IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


ප්‍රභූ නොවන පිරිසකගේ ප්‍රභූ ලේබල් ගැලවේ

බිමල් ශ්‍යාමන් ජයසිංහ

ප්‍රභූ පුද්ගලයන් යැයි හඳුන්වා දීමට ව්‍යාජ ලෙස ස්ටිකර් අලවා ආලෝක පද්ධති සකස් කර මාර්ගයේ ධාවනය කිරීම සම්බන්ධයෙන් පොලිස් භාරයට ගත් ඩිෆෙන්ඩර් රථ ඇතුළු සුඛෝපභෝගී වාහන හය නැවත එම පුද්ගලයන් වෙත භාරදීමට කටයුතු කළ බව කළ බව බොරැල්ල පොලිසිය කියයි.

එම වාහන වල අලවා තිබූ ස්ටිකර් සහ සවිකර තිබූ ආලෝක සංඥා පද්ධති ගලවා ඉවත් කළ බව පොලිසිය කියයි

ප්‍රභූ වාහන සහ ආරක්ෂක අංශ යොදා ගන්නා ආලෝක සංඥා භාවිතා කරමින් ඩිපෙන්ඩර් රථ 6 ක් රාජගිරිය සිට ඩි එස් සේනානායක පෙදෙස හරහා බොරැල්ල දෙසට එක පෙලට ධාවනය වන බවට නාගරික රථවාහන අංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි නාමල් පුෂ්පකුමාර මහතාට ලද තොරතුරු කොට අනුව බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් එම පිරිස අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඔවුන් ප්‍රභූන් නොවන පුද්ගලයන් බවට අනාවරණය වීමෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට ගැනිණි

අත්අඩංගුවට ගත් එම මෙම පුද්ගලයන් බොරැල්ල කුරුඳුවත්ත අවට ප්‍රදේශවල පදිංචි කෝටිපති ව්‍යාපාරිකයන් ගේ පුතුන් බවට පොලිසිය සඳහන් කරයි

වයස අවුරුදු 20ත් 30ත් අතර පසුවන්නන් වේ

ප්‍රභූ ස්ටිකර් සහ ආලෝක සංඥා භාවිතා කළ හැක්කේ ප්‍රභූ පිරිසට සහ ආරක්ෂක අංශ වලට පමණක් බවත් ඒවා සාමාන්‍ය වැසියන්ට භාවිතා කිරීම තහනම් කර තිබියදී මෙම පුද්ගලයන් ඒවා භාවිතා කරමින් සාමාන්‍ය වැසියන්ට මාර්ගය අවහිර වන පරිදි කටයුතු කර ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

 



අදහස් (13)

ප්‍රභූ නොවන පිරිසකගේ ප්‍රභූ ලේබල් ගැලවේ

යකාගෙ නීතිය Monday, 16 January 2023 09:42 PM

අහින්සක ත්‍රීවීල් කාරයෙක් එහෙම සද්දෙට සින්දු දාගෙන වැඩිපුර ලයිට් ටිකක් වටේට හයිකර ගත්තනම් තමයි අමාරුව. එහෙනම් ත්‍රීවීලර් එකත් පොලීසියෙ ලයිසනුත් කැන්සල් නඩුත් දාල දඩත් ගහල.

:       0       18

Nandalal DE SILVA - France Monday, 16 January 2023 10:20 PM

පාරේ යන මිනිහෙක් මේ වගේ දෙයක් කළා නම්, පොලිසියෙන් සහ යුක්තියෙන් ඔහුව හිරේ දාලා ලොකු දඩයක් දෙනවා. මෙය සාමාන්‍ය ජනතාවගේ සහ පොදු මාර්ග භාවිත කරන සාමාන්‍ය වාහනවල ආරක්‍ෂාව බරපතළ ලෙස උල්ලංඝනය කිරීමකි.

:       0       15

Nimal Monday, 16 January 2023 10:24 PM

රටට මෙලෝ වැඩක් නැති නාස්තිකාර මිනිස්සු.

:       0       13

nihal Monday, 16 January 2023 11:38 PM

ලංකාවේ කිසිම කෙනෙක් ප්‍රභූ නොවෙති.

:       0       22

Kumara Tuesday, 17 January 2023 02:32 AM

සිරි ලංකාවේ පොලීසියට පුළුවන් ද එය කියන ස්ටිකර් පාවිච්චි කරන්න පුළුවන් ප්‍රභූන් කියන අයව තෝරා ගන්නෙ කොහොමද කියලා?

:       0       15

Rasi Tuesday, 17 January 2023 05:35 AM

මෙ ලංකාවේ පුදුම ප්‍රශ්නයක් තමයි, තාත්තලට සල්ලි වැඩිවෙනකොට පුතාලට හැදෙන මේ රගන අමාරුව. මේ යන විදිහට තව අවුරුදු 100 ක් වත් යයි, මේවා නැති සමාජයක් හදාගන්න.

:       0       17

පැරකුම් Tuesday, 17 January 2023 06:07 AM

මේතරම් වරදක් කරලත් ඇයි දඩුවමක් නැත්තෙ? කෝටිපති තාත්තලා දඩය ගෙවන්න ඇති..

:       0       18

ප්‍රභූ Tuesday, 17 January 2023 06:21 AM

ප්‍රභූ කියලා පිරිසක් කොහොමත් නෑ. අපෙන් කන බොන හැත්ත ප්‍රභූ වෙන්නෙ කොහොමද

:       0       22

ලලිත් Tuesday, 17 January 2023 06:56 AM

එතකොට රටේ නීති දෙකක් ක්‍රියාත්මකද? ඔය ලයිට් එකෙන් මොණරාගල ඉඳලා කොළඹට මල් අදිනකොට ඔය නීතිය තිබුණේ නැද්ද. මේක අමුතු දිවයිනක්. ආයේ උපදින්න පතන්නවත් එපා. ලස්සනම රටක් විනාෂ කලා.

:       0       13

C.K.Lankaputhra Tuesday, 17 January 2023 06:58 AM

'සාමාන්‍ය වැසියන්ට භාවිතා කිරීම තහනම්'. එහෙම නම් වරදක් නොවෙයිද? වරදට දඬුවම් නැත්තේ ඔවුන් ප්‍රභු නොවුනත් ප්‍රභු පුතුන් සහ කෝටිපති ව්යාපාරිකයන් නිසාද? නීතිය ක්රියාත්මක වන අන්දම ගැන අපි අවදියෙන්.

:       0       11

Senith Tuesday, 17 January 2023 07:15 AM

කොටි පති පුත්තු නිසා වෙන්න ඇති පනිෂ්මෙන්ට් එකක් නැත්තේ.

:       0       14

kam Tuesday, 17 January 2023 10:30 AM

කවුද "ප්‍රභූන්" කියන්නේ? ඔවුන්ට අනික් මනුෂ්‍යයින්ට වඩා වෙනස් අවයව ඇති අයද? සමානව උපදින සියලු මිනිසුන්ට සමාන අයිතිවාසිකම් තිබිය යුතු අතර "ප්‍රභූ" යන වචනයද මාධ්‍යවලින් තුරන් විය යුතුයි. ඔවුන්ගේ විශේෂ අයිතිවාසිකම් අහෝසි කරන ලෙස ජනතාව උද්ඝෝෂණය කළ යුතු අතර මාධ්‍ය මගින් "දේශපාලුවන් සහ ඔවුන්ගේ අනුගාමිකයන්" වැනි වචනයක් භාවිතා කළ යුතුයි.

:       0       0

සෙනෙවිරත්න Tuesday, 17 January 2023 03:39 PM

ප්‍රභූ කියල කෙනෙක් නැහැ. ඒත් සමහර ඩිපෙන්ඩර් හැර වෙනත් සාමාන්‍ය වාහනවලත් රතු නිල් ලයිට් එක හයි කරල යන මානසික ව්‍යාධිකාරයො ඉන්නව. උන් අල්ලල පුනරුත්ථාපනය කරනවා හැර දඬුවම් වැඩක් නැහැ. මොකද උන් අතේ මිටේ මුදල් නැතත් මේ ජරා ක්‍රමයට කැමති උන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site