
බිමල් ශ්‍යාමන් ජයසිංහ
ප්‍රභූ පුද්ගලයන් යැයි හඳුන්වා දීමට ව්‍යාජ ලෙස ස්ටිකර් අලවා ආලෝක පද්ධති සකස් කර මාර්ගයේ ධාවනය කිරීම සම්බන්ධයෙන් පොලිස් භාරයට ගත් ඩිෆෙන්ඩර් රථ ඇතුළු සුඛෝපභෝගී වාහන හය නැවත එම පුද්ගලයන් වෙත භාරදීමට කටයුතු කළ බව කළ බව බොරැල්ල පොලිසිය කියයි.
එම වාහන වල අලවා තිබූ ස්ටිකර් සහ සවිකර තිබූ ආලෝක සංඥා පද්ධති ගලවා ඉවත් කළ බව පොලිසිය කියයි
ප්‍රභූ වාහන සහ ආරක්ෂක අංශ යොදා ගන්නා ආලෝක සංඥා භාවිතා කරමින් ඩිපෙන්ඩර් රථ 6 ක් රාජගිරිය සිට ඩි එස් සේනානායක පෙදෙස හරහා බොරැල්ල දෙසට එක පෙලට ධාවනය වන බවට නාගරික රථවාහන අංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි නාමල් පුෂ්පකුමාර මහතාට ලද තොරතුරු කොට අනුව බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් එම පිරිස අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඔවුන් ප්‍රභූන් නොවන පුද්ගලයන් බවට අනාවරණය වීමෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට ගැනිණි
අත්අඩංගුවට ගත් එම මෙම පුද්ගලයන් බොරැල්ල කුරුඳුවත්ත අවට ප්‍රදේශවල පදිංචි කෝටිපති ව්‍යාපාරිකයන් ගේ පුතුන් බවට පොලිසිය සඳහන් කරයි
වයස අවුරුදු 20ත් 30ත් අතර පසුවන්නන් වේ
ප්‍රභූ ස්ටිකර් සහ ආලෝක සංඥා භාවිතා කළ හැක්කේ ප්‍රභූ පිරිසට සහ ආරක්ෂක අංශ වලට පමණක් බවත් ඒවා සාමාන්‍ය වැසියන්ට භාවිතා කිරීම තහනම් කර තිබියදී මෙම පුද්ගලයන් ඒවා භාවිතා කරමින් සාමාන්‍ය වැසියන්ට මාර්ගය අවහිර වන පරිදි කටයුතු කර ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහින්සක ත්‍රීවීල් කාරයෙක් එහෙම සද්දෙට සින්දු දාගෙන වැඩිපුර ලයිට් ටිකක් වටේට හයිකර ගත්තනම් තමයි අමාරුව. එහෙනම් ත්‍රීවීලර් එකත් පොලීසියෙ ලයිසනුත් කැන්සල් නඩුත් දාල දඩත් ගහල.
පාරේ යන මිනිහෙක් මේ වගේ දෙයක් කළා නම්, පොලිසියෙන් සහ යුක්තියෙන් ඔහුව හිරේ දාලා ලොකු දඩයක් දෙනවා. මෙය සාමාන්‍ය ජනතාවගේ සහ පොදු මාර්ග භාවිත කරන සාමාන්‍ය වාහනවල ආරක්‍ෂාව බරපතළ ලෙස උල්ලංඝනය කිරීමකි.
රටට මෙලෝ වැඩක් නැති නාස්තිකාර මිනිස්සු.
ලංකාවේ කිසිම කෙනෙක් ප්‍රභූ නොවෙති.
සිරි ලංකාවේ පොලීසියට පුළුවන් ද එය කියන ස්ටිකර් පාවිච්චි කරන්න පුළුවන් ප්‍රභූන් කියන අයව තෝරා ගන්නෙ කොහොමද කියලා?
මෙ ලංකාවේ පුදුම ප්‍රශ්නයක් තමයි, තාත්තලට සල්ලි වැඩිවෙනකොට පුතාලට හැදෙන මේ රගන අමාරුව. මේ යන විදිහට තව අවුරුදු 100 ක් වත් යයි, මේවා නැති සමාජයක් හදාගන්න.
මේතරම් වරදක් කරලත් ඇයි දඩුවමක් නැත්තෙ? කෝටිපති තාත්තලා දඩය ගෙවන්න ඇති..
ප්‍රභූ කියලා පිරිසක් කොහොමත් නෑ. අපෙන් කන බොන හැත්ත ප්‍රභූ වෙන්නෙ කොහොමද
එතකොට රටේ නීති දෙකක් ක්‍රියාත්මකද? ඔය ලයිට් එකෙන් මොණරාගල ඉඳලා කොළඹට මල් අදිනකොට ඔය නීතිය තිබුණේ නැද්ද. මේක අමුතු දිවයිනක්. ආයේ උපදින්න පතන්නවත් එපා. ලස්සනම රටක් විනාෂ කලා.
'සාමාන්‍ය වැසියන්ට භාවිතා කිරීම තහනම්'. එහෙම නම් වරදක් නොවෙයිද? වරදට දඬුවම් නැත්තේ ඔවුන් ප්‍රභු නොවුනත් ප්‍රභු පුතුන් සහ කෝටිපති ව්යාපාරිකයන් නිසාද? නීතිය ක්රියාත්මක වන අන්දම ගැන අපි අවදියෙන්.
කොටි පති පුත්තු නිසා වෙන්න ඇති පනිෂ්මෙන්ට් එකක් නැත්තේ.
කවුද "ප්‍රභූන්" කියන්නේ? ඔවුන්ට අනික් මනුෂ්‍යයින්ට වඩා වෙනස් අවයව ඇති අයද? සමානව උපදින සියලු මිනිසුන්ට සමාන අයිතිවාසිකම් තිබිය යුතු අතර "ප්‍රභූ" යන වචනයද මාධ්‍යවලින් තුරන් විය යුතුයි. ඔවුන්ගේ විශේෂ අයිතිවාසිකම් අහෝසි කරන ලෙස ජනතාව උද්ඝෝෂණය කළ යුතු අතර මාධ්‍ය මගින් "දේශපාලුවන් සහ ඔවුන්ගේ අනුගාමිකයන්" වැනි වචනයක් භාවිතා කළ යුතුයි.
ප්‍රභූ කියල කෙනෙක් නැහැ. ඒත් සමහර ඩිපෙන්ඩර් හැර වෙනත් සාමාන්‍ය වාහනවලත් රතු නිල් ලයිට් එක හයි කරල යන මානසික ව්‍යාධිකාරයො ඉන්නව. උන් අල්ලල පුනරුත්ථාපනය කරනවා හැර දඬුවම් වැඩක් නැහැ. මොකද උන් අතේ මිටේ මුදල් නැතත් මේ ජරා ක්‍රමයට කැමති උන්.