය සභාපති වෙලා පාරවල් කොන්ත්‍රාත් ගගන්න හැටි, පස් බිස්නස් , අරව මේව පාස් කරල ගනුදෙනු හොයල උදව් කරපු අයට සලකන්න ප්ලෑන් කරල ඇති. ඔබ තුමාත් වෙනස් වෙලා නැහැ, පොරොන්දු දේශපාලනයම ගෙනියනවා හැර රටේ එක කම්හලක් අරඹල ඩොලරයක් හොයන හැටි කියනවද? කාවද අල්ලගෙන බස් බෙදල තාත්ත වගේ මහා ප්‍රචාරයක් දෙනව. ඔවට සලකන්න ගියහම ඔබ තුමාගෙ නීති ඔබතුමාටම කඩන්න වෙනව සහතිකයි.
ඇත්තටම ඔවුන්ගෙන්, නිදන් හැරීමෙන් සහ හොර සල්ලි අච්චු ගැසීමෙන් වැලකී සිටින ලෙස පොරොන්දු ගන්නේ නම් ඔවුන් මහත්මා ගතිගුණ ඇති යහපත් පුරවැසියන් වී මේ රටට කාලයට සුදුසු සමාජ සේවකයන් වනු නියතයි .
ඔක්කොටම කලින් ඔයා කියන්න ඔය බෙදන බස් ඇලඩින්ගේ පුදුම පහනින් මවනවද නැත්නම් කොල්ලා කාලේ හාරවපු කැලේ නිධානයකින් ගත්තු සල්ලි වලින් ගන්නවද එහෙමත් නැත්නම් ජාවාරම් කාරයෙක්ගේ සපෝට් එකෙන් අරගෙන බලයට ආවට පස්සේ පොලියත් එක්ක ගෙවන්න පොරොන්දුවට ගත්ත සල්ලිද කියාලා. කරුණා කරලා අපිට දැනගන්න සලස්වන්න. ජනතාවට සිද්ධ වෙන්නේ හැමදාම රැවටෙන්න. මොකද දැක්කනේ ගෝඨාට වෙච්ච දේ. ඡන්දෙට ගත්තු වියදම් සල්ලි පියවන්න සිනි ජාවාරම් කාරයන්ට රට හූරන් කන්න දීල මහා විනාශයක් රටට කළා.
එහෙම නම් සජිත් මහත්තයාට බෙහෙතකට එක අපේක්ෂකයෙක් හොයාගන්න ලැබෙන එකක් නැහැ.