IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


විමල්ට එරෙහි නඩුවක් පෙබරවාරි 28ට කල්යයි

(මනෝප්‍රිය ගුණසේකර)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රජයේ සේවකයින් වශයෙන් අර්ථකථනය කර නොමැති හෙයින් අල්ලස් පනත යටතේ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව නඩු පැවරීමට නොහැකි බවට ඉදිරිපත් කළ මූලික විරෝධතාවය සම්බන්ධයෙන් තීන්දුව පෙබරවාරි 28 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (16) දින නියම කළේය.

වසර 10ක කාලයක් තුළ සිය නීතී්‍යානුකූල අදායම් හා වත්කම් වලින් උපයාගත නොහැකි වු රුපියල් මිලියන 75 කට අධික මුදල් හා වත්කම් උපයා ගත් බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට ඉදිරිපත් වු මුලික විරෝධතාවය සම්බන්ධයෙන් ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව මෙම නඩුව පවත්වාගෙන යෑමට හැකිද? නොහැකිද? යන්න සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා විනිසුරුවරයා එලෙස දින නියම කළේය.

2009 වසරේ සිට 2019 වසර දක්වා කාල සීමාව තුළ සිය නීත්‍යානුකූල අදායම් හා වත්කම් වලින් උපයාගත නොහැකි වු රුපියල් මිලියන 75 කට අධික මුදල් හා වත්කම් උපයා ගත් බවට යහපාලන රජය සමයේ හිටපු අමාත්‍ය විමල් වීරවංශට මහතාට අල්ලස් කොමිසම චෝදනා නඟා ඇත.

ආදායම අභිබවා රුපියල් මිලියන 75 කට අධික වත්කම් සහ මුදල් අත්පත් කර ගැනීම තුළින් විත්තිකරු විසින් අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කොට ඇති බවද අල්ලස් කොමිසම දැනුම් දී ඇත.

වසර 10ක කාලයක් තුළ සිය නීතී්‍යානුකූල අදායම් හා වත්කම් වලින් උපයාගත නොහැකි වු රුපියල් මිලියන 75 කට අධික මුදල් හා වත්කම් උපයා ගත් බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහි නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රජයේ සේවකයින් වශයෙන් අල්ලස් පනත යටතේ අර්ථකථනය කර නොමැති හෙයින් තම සේවාදායකයාට එරෙහිව අල්ලස් පනත යටතේ නඩු පැවරීමට හැකියාවක් නැතැයි මුලික විරෝධතාවයකක් මතු කළේය.

අල්ලස් කොමිසම මේ සම්බන්ධයෙන් වු විරෝධතාවයන් ලිඛිතව ඉදිරිපත් කෙරිණී.

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා මෙලෙස දින නියම කළ විනිසුරුවරයා නඩුව ලබන මස 28 වැනිදා යළි කැඳවීමට නියම කළේය.

පැමිනිලිකාර අල්ලස් කොමිසම වෙනුවෙන් නීතීඥ දිස්නා ගුරුගේ මහත්මිය සමඟ අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මහත්මිය පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙනී සිටියේය.



අදහස් (1)

විමල්ට එරෙහි නඩුවක් පෙබරවාරි 28ට කල්යයි

සෙනෙවිරත්න Monday, 16 January 2023 09:30 PM

අයියෝ මෙහෙමත් නඩු කල්යන රටක්,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 246 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site