(ළහිරු හර්ෂණ)

කොළඹ බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථාන පරිශ්‍රයේ පිහිටවූ "පෙරදිග දේශපාලන විද්‍යායතනය" චීන කොමියුනිස්ට් පක්ෂය ජාත්‍යන්තර කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය ඡන් චෝ සහ කොමියුනිස්ට් පක්ෂයේ අධ්‍යාපන ලේකම් අග ජයසේන යන මහත්වරුන් විසින් අද (16) පස්වරුවේ විවෘත කළහ.

මෙම අවස්ථාවට සර්වාගමික පූජකයින්, ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය චීන තානාපති හූ වෙයි මහතා, ශ්‍රී ලංකාවේ කුමන පක්ෂයේ සභාපති ඩිව් ගුණසේකර, ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, උත්තර ලංකා සභා සභාවේ සභාපති විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල,  ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය වීරසිංහ ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගීවිය.