(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය ඉදිරිපිට දී පසුගිය වසරේ මැයි මස 9 වෙනිදා වැනිදා පැවති ජන අරගලයේ දී අරගලකරුවන් අතර දී ඇතිවූ සිද්ධියකදී හිස් කබලට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අරගලයේ ක්‍රියාකාරිකයකු බවට සැලකෙන යුද හමුදා විශ්‍රාමික කමාන්ඩෝ සෙබළකු මිය ගිය බව කොටුව පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ මාතර දෙවිනුවර වැලිමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි ඩී.ජේ.එල්. ජයසේන නමැත්තෙකි.
ජනාධිපති මන්දිරය වැටලීමට ගිය බව කියන අවස්ථාවේ අරගලකරුවන් අතර සිටියදී ඇතිවූ සිද්ධියකදී ඔහුගේ හිස් කබලට බරපතළ තුවාල සිදු වීමෙන් රෝහල් ගත කර සිටි අයෙක් යැයි කොටුව පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
කොළඹ ජාතික රෝහලේ දී හිසෙහි සිදු කර ලද සැත්කමකින් පසු කාලයක් ප්‍රතිකාර ලබා ජයසේන මහතා රෝහලින් පිටව ගොස් සිටි අයකු යැයිද පොලිසිය සඳහන් කරයි.
නිවසේ සිටින අතරවාරයේ රෝගාතුර වූ ජයසේන මහතා පසුගිය දෙසැම්බර් මාසයේ 19 වෙනිදා යළි කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි ද එම පොලිස් නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගලයට ජයවේවා. ඔබට නිවන් සුව අත්වේවා.
ඔබ වීරයෙක් . අරගලයට ජයවේවා
නිවන් සුව...!