(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගයට බලය තිබෙන ප්‍රාදේශීය සභා තුළ සිටින මන්ත්‍රීවරු සඳහා ඉදිරියේ දී ආචාර ධර්ම පද්ධතියක් ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එම ආචාර ධර්ම පද්ධතිය කඩ කළහොත් මන්ත්‍රීකම නැති වන ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් ලබා ගන්නා බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
එසේම ඔවුන්ට කොන්ත්‍රාත් කිරීම තහනම් කරන බවත් විනීත හා ශිෂ්ඨ සම්පන්න මන්ත්‍රීවරු පිරිසක් බිහි කිරීම වෙනුවෙන් මෙම කටයුතු මෙහෙයවන බවත් පදවි ශ්‍රී පුර පැවැති ජන හමුවක් අමතමින් ඔහු පැවසීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පුංචි ඡන්දයෙන් පත්වන මන්ත්‍රීවරුන්ට සජිත්ගෙන් නීති මාලාවක්
nanda Monday, 16 January 2023 08:06 PM
ඉතා හොඳ දෙයක්... සෑම පක්ෂයකම මෙවන් යහපත් දේවල් හඳුන්වා දීම වැදගත්...
නිමල් Monday, 16 January 2023 08:20 PM
මන්ත්‍රීවරු කොන්ත්‍රාත් ගන්නේ ඔවුන්ගේ නමින් නොවේ. සජිත් ඒකවත් දන්නේ නැතිද?
සෙසෙනෙවිරත්න Monday, 16 January 2023 09:21 PM
මෙන්න කුකුලුවන්ට කෙලින් යන්න උගන්වනව. ඕක කරන්න බැරි වැඩක්, දැනටමත් ඔය අය සභාපති වෙලා පාරවල් කොන්ත්‍රාත් ගගන්න හැටි, පස් බිස්නස් , අරව මේව පාස් කරල ගනුදෙනු හොයල උදව් කරපු අයට සලකන්න ප්ලෑන් කරල ඇති. ඔබ තුමාත් වෙනස් වෙලා නැහැ, පොරොන්දු දේශපාලනයම ගෙනියනවා හැර රටේ එක කම්හලක් අරඹල ඩොලරයක් හොයන හැටි කියනවද? කාවද අල්ලගෙන බස් බෙදල තාත්ත වගේ මහා ප්‍රචාරයක් දෙනව. ඔවට සලකන්න ගියහම ඔබ තුමාගෙ නීති ඔබතුමාටම කඩන්න වෙනව සහතිකයි.
Saththaya Monday, 16 January 2023 10:05 PM
ඇත්තටම ඔවුන්ගෙන්, නිදන් හැරීමෙන් සහ හොර සල්ලි අච්චු ගැසීමෙන් වැලකී සිටින ලෙස පොරොන්දු ගන්නේ නම් ඔවුන් මහත්මා ගතිගුණ ඇති යහපත් පුරවැසියන් වී මේ රටට කාලයට සුදුසු සමාජ සේවකයන් වනු නියතයි .
kamalTuesday, 17 January 2023 10:17 AM
ඉබ්බෝ පියාඹනකම් බලාගෙන ඉන්න...
චන්දිම Tuesday, 17 January 2023 06:53 AM
ඔක්කොටම කලින් ඔයා කියන්න ඔය බෙදන බස් ඇලඩින්ගේ පුදුම පහනින් මවනවද නැත්නම් කොල්ලා කාලේ හාරවපු කැලේ නිධානයකින් ගත්තු සල්ලි වලින් ගන්නවද එහෙමත් නැත්නම් ජාවාරම් කාරයෙක්ගේ සපෝට් එකෙන් අරගෙන බලයට ආවට පස්සේ පොලියත් එක්ක ගෙවන්න පොරොන්දුවට ගත්ත සල්ලිද කියාලා. කරුණා කරලා අපිට දැනගන්න සලස්වන්න. ජනතාවට සිද්ධ වෙන්නේ හැමදාම රැවටෙන්න. මොකද දැක්කනේ ගෝඨාට වෙච්ච දේ. ඡන්දෙට ගත්තු වියදම් සල්ලි පියවන්න සිනි ජාවාරම් කාරයන්ට රට හූරන් කන්න දීල මහා විනාශයක් රටට කළා.
සෙනෙවිරත්න Tuesday, 17 January 2023 03:42 PM
කයිවාරුව දෙගොඩතලා යනව. මෙහෙම අය නායකයො උනොත් රටම ඉවරයි.
Aravinda Monarawila Tuesday, 17 January 2023 10:51 AM
එහෙම නම් සජිත් මහත්තයාට බෙහෙතකට එක අපේක්ෂකයෙක් හොයාගන්න ලැබෙන එකක් නැහැ.