(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරැල්ලේ පෞද්ගලික රෝහලක සිදු කළ බව කියන වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරීන් දෙදෙනකු ඇතුළු තිදෙනකු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ජාවාරමට ආධාර අනුබල දුන් ප්‍රධාන තරව්කරුවකු සහ ව්‍යාජ ලේඛණ සකස් කර ඒ සඳහා ආධාර අනුබල දුන් ග්‍රාම නිලධාරීන් දෙදෙනකු මෙලෙස අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශයේ පවසයි.
ප්‍රධාන තරව්කරූ ආමරවීදිය ප්‍රදේශයෙන් ද , ග්‍රාම නිලධාරීන් දෙදෙනා රාජගිරිය සහ කඩුවෙල යන ප්‍රදේශවලින් ද අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර ග්‍රාම නිලධාරීන් දෙදෙනා කොළොන්නාව සහ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රාදේශීය බල ප්‍රදේශයේ ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරීන් බවද පොලිසිය සඳහන් කරයි.
දිළිඳු පුද්ගලයන් රවටා මුදල් ලබා දෙන බව පවසමින් මෙම ජාවාරම සිදුකර ගෙන ගොස් ඇති බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd