IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මට වන්දි ගෙවන්න වුණේ මම කරපු වරදකට නෙවෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට කෝටි 10ක වන්දියක් නියම වූණේ තමා කළ වරදක් සඳහා නොව වෙනත් අය කළ  වරදක් වෙනුවෙන්  බව  හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය.

යම් ජනාධිපතිවරයකු පත් කළ නිලධාරියකු අතින් වරදක් සිදු වුවහොත් එහි වගකීම ඒ ජනාධිපති වරයාටද ඇති බව සඳහන් වන හෙයින් තමාට ඒ දඩ මුදල නියම වූයේ යැයිද  එවැනි සදහනක් නොතිබුණේ නම් තමා නිර්දෝෂී පුද්ගලයකු වන්නේ යැයිද ඔහු සඳහන් කළේය.

මෙපමණ විශාල වන්දි මුදලක් ගෙවීමට ප්‍රමාණවත් මුදලක් තමා සන්තකයේ  නැතැයි පැවසූ හිටපු ජනාධිපතිවරයා රටපුරා ලෝකය පුරා හිතවතුන්ගෙන් මෙන්ම පුළුපුළුවන් අයගෙන් ඒ සඳහා ආධාර උපකාර ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපතිවරයා මෙසේ  පැවසුවේ ආනයන අපනයන පාලන පනත යටතේ රෙගුලාසි සහ විදේශ විනිමය පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.



අදහස් (20)

මට වන්දි ගෙවන්න වුණේ මම කරපු වරදකට නෙවෙයි

Lalla Tuesday, 17 January 2023 03:56 PM

එතකොට ඒ කාලේ අගමැතිට ආරක්ෂක මණ්ඩල රැස්වීම තහනම් කලා කියපු කතාව බොරුද?

:       2       49

ravin Tuesday, 17 January 2023 04:06 PM

අනේ මගේ කට.

:       0       3

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 17 January 2023 04:38 PM

මේ ව්ගේ ජනාධිපති කෙනෙකු පත්කළ රටේ ජනතාවට තමයි ප්‍රථමයෙන්ම බුවල්ලෙන් තලන්න ඕනෑ ... උගත්කමේ හා සමාජ මට්ටමේ තරම තමයි මේ වගේ ප්‍රකාශ වලින් පෙනී යන්නේ ...

:       1       41

buurusimaaThursday, 19 January 2023 09:55 AM

සමාවෙන්න ,අපිත් මේ මෝඩයාට චන්දේ දුන්නා නේ

:       0       0

wedage Tuesday, 17 January 2023 05:00 PM

ඔය බබා ලෝකේ වටේ රවුම් ගහ ගහ හිටියා මිසක් මහජනතාව ගැන බැලුවේ නැහැ.

:       0       2

C.K.Lankaputhra Tuesday, 17 January 2023 05:22 PM

ඔව් ඒකෙත් ඇත්තක් නැත්තේම නැහැ. අනුන්ගේ උවමනාවක් පිරිමහන්න එතුමා නූල්සූත්රෙන් අරක හන්ගගන මේකෙන් කටයුතු කලා පමනයි.

:       0       1

G Gune Tuesday, 17 January 2023 05:35 PM

බෑණත් මාමන්ඩි එක්ක සිංගප්පූරුවට ගිහින් නැවකදි පොඩි ගණුදෙනුවක් කළා කියලා ආරංචියක් තියෙනවා. ඇත්තද දන්නේ නෑ !

:       0       2

Bamunuarachchi Tuesday, 17 January 2023 06:01 PM

සහතික ඇත්ත. මම ඔබවෙනුවෙන් කතා කර තිබෙනවා.

:       1       1

Bamunuarachchi Wednesday, 18 January 2023 09:14 PM

ඔබ කරපු වරදක් නැහැ. මේක අවුරුදු 1000 ගාණක් පැරණි රිස්තියානි - මුස්ලිම් ආගමික අරගලයක් යුද්ධයක්. අපේ ගොයියන්ට 2008 මුම්බායි හොටෙල් එකට පැන්න හම්බ ත්‍රස්තයින් කරපු විනාශය, නවසිලන්තේ හම්බයෙක් අල්ලා අක්බර් කියමින් මිනිස්සුන්ට පිහියෙන් ඇන්න එක මතක නැහැ. මොවුන්ගේ ආගමේ උගන්නන්නේ ආගම වෙනුවෙන් මිනිස්සු මරණ කෙනා ස්වර්ගයට යනවා කියලා.

:       0       0

lankasri Tuesday, 17 January 2023 06:24 PM

බලතලයි දීමනයි නම් අහස උසට භුක්තිවිදින්න ඇති. නමුත් තමන් දරපු තනතුරේ වගකීම ගැන මල පොතේ අකුරක් දන්නෙ නැතිවයි මේ කතා කරන්නෙ.

:       0       2

Sunil Tuesday, 17 January 2023 06:34 PM

එය බලපාන්නේ නොකළ වරද කෙතරම් බරපතලද කියන කාරනාව මතයි

:       0       1

පුලතිසි Tuesday, 17 January 2023 06:50 PM

කෙනෙකුට වගකීම පැවරුවත් වගවීම පවරන්න බැහැ. ඔබ කියන ආකාරයට කටයුතු වේනම් රට අරාජික වෙනවා කියලා කියන්න පුළුවන්

:       0       2

fairoos Tuesday, 17 January 2023 08:23 PM

කොන්ද පන නැති ජනාධිපති කෙනෙක් දැක්කමයි.

:       0       1

podiekaa Thursday, 19 January 2023 09:59 AM

විසිල් ගහගෙන එහාට මෙහාට දිවුවාට බල්ටි ගහන්න දන්නේ නැහැනේ

:       0       0

chandima Tuesday, 17 January 2023 11:31 PM

ලබන සැරේ චන්දයට එනවාට වෙන්න ඇති .මේ කාලේ හැම තැනම වෙන්නේ බළල්ලු ලවා කොස් ඇට බාවන එකනේ ?ගණන් ගන්න එපා ගෙදර ගිහින් කුඹුරු කොටන්න පටන්ගන්න .දන්නා කර්මාන්තය නේ?

:       0       1

ආතක් නෑ - පාතක් නෑ. Wednesday, 18 January 2023 12:16 AM

මහා සමිමත වංශයෙන් පටන් ගත් අපේ ඉතා ඉහල තලවල පදවි තානාන්තර තනතුරැ වලට, තුන් කල් දක්නා විමසුමි නුවණක් නැති, ලද පුරැද්දක්, කළ පුරැද්දක්, මතු නොව පළපුරැද්දක් නැති පිස්සන් පුස්සන් පත් කර ගෙන අපි දැං කනවෝ කනවෝ කිය කියා ආඩ පාලි නගනවා හැරෙන්න අපට කළමනා කිසිවක් නොමැති නියාවෙන් සෝ සුසුමි මුදා හරිමින් කල් මරමින් සිටීම එකම විකල්පය ලෙස තෝරා ගෙන සිටීද?

:       0       1

Marisipala Wednesday, 18 January 2023 04:22 AM

ඒක ඇත්ත මංත්‍රිතුමා ඒකට වගකියන්න ඕන ඔහේ නොවෙයි මොකද 2014 නැත්නම් ඊට පෙර දවසක ඔහේ වගාකල අලයක් ගලවා රූපවාහිනී හරහා රටට පෙන්වීම නිසා (මිනිස්සු හිතන්න ඇති 1994 තුනයි පනහට පාන් කෑව ඇති දැන් අල කනවා කියලා ) ඔබට රැවටී ඔහේට ඡන්දෙ දීලා ජනාධිපති කරපු ඡන්ද දායකයින් තමයි සම්පූර්ණයෙන්ම වැරැද්ද කරල තියෙන්නෙ.

:       0       2

Demuni Uduwara Wednesday, 18 January 2023 05:17 AM

මේ ඛේදවාචකය සියල්ලෝම කලින්ම දනිති, නමුත් වින්දිතයන් සහ පල්ලිය!

:       0       1

LGPJ Wednesday, 18 January 2023 06:00 AM

ඔබ මගේ පැත්තේ ආධාරකරුවෙක්ද?

:       0       1

චන්දන Wednesday, 18 January 2023 07:06 AM

ඇත්ත නෙ. වරද කලේ සහරාන් නෙ. මෙහෙම ජනාධිපතිලත් අපිට හිටියා නෙ. ආරක්ෂක මණ්ඩලය රැස් කරන්න ඕන බව දන්නෙ නැති ජනාධිපති පත්කරගත්න මූලික වුන සියලු දෙනාටම මෙවරවත් බුද්ධිය පහල වේවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site